Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද දින අලුයම වන විට ආරම්භ කළ බව විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීයෙක් පැවසිය. ජාතික පද්ධතියෙ පසුගිය 9 දින සිදුවු බිද වැටිමක් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල විදුලිය නිෂ්පාදනය නැවති ජනන යන්ත්‍ර තුනම නැවති යාමත් සමග රටපුරා විදුලිය කැපිමකට සිදුවිය. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීන්ගේ මැදිහත් විමේන් ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවෝ මහත් වෙහෙසක ගෙන දින කිපයකදී ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට කටයුතු කළහ. එහිදි අධියර තුන යටතේ ආරම්භ කළ ජනන යන්ත්‍රය 13 දින සවස සිට යලි ක්‍රියාත්මක කර එහි විදුලිය නිෂ්පාදනය 14 දින අලුයම 2 ට පමන ජාතික පද්ධතියට ලබා…
ඇල්ල රොක් කන්ද වන රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ගොස් පවතින දැඩි සුලං සමග ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවකු ඇල්ල රොක් කන්දට ගිනිතබන්නට ඇති බවත් පොලිසිය සැකකරයි. සුලං සමග ගින්න වනරක්ෂිතයේ සීග්‍රයෙන් පැතිර යමින් පවතින අතර , ගින්න නිවා දැමීමට දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් , ගුවන් හමුදා නිලධාරීන් වනජීවි නිලධාරීන් ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් , ආපදා නිලධාරීන් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය එක්වී දැඩි වෙහෙසක් ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. කදු බෑවුම් සහිත රක්ෂිතයේ මෙසේ ගින්න පැතිර…
වී මිලදී ගැනීම් කටයුතු සඳහා රජය සතු සියලු ගබඩා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මේ වන විට ඇතැම් ගොවීන් විසින් සිය අස්වනු නියැදි පරීක්ෂාව සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත ලබාදී ඇති බවය. කෙසේවෙතත් මේවන තෙක් වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන් වී ලබා දී නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර ගොවීන් සිය අස්වනු වලින් කොටසක් හෝ වී අලෙවි මණ්ඩලය වෙත ලබා දියයුතු බව අනුරාධපුර මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. “මොන රජයක් ආවත් වතුර ටික පොහොර…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ඒ, තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙනි. දීර්ඝ කරුණු සලකාබැලීමකින් පසුව කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර තිබුණි. විරෝධතා…
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද විමර්ශනයක් අරඹා ඇත. මේ කාරණය සම්බන්ධයෙන් එම සංසදයේදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පැවසුවාය. සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට එහිදී තීරණය කෙරුණු බවද ඇය සඳහන් කළාය. සමාගමක හෝ වෙනත් ආයතනයක හෝ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පසු බාහිර විමර්ශනයකට යොමු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවද මන්ත්‍රීවරිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් අප මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ මෙම සිද්ධිය ගැන මන්ත්‍රීවරියන්ගේ සංසදය විශේෂ අවධානය යොමු කර ඇති බවයි.…
කොළඹ 02, ධර්මපාල මාවතේ ඊයේ (12) අලුයම 2.45 ට පමණ සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. එම පහරදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. මෙම කොස්තාපල්වරයා සේවය නිමවා නිවෙස බලා යමින් සිටියදී සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයකු පිළිබදව සැක සිතී ඔහු පසුපස ගමින් කිරීමෙන් අනතුරුව හුණුපිටිය හරස් පාර ප්‍රදේශයේදී සැකකරු අල්ලා තමන් පොලිස් නිලධාරියකු බව පවසා තොරතුරු විමසා පරීක්ෂා කිරීමට යාමේදී තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී…
මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව අද (13) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. පවුල් 1,725,795ක් සඳහා මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබාදීමට නියමිතය. රුපියල් බිලියන දොලහකට අධික මුදලක් ඒ සඳහා බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි මුදල අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකියාව පවතී.
හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ‘ආදරවන්තයින්ගේ දිනයට කලින්’ යනුවෙන් දැන්වීමක් පළ තිබේ. එහි සඳහන්ව ඇත්තේ “ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න.” යනුවෙනි. එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමේ සඳහන් වේ.
නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිපතිවරයා ආරක්ෂා කිරීමට පසුබට නොවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නීති නිලධාරින්ගේ සංගමයේ වැඩබලන ලේකම් ටෂ්යා ගජනායක මහතා සඳහන් කළේ මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පල කරන බවය. නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් පසුගිය දිනක ලබා දී තිබූ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලව සිදුකර ඇති බව නීති නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. අදාළ නිර්දේශ ලබාදීම සිදුකර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නිසි නීතිමය කරුණු සලකා බලා බැවින් එම තීරණය සම්බන්ධයෙන් සිය සංගමය උපරිම විශ්වාසය පල…
පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා කළ වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 40 ක් කළ බව ද එම අධිකාරිය සඳහන් කළේය. කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, මාවතගම, පොල්ගහවෙල, අලව්ව, උහුමිය, නාරම්මල, නිකවැරටිය, කොබෙයිගනේ, හෙට්ටිපොල, ගල්ගමුව, අබන්පොල, දළදාගම සහ මහව යන ප්‍රදේශවල මෙම වැටලීම් කළ බවත් එහිදී ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 280 ට සහ දේශීය කීරි සම්බා කිලෝවක් රුපියල් 270 වැනි මිල ගණන්වලට අළෙවිකරණ කළ වෙළදුන් හසුවූ බත් එම අධිකාරිය සඳහන් කළේය.
