Author: LANKA24X7

අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට එළවළු වගා බිම් අක්කර 750කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, එම හානි වූ එළවළු වගාවන් සඳහා තමන්ටත් වන්දි මුදල් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති. වී, ලොකු ළුණු, අර්තාපල් ඇතුළු බෝග වර්ග හයකට රජයෙන් වන්දි මුදල් ලබා දෙන බව දැනට පවසා ඇති බවත්, එහෙත් අර්තාපල් හැර උඩරට වෙනත් එළවළු බෝග වගාවන් සඳහා වන්දි මුදලක් ලබා දීමට රජය පියවර ගෙන නොමැති බව ද උඩරට ගොවීහූ පවසති. තමන් වගා කරන ලද ලීක්ස්, කැරට්, බෝංචි, බීට්රූට්, සලාද, රාබු, නෝ කෝල්, මාළු මිරිස්, තක්කාලි, ගෝවා, අතු ගෝවා ආදී වෙනත් උඩරට…

Read More

බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. රියදුරන් බීමත්ව රියපැදවීම බහුලව දැකිය හැකි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දඩුවම් වැඩි කළ හොත් මෙම තත්වය පාලනය කළ හැකි යැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය. පොලිසිය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන රථවාහන වැරදි කරන රියදුරන් නීතියේ රැහැනට හසුකරගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක බව කී එම නිලධාරියා ඊයේ (26) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 395 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව…

Read More

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට ඒ මහතා 92ක් වැනි වියෙහි පසු විය. 1932 වසරේ පංජාබ්හිදී උපත ලබා ඇත. ප්‍රකට ආර්ථික විශේෂඥයකු වූ මන්මෝහන් සිං මහතා ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත. ඔහු එරට මහබැංකු අධිපති ලෙස ද කටයුතු කර ඇත. 2004 වසරේ සිට 2014 දක්වා එරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මන්මෝහන් සිං මහතා කටයුතු කළේය.

Read More

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. අනතුරෙන් මරුමුවට පත්ව ඇත්තේ හතරැස් කොටුව පොලිසියට අනුයුක්තව සේවක කල පොලිස් සැරයන් බණ්ඩාර මහතාය. මෙම අනතුර ඊයේ (26) රාත්‍රි 10.20 පමණ සිදු වී ඇති බව හතරැස් කොටුව පොලිසිය පවසයි. හබරන සිට ත්‍රිකුණාමලය දෙසට ගමන් ගත් කාර් රථයක් පරීක්ෂා කරමින් සිටියදී ත්‍රිකුණාමලය දෙස සිට පැමිණි ටිපර් රථයක් පොලිස් නිලධාරින් පරීක්ෂා කරමින් සිටි කාර් රථය හා ඊට පිටුපසින් තිබූ ලොරියක ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් කාර් රථය පරීක්ෂා කරමින් සිටි පොලිස්…

Read More

උතුරු, උතුරු – මැද නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.

Read More

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි . මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.

Read More

මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් බහුජන සංවිධාන රැසක් මැතිවරණ කොමිෂන් සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. සමහර මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවීම සැලකිල්ලට ගෙන එවැනි තත්ත්වයක් ඉදිරියට ඇතිවීම වැළැක්වීමේ අරමුණ ඇතිව බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් අපේක්ෂකයන් තෝරා ගැනීමට ඡන්දදායකයන්ට පිටුවහලක් වන බවද ඔහු කීවේය. එම ක්‍රමවේදය මැතිවරණ කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ ඒ දේශපාලන පක්ෂවලට අන්තර්ජාලය හරහා එය ක්‍රියාවට නැංවීමට හැකි බව මැතිවරණ…

Read More

අද (27) හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අද රාත්‍රී 7.30 ට සහ හෙට උදේ 7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ද අනිද්දා බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7.05 ට සහ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.30 ට එම විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26) පෙරවරුවේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තනතුරේ රාජකාරී ආරම්භ කළේය. ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබද වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි. කොළඹ, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත.

Read More

නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේය. රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට 20 වන දින දක්වා අවසර ලබා දි තිබු අතර එම කාළය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදි සහල් ආනයනය කිරීම සඳහා ලබා දී…

Read More