Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට ඊ (12) යළි සිහිකැඳවීමක් කළේය. එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල් නිවේදනය නිකුත් කළේ මෙම මස 26 වැනිදාය. එම මුල් නිවේදනයේ සඳහන් උපදෙස් පිළිපදින ලෙස නව නිවේදනයෙන් යළි සිහිකැඳවීම් කර ඇත. අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළැක්විය යුතු බවත් ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීම හා…
ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවී රටේ සැබෑ තත්ත්වය පිළිබඳ දැනුම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. මව්වරුන්ගේ, ළදරුවන්ගේ, හා පාසල් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂිත අයි.එම්.එෆ්. ආධාරක වැඩසටහනක් අවශ්‍ය බව ඔවුන්ට දැනුම් දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මන්දපෝෂණය වර්ධනය වීම යනු විෂම චක්‍රයක් නිර්මාණය වීමක් බවත් එය රටේ නිෂ්පාදන ධාරිතාවට සෘණාත්මක බලපෑමක් බවත් ප්‍රේමදාස මහතා කීවේය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ජාත්‍යන්තර…
උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා ද, වයඹ පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති අතර ඊට අදාල පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද බාරදුන්නේය.
කරන්දෙණිය ප්‍ර දේශයේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන ඇගේ මස්සිනා කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ කුරුදු කැලෑවක සැගව සිටියදී ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 36 ක පුද්ගලයෙකි. මියගිය තරුණිය ඉකුත් (8) වැනිදා සිය මව සමග ගමන් කරමින්සිටියදී කරන්දෙණිය තල්ගහවත්ත, පාලම අසලදී ඇය සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වු බවකියන ඇගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සහ තවත් අයකු පිහියක් පෙන්වා ඇය බිය ගන්වා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන ගොස් තිබූ බවද පොලීසිය කියයි. මේ තරුණිය තමා සමග අනියම් ඇසුරක් පැවැත්වූ සහෝදරියගේ සැකකාර සැමියා තමාට අමානුෂිකව ලෙස පහරදුන්නේ යයි කියමින් කරන්දෙණිය පොලීසියට කරන ලද පැමිණිල්ල…
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක්ම සුරා බදු පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ මහා පරිමාණ ජාවාරමක තවදුරටත් නිරත වන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යාජ ස්ටිකර් ජාවාරම නිසා රජයට වසරකට රුපියල් කෝටි හය දහසක පමණ දැවැන්ත බදු ආදායමක් අහිමිවන බවද වාර්තාවේ. මත්පැන් නිෂ්පාදන ආයතන රැසකට අයත් ව්‍යාජ ස්ටිකර් යෙදු මත්පැන් බෝතල් තොගයක්ම සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් දා (9) අත්අඩංගුවට ගනු ලැබ තිබිණ. දිවයිනේ උතුර උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල අලෙවි කිරීම් සඳහා ගබඩා කර තිබියදී පෙරේදා යාපනය ත්‍රිකුණාමලය මන්නාරම සහ වාලච්චේන යන ප්‍රදේශවලින් මෙම බෝතල් සොයාගත් බවද එම දෙපාර්තමේන්තුවේ ආරංචි…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට මාසයකට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වැය වන බව එහි මූල්‍ය වාර්තාවක සඳහන් වේ. ඒ අනුව මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම සඳහා වර්ෂයකට රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක් වැය වෙයි.
පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය. මෙසේ මියගියේ අම්පාර තිරික්කෝවිල් පාසලක 16 හැවිරිදි සිසුවෙකි. මේ දිනවල පවතින උෂ්ණාධික දේශගුණ තත්ත්වය හේතුවෙන් එළිමහනේ ක්‍රියාකාරකම් සීමා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් බලධාරීන්ට නියෝග කර ඇත
පසුගිය දිනවල ඉතා ඉහළ අගයක් ගත් වෙළෙඳපොළේ එළවලු මිළ ගණන් ඉතා සීඝ්රයෙන් පහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව ඉතා ඉහළ මිළකට අළෙවි වූ කැරට්, බොංචි, ගෝවා, මාලු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ඔව්හු පවසති. ඒ අනුව සාමාන්‍ය වෙළෙඳපොළේ කැරට් කිලෝවක් රුපියල් 400 කට ත් අතර මිළකටත් බොංචි කිලෝවක් රුපියල් 400 කටත්, ගෝවා 450 කටත්, තක්කාලි 320 කටත්, ලීක්ස් 300 කටත්, මාලු මිරිස් 600 කටත්, වම්බටු 250 කටත්, බීට්රූට් 500 කටත්, පතෝල 220 කටත්,වැටකොලු 190 කටත් කරවිල 450 කටත්, බන්ඩක්කා 160 කටත් අමුමිරිස් 600 කටත්, දෙහි 200 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.…
සිකුරාදා සිට කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (11) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු හා ඔහුගේ බිරිඳ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පොන්නාලේ හන්දිය ආසන්නයේදී මරණකරු සමග පෙර අමනාපයක් තිබූ පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටින බව දැක ඇත. එහිදී මරණකරු යතුරුපැදිය හරවා පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසලට ධාවනය කර තිබේ. ඔවුන් පසුපසින් පැමිණ මෙම පිරිස මරණකරු හා බිරිඳ යතුරුපැදිව සමග පැහැරගෙන ගොස් ඇති අතර පසුව කාන්තාව සිත්තන්කේනි හන්දියේ දමා ගොස් ඇත. පසුව මරණකරු තියුණු…