Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැක කරන ඉන්ධන බවුසර් රථ දෙකක රියදුරන් දෙදෙනෙකු , සාහයකයන් දෙදෙනෙකු ඇතුළු ඉන්ධන මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. පෙට්‍රල් ඉන්ධන ලීටර් 70 ක් සහ ඩීසල් ලීටර් ඉන්ධන 80ක් සහිත ප්ලාස්ටික් බුලි 7 ක් සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල මෛත්‍රී මාවතේදී බව පොලිසිය සඳහන් කරයි. බණ්ඩාරගම පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එස් ශාන්ත මහතාට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වටලන අවස්ථාවේදී ඉන්ධන…
අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ඉදිකිරීම් මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) ආරම්භ කළේය. චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ද ඉදිකිරීමට නියමිතය. කිසිදු භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම දීම රජයේ අරමුණ බව එම උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. චීන රජයට මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා…
මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. විද්‍යාත්මකව ඒ සදහා අවශ්‍යකරන නව නීති ගෙනඒම, නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීමට විධිමත් සැළැස්මක් සකස් කරන බව ද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ “ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය පිළිබඳව දැනුවත් වීමේ සතිය” (Wold Antimicrobial Resistance Awareness Week)” වෙනුවෙන් පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ පාගමනට එක්වෙමිනි. “අපි සැවොම එක්වෙමු – ප්‍රතිජීවක ඖෂධ රැකගනිමු” යන්න තේමා කර ගනිමින් ඊයේ (27) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මෙම…
ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹු සැමි යුවල ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (27) නියෝග කළේය. කොළඹ කොටුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් විවෘත වරෙන්තු අටක් හා රතු වරෙන්තු ලබා ඉන්දියාවේ වෙරළ ආරක්ෂක පොලිසියේ අත්අඩංගුවට පත්ව මෙරට පිටුවහල් කර ඇති අහමඩ් ශරීප් මොහොමඩ් ශිහාබ් හා ඔහුගේ බිරිඳ වන ප්‍රාතිමා පර්ෂානා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයද සහිතව…
නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (27) හමුවිය. 2025 වසරේදී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයේ 25 වැනි සංවත්සරය සම්පූර්ණ වන අතර මොල්ටාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෝල්ටාව කැපවී ක්‍රියා කරන බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීම පිළිබඳවත්, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම පිලිබඳවත් අවධාරණය කළාය.…
දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවු බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය. මේ හේ තුවෙන් ප්‍රතිකාර කටයුතුවලට බාධා මතුව ඇත.
උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාතේ ද වැසි ස්වල්පයක් ඇති වේ. බස්නාහිර,සබරගමුව,සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පවතී
තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක් පිහියකින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 13 හැවිරිදි බාල දියණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බි’. එම්. ඔෂාදී කෞශල්‍යා දැරියයි එම සිද්ධියෙන් අනතුරුව සැකකාර පුද්ගලයා නිවසේ කාමරයක බාල්කයක එල්ලී සීය දිවි නසා ගැනීමට උත්සාහ දරා එය නිශ්ඵල වීමෙන් අනතුරුව පොලිසියට බාර වන බවට නිවසේ හිමිකරුවන්ට පවසා නිවසින් පිටවී ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත පලා ගිය සැකකරුගේ වක් පිහි ප්‍රහාරයට ලක් වූ මියගිය දැරියගේ මවගේ වම් අතේ වැලමිට අසල…
රුපියල් කෝටි 160ක මුදලක් වංචාකර රටින් පළාගොස් සිටි අඹුසැමි යුවළක් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර යුවළ අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රිවෙල්ත් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් නම් මූල්‍ය ආයතනය මගින් ව්‍යාපාරවල ලාභාංශ ලබාදෙන බව පවසා රුපියල් කෝටි 160ක පමණ මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන සිදුකළ නිලධාරීන්ට දැනගැනීමට හැකිව ඇත්තේ එහි අධ්‍යක්ෂවරයා, සිය බිරිය හා දරුවා සමග නීතිවිරෝධී අයුරින් බෝට්ටුවක් මගින් 2021 වසරේදී ඉන්දියාවට පළාගොස් ඇති බවය. අනතුරුව සැකකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කළ අතර,…
බරපතළ මූල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මෙම පස් දෙනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු වාර්තා පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙසේ ආරම්භ කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර අල්ලස් කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී තාක්ෂණික කරුණු හේතුවෙන් ප්‍රතික්ෂේප වුණු හිටපු අමාත්‍යවරුන් හා සම්බන්ධ නඩු කිහිපයක් යළි පැවරීම කෙරෙහිද අදාල නීති අංශ කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග පැවසීය. එම නඩු ප්‍රතික්ෂේපවීමට බලපෑ කරුණු පිළිබඳවද මේ දිනවල විශ්ලේෂණය කෙරෙන බව දැනගන්නට ඇත. මේ අතර මූල්‍ය චෝදනා…