Author: LANKA24X7

හබරණ පුවක්පිටිය පාලම අසලදී හීලෑ ඇලියෙකු පහරදීමෙන් ඇත් ගොව්වෙකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි. පුවක්පිටිය පාලම අසලට ගොස් අලියා නහවා ආපසු නිවස කරා රැගෙන එමින් සිටියදී ඊයෙ (04) සවස මෙලෙස හීලෑ අලියා පහරදීමෙන් ඔහු මියගොස් ඇති බවද පොලිසිය කියයි. හබරණ උප ඒකක පරණපොළ පාර හබරණ ලිපිනයේ පදිංචි සිටි රොෂාන් විරාජ් යන භාරයේ සිටින පොඩිරාජු යන හීලෑ අ ලියා මෙලෙස පහර දී ඇති බවද පොලිසිය සඳහන් කරයි. එම හීලෑ අලියා පරණ පාර මීගොඩ පාර්ලිපිනයේ පදිංචි භාරත අමරතුංග යන අයට අයත් අලියකු බවද පොලිසිය කියයි.

Read More

රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද(05 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු ඉන්දියාවේ , බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි අයෙකි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ආහාර අඩංගු පැකට් තුළ , මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 200 ක් සගවා ගෙන දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු මේ වනවිට මේ පිළිබද වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කර තිබෙනවා. ඒ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුවයි.

Read More

සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. යුනෙස්කෝ සංවිධානය විසින් සාමාජික රාජ්‍යයන්හි නිර්මාණය කරනු ලබන සංස්කෘතික ප්‍රකාශන වල විවිධත්වය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය අරමුණු කොට ගත් සම්මුතියක් 2005-10-20 දින සම්මත කර ඇති අතර, එම සම්මුතිය 2007-03-10 දින සිට බලාත්මක වී තිබේ. එම සම්මුතිය මේ වන විට සාමාජික රාජ්‍යයන් 156 ක් විසින් අපරානුමත කර ඇත. එකී සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සඳහා 2024-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් එම සම්මුතිය අපරානුමත කර නොමැත. ඒ අනුව, සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම…

Read More

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බැවින් රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගිනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ යෝජනාවලියට ඇහුම්කන් දීම සඳහා තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නව සූත්‍රය තෙල් සංස්ථාව ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇති බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. “තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගිය කාළයකු තුළ ලබාගත් මුදල අනීතිකයි කියළා තහවුරු වුණා. මේ අධිකරණ තීන්දුව තෙල්…

Read More

වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලියන් සම්බන්ධව ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල පොලිස්පතිවරයා විසින් විමසා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කළ යුතු බවය.

Read More

නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරමින් සිටින බවය. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගනිමින් පවතිනවා. ජනාධිපතිවරයාත් ආරක්ෂක අංශ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා…

Read More

වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දී තිබිය දීත් වෛද්‍යවරු වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, සාකච්ඡාවකට සුදානම් බවය. හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය. එසේම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආර්ථිකයට දරාගත හැකි අයුරින් වැටුප් ඉහළ දමා ඇති අතර ආර්ථිකය ඉදිරියේ දී තවදුරටත් ප්‍රකෘති වූ විට සියලු රාජ්‍ය සේවකයන්ට එහි ප්‍රතිලාභ ලබා දිය හැකි බවය. ජනතාව අපහසුතාවයට පත්…

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා විසින් සිදුකළ තවත් අපරාධයක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම සැකකරු 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවට එහිදී අනාවරණය වී ඇත. මෙයද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. පසුගිය පෙබරවාරි මස 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ…

Read More

කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ. දරුවන් ඊයේ (03) ආහාරය ලබාගැනීමට සූදානම් වීමේදී එක් දරුවෙකු පනුවන් දැක ආහාර බෙදාදීම සදහා නම්කර සිටී මවකට දැනුම් දීමෙන් පසු පංති භාර ගුරුතුමිය දැනුවත් කර විදුහල්පති වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දෙමාපියන් පවසති. දරුවන් ඒ අනුව මාළු කෑලි බත් පාර්සල් වලින් ඉවත්කර අනෙක් එළවලු සමග බත් ආහාරයට ගෙන ඇති බවද වාර්තාවේ. මේ අනුව ආහාර සැපයුම් කරුගේ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයිද සදහන් වේ. අද…

Read More