Author: LANKA24X7

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කර තිබේ. මෙරට සංචාර සඳහා පැමිණෙන විදේශිකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් පසුගිය 3 වනදා ස්ථාපිත කෙරුණි. මීට පෙර විදේශිකයින් විසින් රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේරහැර පිහිටි මෝටර්රථ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය යුතුව තිබූ බව සඳහන්ය. පසුගිය 3 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 1,338ක් නිකුත් කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ පසුගිය 7 වනදා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර මෙරටට පැමිණෙන විදේශිකයන්ට රුපියල් 2,000ක්…

Read More

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් තුනක පිටපත් තමාට ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ. ඒ පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වීමට නියමිතය. හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ගේ දීමනා නිල නිවාස ඇතුළු සියලු පහසුකම් මෙම පනත සම්මත වීමෙන් අහෝසි වී යනු ඇත. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වන්නේ විශ්‍රාම වැටුප පමණි.

Read More

තමා යෝජනා කරද්දි අනුරලා විපක්ෂයේ හිඳිමින් එදා විරුද්ධ වූ දේ ජාතික ජන බලවේගය දැන් ක්‍රියාත්මක කරමින් සිටීම ගැන සතුටු වන බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. ආණ්ඩුව කැසිනෝ ශාලාව විවෘත කරමින් කංසා අපනයනය කිරීමට නීති ගෙන එන බවද ඒවා තමා කියූ දේවල් බවද ඇය සදහන් කළාය. ” අපේ වැඩ ටික ඒ විදිහටම වෙනවා. මට හරි සතුටුයි”ඇය කීවාය. ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ මාධ්‍ය කළ විමසුමකදීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ සේවකයන්ට කෑම සැපයීම වෙනුවෙන් මාසයකට රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂ අසූ දෙදහස් අටසිය අනූ හයක් වැය වන බව ගණන් බලා ඇතැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුව ලබා දුන් පිළිතුරක සඳහන්වේ. මෙම වසරේ පළමු අර්ධ වර්ෂය පදනම් කරගෙන මෙම ගණන් බැලීම කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේවකයන් ඇතුළු පිරිසේ ආහාර පාන වෙනුවෙන් පසුගිය වසර පහක කාලයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි අසූවකට වැඩි බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ ආහාර පාන වෙනුවෙන් පසුගිය 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක්ද( 88,825,435.00) 2021 වර්ෂයේදී රුපියල් කෝටි දහයකට වැඩි මුදලක්ද ( 102,456,188.00) 2022 වර්ෂය වෙනුවෙන් රුපියල්…

Read More

තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල වන සයිබර් ප්‍රහාර හේතුවෙන් එම ආයතන මඟින් සපයනු ලබන අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවන් ඇති වීමේ අවදානමක් පවතී. එමෙන්ම, පෞද්ගලික හා සංවේදී දත්ත වෙනත් පාර්ශ්ව අතට පත් වීම, පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය, මහජන සෞඛ්‍යය සහ සමාජයේ යහපැවැත්ම සඳහා මෙන්ම, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජනයා තුළ පවතින විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. එබැවින්, මෙවැනි තර්ජන සහ අවදානම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම…

Read More

කුරුන්චතිවු ( අලිමංකඩ – උතුර) ලුණු ලේවාය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. උතුරු හා නැගෙනහිර පළාත් වල පැවති යුද මය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවූ ලුණු ලේවායේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත්, එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින්, කුරුන්චතිවු (අලිමංකඩ උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන…

Read More

වත්මන් ආණ්ඩුව කිසිවිටෙක මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.. “හිර වී ආර්ථිකය ගොඩගන්නා අතර ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ආයෝජනය කැඳවා ගත යුතුයි.රට ඇතුලේ මෙන්ම රටින් පිට අපි එය සිදු කරමින් ඉන්නවා.රට ඇතුලේ ස්ථාවරත්වයට බාධා වන ගොඩක් දේවල් දැන් සිදුවෙමින් තිබෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා රට අර්බුදයට යන්න හදනවා යැයි මතයක් හදනවා. බිලියන එක්දහස් දෙසිය ගණනක් අපේ ආණ්ඩුව මුදල් අච්චු ගහලා ඇතැයි මතයක් ගෙනියනවා.දැන් පවතින ක්‍රමවේදය යටතේ ආණ්ඩුවට මුදල් අච්චු ගහන්න නීතියෙන්ද ඉඩක් නැහැ. ආණ්ඩුව කිසි විටෙක එහෙම මුදල් අච්චු ගැසීමක් කර නැහැ.එය සමාජය නොමඟ යවන්න ගෙන…

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (22) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කඳවනු ලැබ ලැබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ගිය විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට රජය ගෙන ඇති තීරණය ගැන දෙවරක් සිතා බලන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. වික්‍රමසිංහ මහතා ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අනතුර ලන්ඩනයේ…

Read More

උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවු (අලිමංකඩ – උතුර) ලුණු ලේවාය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ වනවිට එහි නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත් එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගැනීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් අලිමංකඩ උතුර ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Read More