Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහ වැසිත් සමග අද අලුයම් කාලයෙ හමා ආ දැඩි සුළගකින් ආණමඩුව පොලිස්ථානය අවට තිබු දැවැන්ත ගස් ගොඩනැගිලි මතට කඩා වැටිමේන් බරපතල හානි රැසක් සිදුව ඇති බව පොලිසිය කියයි. 29 දින රාත්‍රියෙ සිට 30 දින අලුයම දක්වා මෙම දරුණු සුළං තත්වය ඇතිව තිබු බවත් වසර 40 – 50 කට වඩා පැරණි විශාල ගස් ඉදිරි ගොස් පොලිස්ථානයෙ ගොඩනැගිලි මතට කඩා වැටි තිබුනී. ආණමඩුව පොලිස්ථානය අසලම පිහිටි ආණමඩුව සහකාර පොලිස් අධීකාරි කාර්යාලයෙ ගොඩනැගිලි මතටද ගස් කඩා වැටිමේන් එයටද හානි සිදුව තිබුනි. පොලිස්ථාන භුමියෙ තිබු ගස් මෙලෙස මහ සුළගින් ඉදිරි හා ඇඹරි ගොස් ඇද වැටිම නිසා පොලිස් නිළධාරී නිවාස ඒකකය, පොලිස්ථානාධිපතිවරයාගේ නිළ කාමරය,ඇතුළු ගොඩනැගිලි…
වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන් 50ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 දෙනකු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවය අද (30) අවසන් කරන බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය. බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී සහ ප්‍රාදේශීය කාර්යාලවලදී ලබන 2 වැනිදා සිට එක්දින සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා අයදුම්පත් භාරගන්නා බව ද ආගමන විගමන පාලන ජනරාල්වරිය සදඟන් කළාය. එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන්කරගනු ලැබූ අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා අති අයදුම්කරුවන් ඉහත කාල සීමාව තුළදී අයදුම්පත් එක්දින සේවය ඔස්සේ භාරදිය හැකි බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල්වරිය වැඩි…
සාක්ෂි මගින් අනාවරණය නොවූ කරුණු වැඩිදුර වාර්තාවක සටහන් කිරීමෙන් සිදුවූ අපහසුතාවයට ”සමාව ” දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තනුජා ලක්මාලී මහත්මියගෙන් ඊයේ ඉල්ලා සිටියේය. සාක්ෂි මඟින් අනාවරණය නොවූ බරපතළ ප‍්‍රකාශයක් වැඩිදුර වාර්තාවේ සටහන් කළේ මන්ද? යනුවෙන් මහේස්ත‍්‍රාත්වරිය කළ ප‍්‍රශ්න කිරීම් වලදී රහස් පොලිසිය එලෙස සමාව අයද සිටියේය. පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්හි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල්බද්දර පද්මෙ නමැත්තාගේ උපදෙස් මත විදෙස් ගමන් බලපත‍්‍රයක් නිකුත් කිරීමට සැකකාර ආගමනය විගමන සහකාර පාලකවරයා කටයුතු කළේ යැයි වැඩිදුර වාර්තාවේ සටහන් වී ඇත්තේ ප‍්‍රමාද දෝෂයකින් බවත්, එමගින් සිදුවූ අපහසුතාවයට සමාව අයදින බවත් රහස් පොලිසිය ප‍්‍රකාශ කළේය. සහකාර පාලකවරයා පාතාල…
බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරුන් දෙදෙනා දඬුවම් විඳින සිරකරුවන් සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස්( මාධ්‍ය) ගාමිණී දිසානායක මහතා පැවසීය. දෙදෙනා වෛද්‍යවරයාට ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයේ වැඩ පැවරීම අද(30) කරන බවද හෙතෙම සඳහන් කළේය. බරපතළ සිර දඬුවම් විඳින සිරකරුවන්ට අතුගෑමේ සිට ඉතා දුෂ්කර වැඩ දක්වා රාජකාරී පැවරීම කළ හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. දෙදෙනාට සාමාන්‍ය දඬුවම් විඳින සිරකරුවන් වශයෙන් බන්ධනාගාරයේ ජීවත්වීමට සිදුවන බවත් කොට්ටයක් පැදුරක් හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොලැබෙන බවත් ගාමිණි දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෙරට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ (Wang Wentao) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව මෙහිදී සඳහන් කළ චීන අමාත්‍යවරයා ආයෝජකයන් 100කට වැඩි පිරිසක් සමඟ සිදු කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බවද පැවසීය. අභියෝගාත්මක සමයක දෙරටටම වාසි සහගත අයුරින් වෙළෙඳ සහ ආර්ථික අරමුණු ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. උතුරු – මැද පළාතෙත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකියි.
හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ජයබිම ප්‍රදේශයේ හරහා ඊයේ (29) රාත්‍රී 11.45 ත් 11.55 ත් අතර කාලය තුළදී වැස්සත් සමඟ හමා ගිය දැඩි සුළඟකින් නිවාස 15 කට පමණ දැඩි ලෙස හානි වී ඇත. එම ප්‍රදේශය හරහා හමා ගිය සුළඟින් නිවාස ගණනාවකම වහලවල් සුළඟට ගසා ගෙන ගොස් ඇති අතර ගස් ඉදිරි වැටීම නිසාවෙන් ද හානි රැසක් සිදුව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති. එමෙන්ම මොරගහහේන ඉහල මිල්ලෑව උතුර ප්‍රදේශයේ නිවසකට සුළගින් දැඩි ලෙස හානි සිදුව ඇති අතර නිවසේ වහලයෙන් කොටසක්ම සුළගට ගසා ගෙන තිබුණි. තවද එම ප්‍රදේශයේ ගස් කඩා වැටීම නිසාවෙන් විදුලිය විසන්ධි වී ඇති බවද ජනතාව පවසති.
නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේදැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බියවිය යුතු නැතැත් එය මෙරටට පැමිණීමේ අවදානමක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, “අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ඊයේ තමා ප්‍රධාන සාකච්ඡාව පැවැත්වුයේ. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා.…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම 2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ අතර එය මෙලෙස හෙට (30) දිනයෙන් අවසන් වෙයි. ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා සිදුකරනු ලැබේ. එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබු එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ…
