Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය පසුගිය වසරේ (2024) දෙසැම්බර් 31 න් අවසන් වූ කාර්තුවේ සියයට 99 කින් පහළ ගොස් ඇතැයි එම මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සඳහන් වේ. එම මණ්ඩලයේ විකුණුම් පිරිවැය ඉහළ යෑම එහි ලාභය පහළ යෑමට ප්‍රධාන හේතුව බව එම වාර්තාවෙන් හෙළිවේ. එම මණ්ඩලය 2024 සමස්ත වසරේදී රුපියල් කෝටි 14,439 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බවත් එය 2023 වසරේ සමස්ත ශුද්ධ ලාභ වන රුපියල් කෝටි 5,763 සමඟ සැසදීමේදී සියයට 151 ක දැවැන්ත වර්ධනයකි. එම මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් කාර්තුවේ මූල්‍ය ආදායම සහ පිරිවැය ගැලපීමේදී රුපියල් කෝටි 60.30 ක ශුද්ධ ලාභයක් ද, 2023 අවසන් කාර්තුවේ රුපියල් කෝටි 7,797 ක් ශුද්ධ ලාභයක්…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරුන්ගේ අවසරය මෙතෙක් ලැබී නොමැති බව වාර්තාවේ. අප්‍රේල් මස 18වැනි දිනසිට 27වැනි දින දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිත අතර වසර 16කට පසු උදාවන එම ස්වර්ණමය අවස්ථාවේදී පසුගිය වාර්තා ද සංසන්දනය කරමින් දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ බැතිමතුන් ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් මහනුවරට එක් රොක් වනු ඇතැයි බලධාරීන් ගණන් බලා තිබේ. එහෙත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහස වී ඇත්තේ දළදා දැක්මකදී දිනක් තුළදී වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව හිමිවන්නේ බැතිමතුන් 60,000ක පිරිසකට ආසන්න ප්‍රමාණයකට…
විදේශීය දූම්වැටි පැකට්ටුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රියා ජාතික කාන්තාවක අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා එම කාන්තාවගෙන් රුපියල් 50000/= ක මුදලක් සහ එම දුම් වැටි පැකට්ටුවක් බලෙන් ලබාගත් කොල්ලුපිටිය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු පොලිසියේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු නිලධාරීන් දෙදෙනා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි. මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා ඉකුත් 4 වෙනි දින කොල්ලුපිටිය හන්දියේ මාර්ග බාධක රාජකාරියෙදීී සිටියදී ඕස්ට්‍රියා ජාතික කාන්තාව සහ ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නා ගමන් කරමින් සිටි තීරෝද රථය නවතා පරික්ෂා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේදී විදේශීය ජාතික කාන්තාව සතුව විදේශීය දුම් වැටි පැකට්ටුවක් තිබී ඇති අතර එම…
මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ දෙපිරිසක් ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක ඇතුළු සිව් දෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 20-51 ත් අතර වයසේ පසුවන කාන්තාවක්, තරුණයන් දෙදෙනකු ඇතුලු සිව් දෙනෙකි. මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේම පදිංචි මෙම දෙපිරිස අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රත්නපුර ,ගාල්ල, සහ කළුතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරනු විට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබගරමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ මිදුම් තත්වයක් පැවතිය හැකිය.
රුපියල් 5,880,000ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනාව කටුනායක ගුවන් තොටුපොළේ දී අද (06) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. 42 හැවිරිදි කාන්තාව මෙම දුම්වැටි මෙරටට ගෙන ඒම සඳහා පැමිණි ඇති අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , සාජා නුවර මහල් නිවාසයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පවසයි. සැකකාර කාන්තාව අද අලුයම 12.00 ට ඩුබායි සිටත් සහ පිරිමි පුද්ගලයා අලුයම 04.40 ට සජා නුවර සිටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු…
දරුකමට හදාවඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවළකට කොළඹ මහාධිකරණය අද (6) මරණීය දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස 5 වන දා දක්වා වූ කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 19ක් වාර්තා වී තිබේ. අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ ඉන් සිද්ධීන් 12ක් සංවිධානාත්මක කල්ලි විසින් සිදුකර ඇති බවය. ඉතිරි සිදුවීම් 7 යම් යම් පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද ඒ මහතා පැවසීය. කෙසේ නමුත් මෙම වෙඩිතැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය විසින් සැකකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩිතැබීම් සඳහා භාවිත කළ ටී 56 ගිනිඅවි 6ක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එමෙන්ම…
පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජයන් ගණනාවකදී අමාත්‍ය දුර දරා ඇති හිටපු අමාත්‍යවරයෙකුගේ එවකට සම්බන්ධීකරණ ලේකම් වරයෙකු මෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වරයෙකු බව පොලිසිය කීය. කළුතර ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අතර නාගස් හන්දිය ගාලුපාරේ පෙරේදා දහවල් ගැටුමක් සිදුව ඇති අතර, එය සමතයකට පත් කිරීමට යාමෙන් පසු සැකකාර හිටපු අමාත්‍ය ලේකම් වරයා ඇතුළු පිරිස පහරදීමට මැදිහත්ව ඇති බව වාර්තා වේ. පහර කෑමක් හේතුවෙන් 10 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කළුතර…
කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් ද සිල්වා මහතා බත්තරමුල්ල පැලවත්ත ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත්හ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි
