Author: LANKA24X7

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නල්ලතන්නිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී අදාළ මුදල් නෝට්ටු තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රීපාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියදුරෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, වෙළෙඳසැල් හිමියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත අදාළ පුද්ගලයාව පරීක්ෂා කර තිබේ. එහිදි ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 11ක් සහ ව්‍යාජ රුපියල් පන්සියයේ නෝට්ටුවක් සොයාගෙන තිබේ. සැකකරු පොලීසියට පවසා ඇත්තේ, තමාට වෑන් රථයේ ගමන් ගත් පිරිස මෙම මුදල් ලබාදුන් බවත් ව්‍යාජ මුදල් නෝට්ටු බව නොදැන එය ලබාගත් බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරු 43…

Read More

හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි. කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි. දකුණු අප්‍රිකාව පසුකර යන නැව්වලට පළමුවෙන් හමුවන වරාය කොළඹ වරාය වීමද තදබදය තවත් වැඩිවීමට හේතුවී ඇත. ඊළඟට හමුවන සිංගප්පූරුව…

Read More

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු අද (18) මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇති සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එහි වාට්ටු අංක 3හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මියගොස් ඇති රැඳවියා පසුගිය 9 දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කළේය. සති දෙකකට පෙර දින 4ක් තුළදී රැඳවියන් තිදෙනෙකු මියගොස් තිබූ බවද බන්ධනාගාර ආරංචි…

Read More

ඩොලර් පහේ දියර පොහොර බෝතලයට දෙගුණයක් ගෙවා ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය රහස් පොලිසියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරුණු වාර්තා කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. ඇමරිකා ඩොලර් පහට ආනයනය කළ හැකිව තිබූ දියර පොහොර බෝතලයක් සඳහා අවස්ථා දෙකකදී ඇමරිකා ඩොලර් 12.5ක් හා ඩොලර් 10ක් බැගින් ගෙවා ඉන්දියා සමාගමකින් ආනයනය කර රජයට රුපියල් කෝටි හැත්තෑ එකකට වැඩි පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.…

Read More

එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ සැල් පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය. කොළඹ පෑලියගොඩ මැනිං වෙළෙඳ සැලට පාරිභෝගිකයන් ගේ පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබූ අතර එළවළු තොග ලැබී තිබුණත් ඒවා මිලදී ගන්නට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා වෙළෙඳ කුටි පාළුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය. පෑලියගොඩ මැනිං වෙළෙඳ පොලේ (සිල්ලර මිල) බෝංචි කිලෝව රුපියල් 1100ක්, කැරට් කිලෝව 2100ක්,ගෝවා කිලෝව 750ක්,තක්කාලි කිලෝව 400ක්,බටු කිලෝව 800,වට්ටක්කා කිලෝව 200ක්,අමු මිරිස් කිලෝව 1100ක්,රතු ලූනු කිලෝව රුපියල් 500ක් සහ විදේශීය ලොකු ලූනු කිලෝව රුපියල් 430 ක් වශයෙන් වාර්තා…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී (John Kerry) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගී විය. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය.

Read More

වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ කොස්තාපල්වරයකු එම වරෙන්තුකරු යම් කිසි ආයුධයකින් පහරදී ඇතැයි කියන සිද්ධියකින් හිසට හා උදරය ප්‍රදේශයට තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. වරෙන්තුකරුද එම ආයුධයෙන්ම තුවාල ලබා බලපිටිය රෝහලටම ඇතුලත් කර ඇතැයිද පොලිසිය කියයි. ඌරගස්මංහන්දිය අටේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (17)සවස හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි 25 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනකු ගිය අවස්තාවේ මෙම ප්‍රහාරය සිදුව තිබේ. පොලිස් නිලධාරීන් දෙදෙනා වරෙන්තුකරු අල්ලාගත් විට ඔහු අතේ පැළඳගෙන සිටි බව කියන යම් කුඩා ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයාට පහර කීපයක් එල්ල කර පොලිස් නිලධාරීන් දෙදෙනා සමග පොරබදා පලාගොස් ඇතැයි…

Read More

කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ තොටුපළ අසලද දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය එකොලොස් හැවිරිදි දරුවාගේ සිරුර ඊයේ (17) රාත්‍රීයේදී හමුවූ බව කඩුවෙල පොලිසිය පවසයි. අදාල සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100ක් පමණ අඹතලේ දෙසට වන්නට තිබී දරුවාගේ සිරුර හමුවූ බවත් සිරුරේ කිසිදු කොටසක් අඩුව ඇති බවට සලකුණක් නොතිබූ බවත් කිඹුලාගේ දත් පහරවල් කිහිපයක් ශරීරයේ තැනින් තැන තිබූ බවත් දැක ගන්නට හැකි වූ බව කඩුවෙල පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය. අදාළ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිත බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මෙලෙස මරණයට පත්ව තිබුණේ කඩුවෙල වැලවිට සාන්ත අන්තෝනි…

Read More

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. එම කණ්ඩායම එම හිංසනවලට ලක්වූ සේවිකාවන් සහ එම අංශයේ නිලධාරීන් විස්සකට වැඩි පිරිසකගෙන් පෙරේදා ප්‍රකාශ සටහන් කර ගත්තේය. පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටිමින් ඊයේ (17) දිනයේත් විමර්ශන කටයුතු කළේය. අද(18) දිනයේත් එම විමර්ශන පැවැත්වීමට නියමිතය.

Read More

ජනාධිපති අපේක්ෂකයන් රැසක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. සමහර අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් තමන්ට සහාය දක්වන ලෙසට ආරාධනා කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. සමහරු මුදල් සහ වෙනත් ත්‍යාග සහ වරප්‍රසාද ලබාදෙන බවටද පොරොන්දු ලබාදී ඇත. මේ අතර සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ නිවෙසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ට සහාය දැක්වීම සඳහා ඡන්ද වේදිකාවට එක්වන ලෙසට ආරාධනා කර ඇතැයි වාර්තාවේ. මේ අතර තම වේදිකාවට නැගීමට එක් අපේක්ෂකයකු ඩයනාගමගේ මහත්මියට රුපියල් කෝටි 10 ක ලන්සුවක් යෝජනා කර…

Read More