Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ නැග ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ. රඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය වන බවද එම වාර්තාවේ සඳහන් වේ. සමස්ත රැඳවියන්ගෙන් සියයට පනස් තුනක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින අය බව වාර්තාව සඳහන් කරයි. බන්ධනාගාර 27ක වැසිකිළි 187 ක හිඟයක් පවතින අතර දැනට ඇති වැසිකිළිවලින් 287 ක් අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතින බව විගණන වාර්තාවේ දැක්වේ. බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් රැඳවියන් 1795…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එළඹෙන ජනාධිපතිවරණයේදී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට හෝ නොවීමට හැකියාව තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද සඳහන් කළේය. ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා…
බාලවයස්කාර දරුවකුගේ ඇඟිල්ලක් වෙන් වන අන්දමට කඩුවෙන් කොටා දින 11 තිස්සේ සැඟවී සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා ඊයේ (15) නියම කළේය. ඇඟිල්ල වෙන් වන අන්දමට දරුවාට කෙටු කඩුව සොයා ගැනීම සඳහා විමර්ශන කරන බව දැනුම් දෙමින් රාගම පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු මෙලෙස රිමාන්ඩ් බාරයෙය් රඳවා තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය. මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රාගම පොඩි වී කුඔුර ප්‍රදේශයේ පදිංචි ඇතීගේ දිලරුක් ප්‍රශශාන්ත සිල්වා නමැති තිදරු පියෙකි. සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රාගම පොලිසියේ නිලධාරීන් පසුගිය ජනවාරී මස…
මෙරට නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබේ. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් අණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය හමු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විමසා ඇත. උතුරු පළාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය,ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. චාල්ස් මහත්මිය එහිදි පවසා ඇත්තේ, උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහාත් රජය මේ…
කුලි රථ සේවා සපයන ආයතනයක සේවය කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි. යුක්තිය මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බළකාලයේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව එහි නිලධාරින් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ එඩේරමුල්ල පොලිස් වසමේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 25ක් සොයාගෙන තිබේ. අනතුරුව සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී කිරුළපන සහ පන්නිපිටිය ප්‍රදේශ තුළ සඟවා තිබු තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 332යි මිලිග්‍රෑම් 800ක ප්‍රමාණයක්, හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 300ක ප්‍රමාණයක් සහ මිලිමීටර් 9X9 වර්ගයේ උණ්ඩ 97ක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස්…
මහනුවර ජාතික රෝහලේ තරුණ වෛද්‍යවරියන්ගේ අඩ නිරුවත රූගත කළේ යැයි චෝදනා ලත් සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. මහනුවර ජාතික රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කුඩා කුටියක ඉතා සූක්ෂම ආකාරයෙන් නවීන ජංගම දුරකථනයක් සඟවා මෙම වීඩියෝ රූගත කිරීම සිදුකොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය සිදුකළ විමර්ශනයෙන් පසු හෙළිව ඇත. මෙම සෞඛ්‍ය කාර්ය සහායකවරයාද උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ සේවය කරන්නෙක් බව සඳහන් වන අතර ඉකුත් 12 දා මෙම ස්ථානයේ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියක ඉතාමත්…
හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයක නිරත වුණි. වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවය. “අද වනතුරු මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, මේ වෘත්තීන් කිසිවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වලා නෑ. ඒ නිසා පරිපුරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව, රෝහල් ලේකම්වරුන් සහ පරිපාලන නිලධාරින් ඒ වගේම සෞඛ්‍ය පරිපාලන සහකාරවරු සහ විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය සහයක සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංගම් 72ක් එකතුවෙලා ලක්ෂයකට ආසන්න සමාජිකයින්…
සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන්මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර ඇත. මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බව එම මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවෝ පෙන්වා දෙති. ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ලබන ජනවාරි මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත. මේ අනුව ස්කාරකාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වනු ඇත. එම ගාස්තුව මීට පෙර පැවතුණේ ලක්ෂ දහයක් වශයෙනි.
2024 වර්ෂයේදීත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 2022 වර්ෂයේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ඩොලර් මිලියන 300ක වියදමින් ආනයනය කළත් 2023 වර්ෂයේ දී මෙරටට සහල් ඇටයක්වත් ආනයනය කිරීමට අවශ්‍ය වූයේ නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. බරවකුඹුක කච්චිගල්ආරේ අපනයනය සඳහා වන පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ අරඹමින් අමාත්‍යවරයා මෙි බව කීය. මෙරට නිෂ්පාදනය කරන කොහුබත් හා පොල් කොහු සඳහා චීනයේ විශාල ඉල්ලුමක් පවතින අතර මීට අමතරව ඩුබායිවලින් ද ඉහළ ඉල්ලුමක් පවතින නිසා කොහුබත් හා පොල් කෙඳි නිෂ්පාද විදේශ විනිමය උත්පාදනය කරන කර්මාන්තයක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා…
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරන ‘මකර සන්ක්‍රාන්ති‘ සමඟ බැදී ඇති අතර ‘පොංගල්’ යන දමිළ වචනයේ අර්ථය ‘උතුරා යාම නොහොත් පිටාර ගැලීමය’ යන්නයි. එම අර්ථයත් සමඟ යමින් මැටි කළයක කිරි උතුරා යෑමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සුබ දසුනක් ලෙස හින්දු බැතිමත්හූ විශ්වාස කරති. ‘තෛපොංගල්’ යන වචනය ‘අස්වැන්න නෙලීමේ උත්සවය’ යන අර්ථය ද ගෙන දෙන අතර ඒ හේතුවෙන්ම මෙම උත්සවය සමස්ත ඉන්දියානුවන් සමරණ උත්සවයක් බවට පත්ව තිබේ. මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වැනිදා සිදුවන වන අතර කුම්භ සහ අර්ධ කුම්භ…