Author: LANKA24X7

දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද (30) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වායු ගුණ තත්ත්ව දර්ශකය ඊයේ සහ පෙරේදා දිනවල 100 ත් 150 ක් අතර මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසීය. දකුණු ආසියාතික රටවල සිට ඊසාන දෙසින් හමා එන සුළං ප්‍රවාහය වායු ගුණත්වයේ අහිතකර මට්ටමට බලපා ඇතැයි ද ඔහු කීවේය. මෙය සංවේදී පුද්ගලයින්ට අහිතකර මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය. වායු ගුණ තත්ත්ව දර්ශකය 50 ට අඩු මට්ටමක පැවතිය යුතු බවත් ප්‍රේමසිරි මහතා තවදුරටත් පැවසීය.

Read More

ඕනෑම කෙනකුට ඕනෑම වැඩි මිලකට වී මිලදී ගන්න හැකියාව තිබෙන නමුත් දැනට රජය ගැසට් කර තිබෙන සහල් පාලන මිල කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. තෙත වී කිලෝවක් රුපියල් 120 -130ට වුවද ගැනීමට ව්‍යාපාරිකයන්ට අයිතිය තිබෙන නමුත් රජය ගැසට් කර තිබෙන සහල් මිල සම්බන්ධ තත්ත්වය වෙනස් කරන්නේ නැතැයි අමාත්‍යවරයා කීය. වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය. දැනට පාරිභෝගික අධිකාරියේ තිබෙන යම් යම් දුර්වලතා වෙනස් කර ගනිමින් සහල් පාලන මිල පවත්වා ගැනීමට අවශ්‍ය නීති පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.…

Read More

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදු විය. දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව සතුට පළ කළ ඇමරිකා තානාපතිනිය එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති අවධාරණය කළාය. COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව සඳහා ඇමරිකානු රජය විසින් ලබාදී ඇති අඛණ්ඩ සහයෝගය පිළිබඳව ප්‍රසාදය පළ කළ කථානායකවරයා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය…

Read More

අනුර-හරිනි ආණ්ඩුව රනිල්ගෙ අනුප්‍රාප්තිකයා වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. සැප්තැම්බර් 21ට කලින් මේ ආණ්ඩුවේ උදවිය කරන්නේ නැතැයි කී සියලු දේවල් දැන් කරමින් සිටින බවද රණවක මහතා සඳහන් කළේය. ආණ්ඩුව රනිල්ගෙ අඩි පාරේ යනවා පමණක් නොව එතුමාගේ අනුප්‍රාප්තිකයා හැටියට කටයුතු කරමින් සිටින්නේ යැයිද චම්පික රණවක මහතා චෝදනා කළේය. දේශපාලන වශයෙන් අනාථ වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත කෙළින් කිරීමේ වගකීම වර්තමාන ජනාධිපතිවරයා බාරගත යුතු යැයි ද කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් චම්පික රණවක මහතා සඳහන් කළේය.

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුව පරිදි රජයේ වියදම් සීමා කිරීම සඳහා දරණ උත්සාහයේදී හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් තිබෙනවා දැයි සොයා බැලීම සඳහා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා කමිටුවක් පත් කළේය. හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව කමිටුව සොයාගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු…

Read More

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර එහි පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කරදීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 6 1/2ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට දුන් දඬුවම් ඉවතදමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල ජුනි 05,13 සහ 16 දිනවල විභාගයට ගැනීමට පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (29) තීරණය කළේය. අභියාචනා කරන විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ඇපෑල සළකා බැලිණ.

Read More

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සුලු මොහාතකය පෙර අභාවප්‍රාප්ත විය . මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු නිවසේ සිටියදී වැටීමෙන් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය. මෙලෙස යාපනය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටයදී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) රාත්‍රී 10 ටපමණ මිය ගෙස් ඇතැයි පක්ෂ ක්‍රියාකාරීහුද දැනුම් දී සිටියහ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසිඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක. නැගෙනහිර, ඌව, දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව, මාතලේසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

Read More

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම කොස්ගොඩ මහා ඉඳුරුව අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසකට අවස්ථා දෙකකදී වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පලා ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. වෙඩි තැබීමට යොදාගත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවිය වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ දුරින් දමා ගොස් තිබියදී කොස්ගොඩ පොලිසිය භාරයටගෙන ඇත. කළු සහ රතු වර්ණයෙන් යුත් ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් අවස්ථා දෙකකදී නිවස ඉදිරිපිටට සහ නිවස තුළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Read More

2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය. 2023 ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වූ අතර එය 2024 දී මෙලෙස ඉහළ ගොස් ඇති බවය. 2023 සහ 2024 යන වසර දෙක සංසන්දනය කිරීමේ දී ළමා අපයෝජන සිදුවීම්වල වෙනසක් දක්නට නොලැබෙන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. “වසර දෙකේ දත්ත බලන කොට කැපී පෙනෙන අඩුවීමක් හේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදියට ලංකාවේ වැඩිපුරම වාර්තා වෙන්නේ, ලිංගික අපයෝජන. එකෙදි අවුරුදු 16ට අඩු ප්‍රේමසම්බන්ධතාවය මත සිදුවන ස්ත්‍රී දුෂණය තමා වැඩියෙන්ම වාර්තා වෙන්නේ. ඒ කියන්නේ කැමැත්ත මත සිදුවන…

Read More