Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ දිස්ත්‍රික් ලේකම්වරු සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය. ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%- 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව පැහැදිලි කළේය. රාජ්‍ය සේවය පිළිබඳ ජනතාවට පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බව කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ඊට හේතුවී ඇති බව පෙන්වා දුන්නේය. තෘප්තිමත් රාජ්‍ය සේවකයකු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ…
පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා දාහතරකට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එහෙත් මෙම කොමිෂන් 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසේ දේපළ හානි වීම් පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පමණක් බවද ඔහු සඳහන් කළේය. මේ අතර හිටපු ජනාධිපතිවරුන් රැක බලා ගැනීමට 2024 දී පමණක් රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් වැය කර ඇතැයිකී ජයතිස්ස මහතා රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හය දෙනාට කෝටි 37 කට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
බද්දෙගම ,මිරිස්වත්ත,මද්දෙවිල ප්‍රදේශයේ ඊයේ (27) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුමුවට පත්වී ඇතැයි බද්දෙගම පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ බද්දෙගම මද්දිවිල පදිංචි අයියමලෝ දෙදෙනෙකු වන උපුල් කුමාර (32) සහ අජිත් කුමාර (28)යන නමැත්තන්ය. පවුල් ආරවුලක් මේ ඝාතනයට හේතුව වන්නට ඇති බවද පොලීසිය කියයි. මේ අයියා,මලෝ දෙදෙනා ඝාතනය කොට ඇත්තේ තියුණු ආයුධවලින් කපා කොටා බවද පොලීසිය කියයි.
ඌරන් දඩයම් කිරීමට තැබූ වෙඩිල්ලකින් දැරියක මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙට්ටිපොළ මඟුලාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මගුලාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සන්තකයේ තිබී බෝර 12 ගිනි අවිය සහ හිස් කොපු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
පරිපාලන නිලධාරීන්ට විධායක ශ්‍රේණිය ලබාදීම සඳහා විටින් විට සකස් කළ සහ කැබිනට් මණ්ඩලය අනුමත කළ පත්‍රිකා 5 ක් එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක බලපෑමෙන් ක්‍රියාත්මක කිරීම නතර වී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩු කිහිපයක් යටතේ සකස් කර තිබූ එම කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඇතත් ක්‍රියාත්මක නොකිරීමට එම වෘත්ති සමිතියේ නායකයන් කටයුතු කරන කර තිබෙන බවද පැවසේ පරිපාලන තනතුරු වන ප්‍රාදේශීය සභා ලේකම්, රෝහල් ලේකම් අධ්‍යාපන විද්‍යා පීඨ ලේකම්, කාර්මික විද්‍යා ලේඛකාධිකාරී අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල පරිපාලන නිලධාරීන් මේ නිසා වසර 20 කට අධික කාලයක් තිස්සේ දැඩි අසාධාරණයට පත්ව සිටින බවද පැවසේ මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සමස්ත ලංකා…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010- 2014 දක්වා වසර හතරක කාලයේදී රුපියල් කෝටි තුන්සිය පනස් හතකට වැඩි මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (27) පැවසුවාය. රාජ්‍ය නායකයෙකු විදේශ සංචාර සඳහා වැය කළ වැඩිම මුදල එය බව පැවසූ අගමැතිවරිය ඔහු විදේශ සංචාර සදහා 2013 වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 114 කට වැඩි මුදලක් වැය කර ඇති බවද ප්‍රකාශ කළාය. අමරසූරිය මෙනවිය මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව සහ උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015-2019 අතර කාලයේදී විදේශ සංචාර වෙනුවෙන් රුපියල් තිස් අට කෝටියකට වැඩි මුදලක් වැය කර ඇති…
කෘතිම පාදයේ සඟවා හොරයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු පුද්ගලයකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. එම සැකකරු කෘතිම පාදයේ සඟවා තිබූ හොරයින් මත්කුඩුද පොලිස් භාරයට ගෙන ඇත. දකුණු පාදයට කෘතිම පාදයක් සවිකල හෝමාගම මුණසිංහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.දින කීපයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අවේක්ෂණ රාජකාරී යොදවා සිදු කළ සොයා බැලීමේදී ඔහු කෘතිම පාදයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම සිදු කරන බවට තහවුරු කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි ඒ අනුව ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන නිවස…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී බන්ධනාගාර භාරයේ පසුවන හරක් කටා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුණි. රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දුන්නේය. එමෙන්ම අදාළ නඩුව “ස්කයිප්” තාක්ෂණ විභාග කිරීමට අවසර දෙන…
මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්’, ‘මුල්‍යකරණය’ හෝ ‘මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඉන් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් හෝ, ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බංකුව අදාළ…
