Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය. හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව 2017 වසරේ දී පැවති විරෝධතාවයකදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවරුණු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඕෂද මහ ආරච්චි මහතා මෙම වරෙන්තුව නිකුත් කළේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥවරු පිරිසක් හම්බන්තොට අධිකරණයට අද පෙරවරුවේ මෝසමක්ද ඉදිරිපත් කළහ
පසුගිය මාස කිහිපය තුළදී සංවිධානාත්මක අපරාදකරුවන් මෙන්ම විවිධ අපරාධවල නිරත වූ සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ද ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගනිමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. රටෙහි නීතිය හා සාමය ස්ථාපනය කිරීමේ අරමුණින් සිදු කරන මෙම අත්අඩංගුවට ගැනීම්වලට අදාළ සුවිශේෂි අත්අඩංගුවට ගැනීම් කිහිපයක් ඊයේ (28) දිනය තුළදී සිදු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව ඇත. ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයෙකු වන නිශාන්ත උළුගේතැන්න යන අය පුද්ගල අතුරුදන් වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණවලට අදාලව 2025-07-28 වන දින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන…
සිය නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට පත්වූවන් අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්පෙති සැපයූ බව කියන පුද්ගලයා ද සිටී. එම නිවස තුළ ගබඩා කර තිබී මිලිගෑම් 150 මත්පෙති පෙට්ටි 21ක් හා මිලිගෑම් 300 මත්පෙති පෙට්ටියක් සමග සම්පූර්ණ මත් පෙති 1,330,420ක ප්‍රමාණයක් පොලිසිය සිය භාරයට ගෙන ඇත. බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙක් නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට මන්නාරම…
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එළැඹෙන මස 04 වැනි දින සිට 08 වැනි දින දක්වා අදාළ විශේෂ දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවය.
අනුර කුමාර ජනපතිගේ දක්ෂ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා පැවසීය. ලංකාව මෑතකදී මුහුණ දුන් ආර්ථික අභියෝග ජය ගනිමින් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවද මාලදිවයින් ජනාධිපතිවරයා කීය. මාලදිවයිනේ ජනාධිපතිවරයා මේ බව පැවසූයේ මාලේ නුවර දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එහිදී මාලදිවයිනේ ජනාධිපතිවරයා මෙසේද පැවසීය. ජනාධිපති දිසානායක මැතිතුමා සහ එතුමාගේ දූත පිරිස මාලදිවයිනට සාදරයෙන් පිළිගැනීමට ලැබීම මට මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයකි. ඔබතුමාගේ මෙම සංචාරය, දිගු කාලයක් පුරා…
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ පිහිටි කුඩ කර්මාන්තත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව මහනුවර ගිනි නිවීමේ ඒකකය කියයි. එම ගින්න විශාල වශයෙන් කර්මාන්තශාලාව පුරා පැතිර ගොස් ඇති බව පවසන මහනුවර ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ සහ ජල බවුසර් පිටත්ව ගිය බව එම ඒකකය කියයි.
යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ) චම්පික විජෙරත්න( 53) , ඔහුගේ බිරිඳ සහ දියණිය ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි. පේරාදෙණිය පොලීසියට ලද තොරතුරක් මත ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ. මියගිය චම්පික විජේරත්න මහතා දිගු කලක් දේශපාලනයේ නිරතව සිටි අයෙකි. ඔහුගේ සිරුර නිවසේ කාමරයක එල්ලී තිබියදී පොලීිසියට හමුවී ඇති අතර 16 හැවිරිදි දියණියගේ සහ බිරියගේ සිරුරු නිවසේ තැනින් තැන තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි. ඔවුන්ගේ කුඩා දියණිය සිද්ධියෙන් දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි. මෙම අභිරහස් මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පේරාදෙණිය පොලීසිය පවසයි. මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් හේතුවක් මත…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
ජුලි මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට( 30) බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. රුපියල් 3,003,840,000 (තුන් බිලියන තුන් මිලියන අටලක්ෂ හතලිස් දහසක) ක මුදලක් ප්‍රතිලාභීන් 600,768 (හය ලක්ෂ හත්සිය හැට අටක්) ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභි ගිණුම් වලට බැර කිරීමට නියමිත බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ත්‍රී රෝද රථයක ගැටී බරපතල තුවාල ලැබූ පදිකයකු රෝහල් ගත නොකර මාර්ගයේ දමා යාමෙන් ඔහුගේ මරණය සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වත්තල පදිංචි 59හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් තිදෙනා ත්‍රී රෝද රථයෙ ගමන් කරමින් සිටියදී කඳාන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි ඉහත පුද්ගලයා ත්‍රී රෝද රථයෙ ගැටී බරපතල තුවාල ලබා ඇත. අනතුරින් සැකකරුවන් තිදෙනා පදිකයා රෝහල්ගත කිරීම සඳහා බව පවසමින් ත්‍රීරෝද රථයේ දමාගෙන රැගෙන ගොස් රෝහල් ගත නොකර මාර්ගයේ දමා ගොස් තිබේ. මාර්ගයේ වැටී සිටින පුද්ගලයා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය පැමිණ තුවාලකරු රෝහල් ගත කරන අවස්ථාවේ ඔහු මිය ගොස් තිබේ.
