Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බීමත්ව අශෝභන ලෙස හම්බන්තොට නගරයේ හැසුරුණු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට ගිය හම්බන්තොට පොලිසියේ නිළධාරීන්ට අඩන්තේට්ටම් කළ පුද්ගලයින් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. ඊයේ (28) දින හම්බන්තොට සති පොල පැවැති අවස්ථාවේ දි බස් නැවතුම්පල ඉදිරිපිට පුද්ගලයෙක් බිමත් කමින් නගරයේ අශෝභන ලෙස හැසිරෙන බවට 119 දුරකතන ඇමැතුමක් ලැබි ඇති හෙයින් අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට හම්බන්තොට මූලස්ථාන පොලීසියේ නිළධාරීන් එම ස්ථානයට ගොස් ඇත. බීමත්කමින් සිටි පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට කටයුතු කිරීමේ දි අවට සිටි පුද්ගලයින් පිරිසක් පොලිස් නිළධාරින්ගෙ රාජකාරියට බාධාවන සේ අත් අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියෙන් මුදවා ගැනීමට කළහකාරි ලෙස හැසිරී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසියේ වැඩබලන…
තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් මීට ස්වල්ප වේලාවකට කලින් අනතුරට පත් විය. යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගනිද්දීය. ගුවන් ධාවන පථයට ගොඩබාද්දී යානයේ රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී අනතුරට පත් විය. ඉන්පසු යානය පිපිරී ගිනි ගත්තේය. යානය අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ගුවන්තොටුපොළ බලධාරීන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. යානයේ 181 දෙනක් වූහ. එම 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි. යානයේ සිටි 23 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත්, බරපතල තුවාල…
මාතලේ කිවුල ජල පොම්පාගාරය අසළ පිරිසිදු කරමින් සිටි අයකු සුදු ගඟේ ජල පහරට හසු විමෙන් ජලමේ ගසාගෙන ගොස් ඇති අතර ඔහු බේරා ගැනිමට ගිය පුද්ගලයාද ජල පහරට හසුවි ඇති අතර එක් අයකු අතුරුදහන් වි තවත් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ දිය පහරට හසුව ඇත්තේ මාතලේ සුදුගගවත්ත පදිංචි 24 හැවිරිදි චානක මදුශංක සහ මාතලේ කිවුල පළමු පටුමගේ පදිංචි ඒ.එම් මධුශඞක අබේසිංහ යන 24 හැවිරිදි අය බවද පොලිසිය කියයි. එක් අයෙකුගේ මළ සිරුර හමුවි ඇති බවත් අනෙක් අයගේ සිරුර සෙව්මි කටයුතු මේ වන විට සිදු වන බවද පොලිසිය කියයි.
කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි තීරෝද රථ සොරාගත් පුද්ගලයකු හා එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් සිව් දෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. ගෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේට් පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය අංශයේ නිලධාරින් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීමේදී මෙම සොරකම් වල තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර,නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් පවතී.
දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් හික්කඩුව පොලිසිය පවසයි. පෙරහර ගමන් කරමින් සිටියදි දොඩන්දුව පාලම අසලදි කුලප්පු වු ඇති ඇතා ඇත් ගොව්වා බිම දමා පැගිමත් සමග පෙරහර නැරඹිමට පැමිණ සිටි පිරිස හිස්ලුලු අත දිව යන්නට විය. බිම දමාඅලියා විසින් පාගා සිටි ඇත් ගොව්වා පසුව කරාපිටිය රොහ්ලට ඇතුලත් කරණ ලද අතර කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇත් ගොව්වා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවි.
ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම උපරිම සිල්ලර මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක් ලෙසද, ජැක් මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560 ක් ලෙස එම ගැසට් නිවේදනයේ සදහන් වේ. මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 420 ක් වන අතර මැකරල් ග්‍රෑම් 155 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් ලෙස ගැසට් නිවේදනයේ දැක්වෙන බවත් අධිකාරිය පවසයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර ඇත. එමෙන්ම එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් පත් කර තිබේ. වව්නියාවේදී අද (28) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණවලට එළැඹුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීනේසන් පවසා සිටියේය. අදාළ පත්වීම් මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බවද හෙතෙම පැවසීය.
ඊශ්‍රායලය සහ දකුණු කොරියාව මුල්කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ලත් කාර්යාංශයේ ගාල්ල පිහිටි දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ බිම් මහලත් යොදා ගනිමින් සිදුකර ලබා ඇති බව කියන මිනිස් ජාවාරමක් පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව වාර්තා වේ. ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරන ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා යි මෙලෙස අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පැවසේ. ඇතැම් වාර්තා සඳහන් කරන අන්දමට එම පුද්ගලයාත් එම ජාවාරමට සම්බන්ධ තවත්…
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ නිරත පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් සහ නිලධාරිනියකගෙන් ඊයේ (27) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එම දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව දෙදෙනා ඊයේ පෙරවරුවේ එහි පෙනී සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසිය. පාර්ලිමේන්තු නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෑත බාගයේදී කැඳවුණු පළමු අවස්ථාව මෙයයි. මේ අතර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කරමින් සභානායක කාර්යාලයෙන් සභා ලේඛන කාර්යාලයට බාරදී…