Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙඳපොළේ පවතින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේග චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගික අධිකාරිය සිදුකළ වෙළෙඳපොළ නියදි පරීක්ෂාවක දී ඒ බව තහවුරු වී ඇති බවය. “පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර, පොල්තෙල් වෙළෙඳපොළේ ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලැබු වෙළෙඳපොළ සාම්පල පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇත. මෙලෙස ප්‍රමිතියෙන් තොර පොල්තෙල් දේශීය නිෂ්පාදකයින් විසින් ගුණාත්මකභාවය සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව නිපදවා වෙළෙඳෙපොළට නිකුත් කෙරේ. එසේම සමහර නිෂ්පාදකයින් සිතාමතාම නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ අරමුණින් සහ වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර…
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට ගත් සිය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවරයින් දින 8ක් පුරා පැවැත්වූ වැඩවර්ජනය අවසන් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්වී සිටින ධීවරයින්ගේ පවුල් සඳහා ලබාදෙන ආධාර මුදල් වැඩි කරන බවට ඉන්දීය මහ ඇමති එම්. කේ. ස්ටාලින් විසින් පොරොන්දුවීමත් සමඟය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙතෙක් අත්අඩංගුවට පත් බෝට්ටු අයත් වූ ධීවරයින් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර වන රුපියල් ලක්ෂ 6ක මුදල රුපියල් ලක්ෂ 8 දක්වා වැඩි කිරීමටත්, ලංකාවේදී අත්අඩංගුවට පත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා දෛනික ආධාර රුපියල් 350 සිට රුපියල් 500 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් රාමේෂ්වරම් ධීවර සංගම් මහ ඇමතිවරයාට ස්තූතිය පළ කර…
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමෙන් පසු සිය මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට කැඳවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මෙම සාකච්ඡාව එළැඹෙන සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට (06) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව සඳහන් වෙයි. පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වෙයි. මෙහිදී මැතිවරණයට අදාළ සැලසුම් කිරීම් සහ ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් ය. මේ අතර පළාත් පාලන ඡන්දයේ…
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් දෙන බව පොලිස් මූලස්ථානය පවසයි. විසිපස් හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ 0718591727 දුරකතන අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 දුරකතනයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ. තොරතුරු දෙන්නන්ගේ රහස්්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය දිගින් දිගටම විමර්ශන පවත්වමින් සිටී. අතර ඉෂාරා සෙව්වන්දී සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල…
මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඉදිරිය දෙස බලනවිට ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට තිබෙන හැකියාව නව ගාස්තුව යටතේ වැළැක්වීමට අවස්ථාවක් නොලැබෙන බව පැහැදිලි යැයි බෲවර් මහතා පැවැසුවේය. ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය නැවත ගොඩ ගැහීමේ අවදානමක් පවතින බවත් එවිට නැවතත් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. ලංකා විදුලිබල මණ්ඩලය…
වසර පහළොවක් තිස්සේ නොගෙවා පැහැර හැරී රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදලක් මාසයකින් ගෙවා නිම කරන්නැයි පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වූ පුතකුට හා මවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය. වසර හතරක් තිස්සේ අධිකරණය මග හැර සිටියේ යැයි කියන නාවල පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වන රිසා ගුණසේකර සහ අයි .ඩබ්ලිව් ගුණසේකර වග උත්තරකාරුවන්ට මෙම නියෝගය නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු ලද වග උත්තරකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙසටද නියෝග කළේය. සැකකාරියට රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් එකම ලිපිනයේ වසර තිහක් පදිංචිව සිටින පුද්ගලයන් විය යුතු බවත්,වග උත්තරකාරියගේ විදේශ ගමන් තහනම් කරන…
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
ත්‍රී රෝද රථයක රියදුරුට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දුන්නැයි උරනව පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් ගුවන් හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුරට අයත් කරන්දෙනිය තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. පිටකොටුව පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත විශේෂ රාජකාරී වාර්තා කර සිටි කොස්තාපල්වරයකු පිටකොටුව බෝධිය හන්දිය මුරපොළ අසල රථවාහන රාජකාරියේ යෙදී සිටියදී තීරෝද රථයක් නවතා එහි රියදුරුගෙන් බලපත්‍ර ඉල්ලා ඇතැයි පොලිසිය කියයි. එම අවස්ථාවේදී රියදුරු සතුව රථයට අදාල බලපත්‍ර නොතිබී ඇති අතර පොලිස් නිලධාරීන් ඔහුට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට යාමේදී එම ත්‍රී රෝද රථයේ පිටුපස අසුනේ…
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකරු කඳාන වීදි මාවතේ නිවසකට වෙඩි තබා පලායාමේ සිද්ධියේ වෙඩික්කරු බවට විමර්ශනවලදී අනාවරණය වු බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සිද්ධිය ඉකුත් දෙසැම්බර් මස 13 වෙනි දින සිදුකර තිබිණි. එම වෙඩි තැබීමද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත සිදු කළ බවට සැකකරු විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත භාර සහකාර පොලිස් අධිකාරිවරයා ගමන් ගත් ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 39 දශම 3 දොඩංගොඩ ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් රථ රියදුරු මිය ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ කළුතර දකුණ මුස්ලිම් පල්ලිය පාර අංක 45/45 ලිපිනයේ පදිංචිව සිටි ඒ බි රිස්වාන් (34) නැමැත්තෙකි. තුවාල ලැබූවන් අතර ජීප් රථයේ ගමන් ගත් සහකාර පොලිස් අධිකාරීවරයා, ජීප් රථය පැදවූ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා සහ මෝටර් රථයේ ගමන් ගත් මගියෙකුද වන බව පොලිසිය සඳහන් කරයි.
