Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් පානදුර වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් වෙළදසැලක් ඉදිරිපිටදී එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . ප්‍රහාරයේ එල්ල කළ යතුරුපැදිය බණ්ඩාරගම දෙසට පලා ගොස් ඇති බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය කියයි. පානදුර අපරධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින්ද පරීක්ෂණ ආරම්භ කර තිබේ පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.
2015 ජනාධිපතිවරණය සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස මගින් ආනයනය කළ ක්‍රීඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යොදා ඉගෙනීමේ චෝදනාවන්ට වරදකරු කරනු ලැබූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක හා හිටපු සතොස සභාපති හා හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩ සහති සිරදඬුවක් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල අද නියම කළේය. විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශට පත් කරමින් මෙම සිර දඬුවම් නියම කළේය. මහාධිකරණ විනිසුරුවරුන් වන මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න, අමාලි රණවීර මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ…
2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි. ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල්…
අධි සංවේදී ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සිලාවතුර ප්‍රදේශයේ කැබ් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය පවසයි. සැකකරුවන් ගමන් ගත් කැබ් රථය ද පොලිසිය භාරයට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31 ත් 60 ත් අතර වයසේ පසුවන සුරියවැව, පුත්තලම, කනගරායන්කුලම, මාන්පුරී, පුදුකුඩිඉරිප්පු, තබ්බොව හා සිලාවතුර ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙම ස්කෑනර් යන්ත්‍රය සැකකරුවන් විසින් නිදන් හෑරීම සහ යුද කාලයේ වළ දැම්මයි කියන රන් සෙවීම සඳහා යොදා ගත්තේ ද යන්නපිළිබඳව විමර්ශන සිදු කෙරේ.
ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි. ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වූ බවත් ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ජාතික ලුණු සමාගම සදහන් කරයි. ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද පිටකොටුව ආනයනකරුවන් ඇතුළු ආනයනකරුවන් 100 කට වැඩි පිරිසක් තවත් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කරන බවද කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
නව කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දිවයින පුරා රෝහල් තුළ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොළඹදී පැවසීය. ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය. “නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය විශාල වශයෙන් යොමු කරලා තියෙනවා. අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුලු කොවීඩ් සම්බන්ධ කන්ඩායම් රැස්කරලා සාකච්චා පවත්වලා අපේ සෞෟඛ්‍ය පද්ධතිය තුළ මේ අවස්ථාවේ මොනවද කරන්න ඕන කියලා සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ අවස්ථාවේ ජනතාව බියවීමට අවශ්‍ය නැහැ. හැබැයි ශ්‍රී ලංකාවට මේක එන්නේ නැහැ කියළා ඒකෙන්…
ඩුබායි රටේ සැඟව සිටිමින් සිය ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බව කියන දකුණේ ප්‍රබල අපරාදකරුවකු ලෙස සැලකෙන සුභනාහන්දි ජයලත්ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දා අපරාධ සිදුකිරීමෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් හසලක,කොවිනාපොළ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ඉදිකර ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය නිසා රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් එම දේපොළ පෙරේදා (27) සිට දින හතක කාලයක් සඳහා තහනම් කර ඒ හා සම්බන්ධයෙන් වැඩිදුර පුළුල් විමර්ශන පවත්වාගෙන යයි. පර්චස් අසූවකින් සමන්විත මෙම ඉඩමේ දෙමහල් නිවාසයක් ඉදිකර ඇත්තේ කරන්දෙනියේ සුද්දා නැමැත්තාගේ බිරිඳගේ නමින්යැයි රහස් පොලිසිය සඳහන් කරයි. මෙම දේපොළවල වටිනාකම එක්…
අශිෂ්ඨත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ඨත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශිෂ්ඨ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව කීවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති බෝධිරාජ පදනමේ නිර්මාතෘ,දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිගේ 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි. තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බව කී ජනාධිපතිවරයා ආචාර්ය ඕමල්පේ සෝභිත නා…
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීමට මෙරට පැමිණි චීන ව්‍යාපාරිකයෝ සති දෙකක කාලයක් ලංකාවේ රැදී සිටීමට තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශ පවසයි. එම ව්‍යවසායකයන් සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක්ද අමාත්‍යංශයේදී පැවැත්විණි. ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා ගැන මෙහිදී චීන ව්‍යවසායකයන් දැනුවත් කර ඇති අතර ඊට අමතරව AI, Robotics සහ විදුලි භාණ්ඩ ඇතුළු වෙනත් කර්මාන්ත වල ආයෝජනය කළ හැකි බව චීන ව්‍යවසායකයන් දැනුම් දී තිබේ. මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය…
මන්නාරම නනට්ටාන් වන්කලේ ප්‍රදේශයට මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර ජනතාව ඒ හේතුවෙන් දැඩි අපහසු තාවයට පත්ව සිටි. ඒ අනුව මෙම ප්‍රදේශ මේ වන විට මුහුදු ඛාදනය ඉහල වාශයෙන් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. ඒ අනුව වෙරළ බඩ ගම්මානවලට මේ දින වල මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. ඒ අනුව අදාළ ගැටලුව සදහා බලධාරීන්ගේ අවධානය යොමු කොට මේ සදහා විසදුමක් ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටි.
