Author: LANKA24X7

පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, පස්සර, හාලි ඇළ, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌව පරණගම සහ සොරණාතොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් වන්න ලෙස අදාළ නිවේදනය නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 31 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඝාතනය මෙහෙයවීම සඳහා සිම්පත් ලබා දී ඇති බව අනාවරණය වී ඇත. මේවන විට දොළොස් දෙනෙකු එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේ ජාතික ඔසු වගා ව්‍යාපෘතිය සහ ඔසු එකතු කිරීමේ වැඩසටහන යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ පිහිටි “ජනසවිගම” පිහිටුවා ඇති “පර්යේෂණ හා ව්‍යාප්ත සේවා ඔසු උයන” නිරීක්ෂණයට එක් වෙමිනි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, වැරදි ආහාර රටාවන් සමග ඇති වී තිබෙන රෝග තත්ත්වයන් රටට දරාගත නොහැකි ගැටළුවක් බවට පත් වී තිබෙන…

Read More

” ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැතැයි” හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් තිබේදැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසුමකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය. රනිල් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත යැයි පළවූ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පැනය විමසූයේ කොළඹ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති තරුණ නීතිවේදීන්ගේ හමුවකින් අනතුරුවයි. එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමේ කිසිම අදහසක් තමාට නැතැයි තමා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද දැනුම් දුන්නේයැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. රට බංකොලොත් වූ අවස්ථාවේදී තමා බාර ගත් අභියෝගය සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙන බව…

Read More

පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ජාතිවාදය පට්ට ගහලා බොරු වැපිරූ අය දැන් පාර්ලිමේන්තුවේ බොරු කීම නතර කරමු ලු. අපි ඒකට එකඟයි.ජාතික ආරක්ෂාව ගැන විපක්ෂයේ උදවිය ඉතා සංවේදීව කරුණු දක්වනවා. අප පාස්කු ප්‍රහාරය පියවරින් පියවර හෙළිදරව් කරමින් සිටිනවා.ඒක එක දවසින් හෙළි වන්නේ නැහැ.පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව්ව අප විසින් කරනවා.අප රටේ පාතාලය හා මත්ද්‍රව්‍ය එකිනෙකට සම්බන්ධයි. එමෙන්ම දේශපාලනයත් සම්බන්ධයි.කුඩු වලට සම්බන්ධ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත් වූ විට දැන් ඔය කුඩු ගැන කතා කරන මන්ත්‍රීවරයාගේ තාත්තා ගිහින් ඒ මන්ත්‍රීවරයා බදා ගත්තා. පාතාලයේ කුඩු ජාවාරමේ දේශපාලන හිස දැන් ගලවා දමා තිබෙනවා.පියවරෙන් පියවර සියලු ප්‍රශ්න විසඳීමට…

Read More

වාහන රැගත් නෞකා දෙකක් මෙම මස 10 සහ 12 දෙදින හම්බන්තොට වරායට ළගාවීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ඊයේ (28) පැවසීය. එම වාහන තොගයේ ද ජපන් වාහන ඇතුළත්ව ඇති බව කී මානගේ මහතා එම නෞකා දෙකේ වාහන සියයට අධික ප්‍රමාණයක් ඇති බව ද සඳහන් කළේය. වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් පසුව ජපානයෙන් පැමිණි පළමු වාහන තොගයෙන් ගොඩබෑ වාහන 200 කට ආසන්න තොගයේ වාහන ඉදිරි දින කීපයේදී ජනතාවට පරීක්‍ෂා කළ හැකි බවත් ඉදිරියේදී ජනතාවට පහසුවෙන් වනාහන වර්ග කීපයක් තෝරාගැනීමේ අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.

Read More

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මාර්තු මස වෙනස් නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. ඒ අනුව ලාෆ් ගෑස් පෙබරවාරි මස පැවති මිලම තවදුරටත් පවතින බව ද පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් පහත ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (28) නිවේදනය කළේය. (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි. උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -4.2ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය ජනවාරි මාසයේ සියයට -4.0 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පෙබරවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -0.2 දක්වා වැඩි වී ඇති අතර එය ජනවාරි මාසයේ සියයට -2.6% ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය. පෙබරවාරි මාස ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට -6.1ක් දක්වා අඩු වී ඇති අතර එය ජනවාරි මාසයේ සියයට -4.7 ක් ලෙස වාර්තා…

Read More

වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. නැතිනම් වරප්‍රසාදවලට මුවාවී මන්ත්‍රීවරුන් බොරු කියන බවද මන්ත්‍රීවරයා කීය. “වර්තමානයේ ජාතික ආරක්ෂාව දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා.ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය සමඟ බැඳී පවතිනවා.තිරසර සංවර්ධනයක් නැති තැන ජාතික ආරක්ෂාවක් නෑ.වඳුරෙක් රිලවෙක් පැන්නාම රටේම ලයිට් යනවා නම් ජාතික ආරක්ෂාව ගැන වෙනම කතා කරල වැඩක් නෑ.පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොලකරු ගැන අදටත් කතා කරනවා.එදා පාස්කු ප්‍රහාරයට කලින් බුදු පිළිම කැඩුවා,විවිධ ඝාතන සිදු වුණා. එකල ආණ්ඩුව පැවසූයේ ඒවා හුදෙකලා සිද්ධි ලෙසයි.එදා සිද්ධි දාමයේ බැඳීම් අධ්‍යයනය කළා නම් පාස්කු ප්‍රහාරයේ වලක්වා ගන්න තිබුණා.අවසානයේ ජාතික ආරක්ෂාව…

Read More

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය. සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මීට වසරකට පමණ පෙර මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී වැලිගම පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රති ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොටඨාශයට අනුයුක්තව රාජකාරී කළ උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ අවසානයේ මෙය අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය. උපුල් කුමාර නමැති සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයට අදාළව පිටු 80කින් යුත් තීන්දුව ප්‍රකාශයට පත්…

Read More