Author: LANKA24X7

ගලබඩ සහ වටවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් අද (30) රාත්‍රී පැවසීය. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බවද ම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. පස්වරු 4.00 ට නිකුත් කරන ලද අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන තද වර්ෂාපතනයක් ඇති විය හැක. මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල මෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද තද සුළං ඇති විය හැකි බවට…

Read More

රටතුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රට පුරා විදුලි බිඳවැටීම් 29015ක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශයකල ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (30) පැවසීය. සමස්ත රටම ආවරණය වන පරිදි මෙම විදුලිය බිඳවැටීම වාර්තා වී ඇති බවත් විදුලිය බිඳවැටීමේ අවස්ථාවන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවත් විමලරත්න මහතා කීය. මෙම විදුලි බිඳවැටීම්වලින් වැඩි ප්‍රමාණයක් යථාතත්වයට පත්කර ඇති බව කී විමලරත්න මහතා සීමිත කාර්ය මණ්ඩලය සහ සීමිත සම්පත් හේතුවෙන් ඇති වන අභියෝග නොතකා බිඳවැටීම් යථාතත්වයට පත්කිරීමට විදුලිබල මණ්ඩලයේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය. අයහපත් කාලගුණයත් සමඟ කිසියම් ප්‍රදේශයක විදුලිය බිද වැටීම් තිබේ නම් 1987 කෙටි දුරකථන අංකය…

Read More

වල් අලි තිදෙනකු බරවකුඹුක අබේසේකර ගමට පැමිණිම හේතුවෙන් අබේසේකරගම විදුහල (30) දින මාපියන්ගේ ඉල්ලීම මත වසා දැමීමට පියවර ගෙන ඇත. අබේසේකරගම පාසල හා ඒ අවට ප්‍රදේශයන්හි වල් අලි තිදෙනා සැරිසැරීම හේතුවෙන් උදෑසන කාලයේ දි පාසල අසල ඇති රොටවැවේ අලි තිදෙනා සිටිම හේතුවෙන් දරුවන් පාසලට නොයැවීමට මාපියන් පියවර ගෙන ඇත. මේ සම්බන්දයෙන් තංගල්ල කළාප කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශිකාවකද සඳහන් කර සිටියේ අලින් ගමට පැමිණිම හේතුවෙන් අබේසේකරගම පාසල වසා දමා ඇති බවයි. අබේසේකරගම පාසලේ දරුවන් 150 ක් පමන අධ්‍යාපනය ලබති.

Read More

රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද(30 )අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය ඩුබායි හි ගෘහ සේවයේ නිරත වී සිටි , දැරණියගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි . ඇය විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් රැගෙන විත් තිබුණි .අ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඇය අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති…

Read More

පොලිසියට ඔත්තු ලබා දුන් බවට සැකයෙන් පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදී මන්නයකින් ගෙල කපා ඝාතනය කර අත්හැර දමන ලද අනාරක්ෂිත කිරිමැටි වලකට දමා පලා ගිය සිව් දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු දෙදෙනෙකු මාස 6 කට පසු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි එම සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත් මන්නා පිහියක් සහ පැහැරගෙන රැගෙන යාමට යොදාගත් ත්‍රී රෝදයක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙලෙස ඝාතනය කර ඇත්තේ මොරන්තුඩුව දෙල්දූව වත්ත පදිංචිව සිටි පි . එරංජන් රණබාහු ගුණරත්න නැමැති (50) හැවිරිදි අවිවාහක කුලීකම්කරුවෙකි. ඝාතනයට ලක් වූ පුද්ගලයාව පැහැරගෙන ගාමට යොදාගත් ත්‍රී රෝද රථය එය මිලදී ගත් වෙළඳ ආයතනය මගින්…

Read More

දෙමටගොඩ ශ්‍රී ධම්ම මාවතේ පිහිටි නිවසක් මතට ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉහළ මහලයේ තිබූ බිත්ති කොටසක් කඩාවැටී තිබේ. ඊයේ (29) රාත්‍රියේ වැස්සත් සමග ඇතිවූ තද සුළං තත්ත්වය මධ්‍යයේ මෙම අනතුර සිදුව තිබුණි. අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ

Read More

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට සහ එම යතුරු පැදිය ලබා දුන්පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කින්නියා පොලිසියේ රාජකාරී කරනු ලබන පොලිස් සැරයන් වරයෙකි. කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශන වලට අනුව සැකකාර පොලිස් සැරයන්වරය විසින් කින්නියා බුහාරි හන්දිය ප්‍රදේශයේදී අල්ලස් මුදල ලබා ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

මහ වැසිත් සමග අද අලුයම් කාලයෙ හමා ආ දැඩි සුළගකින් ආණමඩුව පොලිස්ථානය අවට තිබු දැවැන්ත ගස් ගොඩනැගිලි මතට කඩා වැටිමේන් බරපතල හානි රැසක් සිදුව ඇති බව පොලිසිය කියයි. 29 දින රාත්‍රියෙ සිට 30 දින අලුයම දක්වා මෙම දරුණු සුළං තත්වය ඇතිව තිබු බවත් වසර 40 – 50 කට වඩා පැරණි විශාල ගස් ඉදිරි ගොස් පොලිස්ථානයෙ ගොඩනැගිලි මතට කඩා වැටි තිබුනී. ආණමඩුව පොලිස්ථානය අසලම පිහිටි ආණමඩුව සහකාර පොලිස් අධීකාරි කාර්යාලයෙ ගොඩනැගිලි මතටද ගස් කඩා වැටිමේන් එයටද හානි සිදුව තිබුනි. පොලිස්ථාන භුමියෙ තිබු ගස් මෙලෙස මහ සුළගින් ඉදිරි හා ඇඹරි ගොස් ඇද වැටිම නිසා පොලිස් නිළධාරී නිවාස ඒකකය, පොලිස්ථානාධිපතිවරයාගේ නිළ කාමරය,ඇතුළු ගොඩනැගිලි…

Read More

වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.

Read More