Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිඟ බිල්පත් හේතුවෙන් රුපියල් කෝටි 1600ක ආදායමක් මෙතෙක්ලැබී නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙසේ ගෙවීමට ඇත්තේ මාස දෙකක හිඟ බිල්ය. එම පිරිස් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. මණ්ඩලයේ ජල පාරිභෝගිකයන් ගණන ලක්ෂ 32 ඉක්මවා ඇත.
තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසඳාගැනීම සඳහා අතරමැදියෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මැදිහත් වන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරයි. උන්වහන්සේ පවසන්නේ ඒ සඳහා ජනාධිපතිවරයාට පූර්ණ අයිතියක් ඇති බැවින් භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් දෙරටේ බලධාරීන් හමුවී මේ පිළිබඳ කඩිනමින් සාකච්ඡා කළ යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, “බෞද්ධ රටවල් දෙකක් හැටියට කරුණාකරලා පාරම්පරිකව අවුරුදු දහස් ගණනාවක් තිස්සේ තමන් ලද උරුමයට මුල් තැන දීලා බෞද්ධ ක්‍රමයට මේ ප්‍රශ්නය විසඳගන්න ඉදිරිපත් වෙන්න. කරුණාකරලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න කියලා අපි තායිලන්තයේ සහ කාම්බෝජයේ බලධාරීන්ට කරුණාවෙන් මතක් කිරීම සඳහා වූ යෝජනාව සඳහා අද…
අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුදු අරලිය හෝටලයට වැව් රක්ෂිතයේ කොටසක් අල්ලාගෙන ඇති හෙයින් වැට ගලවා ඒ කොටස නිදහස් කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. හෝටලය සංචාරක මණ්ඩලයෙන් බද්දට ගත් එකක් හෙයින් ඊට කිසිදු ගැටලුවක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි (සුජිත් හේවාජුලිගේ) අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මාතර සිට හම්බන්තොට හරහා…
ගල්කිරියාගම මකුළුගස්වැව හීනුග්ගල රක්ෂිතයේ දි ගැබ්බර මුව දෙනක වෙඩි තබා ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි දඹුල්ල මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මඩාටුගම පොලිසියේ සැරයන් 48455 ඩිල්ෂාන්, ගිරානේගම පොලිසියේ සැරයන් 60221 දිසානායක, රුම්කමන් ප්‍රසන්න විජෙසිංහ සහ චන්න සරංජන් යන සිවු දෙනාය. සතුන් දඩයමට යොද්ගත් බව කියන පතුරම් තුවක්කු තුනක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. විමර්ශනව ප්‍රගතිය ලබන නඩු වාරයේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයි නියෝග කළාය.
මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් මධ්‍යම රාත්‍රියේදී වටලා තරුණ තරුණියන් 21 කු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. ලද තොරතුරක් මත කඩුවෙල වැලි විට ප්‍රදේශයේ හෝටලයක් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී තීරු බදු රහිතව මෙරට ආනයනය කරන ලද දුම් වැටි 15 ක් පීල් නමින් හඳුන්වන මත් පෙති 07 ක් පාලනය කිරීමට ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 22/27 අතර පසුවන කොළඹ අවට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. කඩුවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට දෙවන දිනටත් අද (27) උදෑසන විශාල මාරගසක් කඩා වැටීමෙන් දෙවන දිනටත් ගල්බොඩ නාවලපිටිය අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . මෙම ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ඊයේ (26) දහවල් දිනයෙත් එම ස්ථානයේදීම විශාල මාරගසක් කඩා වැටීමෙන් ඊයේ (26) දිනයේ ද දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබු බවත් දුම්රිය බළධාරින් කීය . අද (27) උදෑසන මෙසේ දෙවන වරටත් එම ස්ථානයේ විශාල මාරගසක් දුම්රිය මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් , මේනිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා අද (27) අලුයම 4.20ට පමන ගමන් ආරම්භ…
නිවස අසළින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව් හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි සොයා ගත් බව දිඹුල පතන පොලිසිය පැවසීය. මෙසේ ඩෙවෝන් ඇළේ තිබි හමුවූයේ හැටන් කොටගල රොසිටා ජනපදයේ පදිංචිව සිටි කේතීස්වරම් ජසිතා නැමති දැරියගේ සිරුරයි. මල්වර උත්සවයකට මව සමග යෑම සදහා සිය වැඩිමල් දියණියට ඇදුම් අන්දවා දැරියගේ මව ලෑස්ති වි සිය දියණිය සොයන අවස්ථාවේ දියණිය නිවසේ නොසිටි නිසා අසල්වාසීන්ගේ සහයෝගය ඇතිව දියණිය සොයන අවස්ථාවේ දියණිගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි හමුවී ඇති බව දිඹුල පතන පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේය. මිය ගිය දැරියගේ නිවස ඉදිරිපිටින් ඩෙවෝන් දිය ඇල්ලට…
මල්ලාවී ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක නිරත වෙමින් සිටි පොලිස් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනකු මල්ලාවි පොලිසිය මගින් අත්අඩංගුව ගනු ලැබ ඇත. මුලතිව් කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (26) මල්ලාවී මංගෙයිකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක්කර. නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී නිලධාරීන් සැකකරුගේ නිවසේ පරීක්ෂා කිරීමට යාමේදී නිවසේ සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුනට, නිවස පරීක්ෂා කිරීමට ඉඩ නොදී පහර දුන් බව මල්ලාවි පොලිසිය සඳහන් කරයි.
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. ඒ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක පුහුණු වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව පැවති අතර අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීහු 100කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටියහ. මෙම වැඩසටහන…
