Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සැකකරු විසින් කොල්ලකන ලද ‘අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබියදී සොයා ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ගල්නෑව පොලිස් වසමේ නිදිකුම්භායාය සහ මහමෙව්නා අසපුව අතර කැලෑ කොටසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථනය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
බඩෝවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුට තියුණු ආයුදයකින් පහරදී පළා ගිය සමන් කුමාර නොහොත් දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නමැත්තාගේ සහෝදරයා බොරැල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩයමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම සිද්ධිය සම්බන්ධයෙන් වෙලේ සුදා නමැත්තාගේ සහෝදරයාගේ බිරිය ද ගල්කිස්ස පොලිසි විසින් අත්අඩංගුවට ලැබුවාය. බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය.
මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි. මියගිය තරුණයා කොළඹ 05 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ බිනර පබසර නැමති අවුරුදු 22ක අයෙකු බවද පොලිසිය කියයි. සිද්ධිය පිළිබදව මහවෙල පොලිසියට ලැබුණූ පැමිණීල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් හුලංගල කන්දෙන් පහලට ඇදවැටුණු තරුණයාගේ මළ සිරුර බිසෝ ඇල්ල ප්‍රදේශයේදි සොයා ගෙන ඇති බවද පොලිසිය කියයි. මියගිය තරුණයා ඇතුලු මිතුරන් කිහිපදෙනෙකු සමඟ හුලංගල කන්ද නැරඹිමට ගොස් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව මුලික විමර්ශනවලදි අනාවරණය වි ඇති බව පොලිසිය කියයි.
මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඒ අනුව තීරණය කරගත් පරිදි හෙට උදෑසන හතට වර්ජනය ආරම්භ කරන බවයි ඔහු සඳහන්කර සිටියේ.
මලයගම් ජනතාව සමග එක්ව මෙවර ජාතික වෙසක් උත්සවය අනුව නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ඉදිරි වෙසක් උත්සවය වෙනුවෙන් අප රුපියල් මිලියන 12ක් වෙන් කර තිබෙනවා. මෙවර ජාතික වෙසක් උත්සවය තිබෙන්නේ නුවරඑළියේ.”කලණ මිතුරන් ඇසුරු කරන්න” යන්න මෙවර වෙසක් උත්සවයේ ජාතික තේමාවයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “වන සත්ව සංගණනය ගැන අද කතා කරන්න වෙනවා. ඒ සංගණනය විධිමත් විය යුතුය.මේ සංගණනයේ විධිමත් බවක් අප දකින්නේ නෑ.බහුවිද රාජ්‍ය ආයතන ඒකාබද්ධ වී මෙය කළ යුතුයි. ඒ නිසා මේ සංගණන විහිළුවට ලක් කිරීම ඒ තරම් යෝග නෑ .ඒවා විහිළුවට ලක්වන්නේ සංගණන සංගණනය කිරීමේ ක්‍රම අවිධිමත් ලෙස ඉදිරිපත් කරන විටයි.නමුත් රටක් ලෙස ඉදිරියට යන්න නම් දත්ත කේන්ද්‍රීයව එය කළ යුතුයි.නමුත් විහිළුවට ලක්වන ආකාරයට සංගණන රටා නිර්මාණය කිරීම ඒ තරම් සුදුසු නෑ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය. කිරිඇල්ල මහත්මිය මෙසේද පැවසුවාය. මැදපෙරදිග ගෘහ සේවයේ සිටින කාන්තාවන් අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය එවන කණ්ඩායමක්. අපි ඒ කණ්ඩායම හොදින් රැකබලා ගන්න ඕන. ඒ අයගේ සුභසාධනය උපරිමයෙන් සැලසීම රජයක වගකීමක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ සඳහා ලොකු වැඩ කොටසක් පැවරෙනවා. මැදපෙරදිග සේවය කරන අපේ කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා රජයට යෝජනා කරනවා.
පසුගිය දා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජබොස්ලේන් ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (15) අලුයම මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (16) රාත්‍රියේ දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අවුරුදු 16ත් 44ත් අතර වයස්වල පසුවන තරුණයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් සන්තකයේ තිබී අපරාධයට යොදා ගත් බවට සැකකරන මන්නා පිහි 02ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමට පැමිණි හයදෙනකු හඳුනා නොගත් නිව්මෝනියා තත්වයක් නිසා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඉන් එක් රෝගියකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මත කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මේ පිළිබඳව රෝහලේ උසස් නිලධාරියකුගේ කළ විමසීමක දී සඳහන් කළේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙන බවය. මෙම රෝගීන්ට වැළඳී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වයිරසයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ එම්.ආර්. අයි පර්යේෂණාගාර වෙත යවා ඇති බවද ඔහු…
බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කර ඇති හෙයින් එවැනි කොමිසමකට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීමට කිසිදු බලයක් නැති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය. කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ පනත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බවද ඔහු කීවේය. 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත්කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වා අදාල පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය. කෙසේ වෙතත්…
