Author: LANKA24X7

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා බලධාරියෙක් ක්‍රිකට් ආයතනයට කරන අඛණ්ඩ බලපෑම් පිළිබඳව අයි.සී.සී.යේ අවධානය යොමුවී ඇති බවත් අදාල නිලධාරියාගේ බලපෑම තව දුරටත් පැවතිය හොත් අයි.සී.සී.යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවීමට ඉඩ ඇති බවත්ය. එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අරමුදලක් ඇතුළු සියලුම අයිතිවාසිකම් අහිමිවන බව කී එම නිලධාරියා අන්තර්ජාතික ක්‍රිකට් සභාව අතුරු පාලන කමිටු පිළිනොගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව මගින් ද අනුමත කළ බව පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී පසුගිය (3) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම අනුමැතිය හිමිවූ බව ද පක්‍ෂ මහලේකම්වරයා සඳහන් කළේය. පක්‍ෂයට ඔවුන් එල්ල කරන විවේචනවලට අනාගතයේදී ජනතාව සමඟ එක්වී පිළිතුරු ලබාදෙන බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

Read More

පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ.

Read More

ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත. ඒ සඳහා 2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කරන නව පනත් කෙටුම්පතක් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද…

Read More

ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වන ළමා පිළිකා රෝගීන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණපෑමට සිදුව තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා ඒකකයට පසු මෙරට රෝහලක නවීණ තාක්ෂණයෙන් යුත් අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් සහිත ළමා පිළිකා ඒකකයක් පිහිටා ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේය. නමුත් අවදානමක් සමග එහි දිවි ගෙවන පුංචි දරුවන් 250කට ආසන්න සංඛ්‍යාවකට සායනික ප්‍රතිකාරත්, තවත් දරුවන් රැසකට නේවාසික ප්‍රතිකාරත් නැවතී අදවන විට වසර 2කට ආසන්නය. ඒ සුදුසුකම් ඇති ළමා පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට නොමැතිවීම හේතුවෙනි. මේ හේතුවෙන් නැගෙනහිර ,ඌව සහ දකුණු පළාතේ දරුවන් රැසකට මහරගම අපේක්ෂා රෝහලේ ළමා ඒකකයට ප්‍රතිකාර සඳහා යොමුවීමට සිදුව තිබේ. සෞඛ්‍ය බලධාරීන් අදාළ පුරප්පාඩු පුරවා ගාල්ල කරාපිටිය…

Read More

ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. දෙසැම්බර් මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබු රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර තිබේ. පසුගිය මැයි මස 18 වන දින සිට ටින් මාළු කිලෝග්‍රෑම්යක් සඳහා අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. අදාළ බදු සංශෝධනයන් මුදල් ආර්ථික…

Read More

2023 වසරේදී නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් ඒ හරහා ප්‍රාදේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “2048 වේදිකාව” නැමති තරුණ සංවිධානය අයවැය පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීමට ජනාධිපති නිල නිවසේදී සංවිධාන කර තිබු විශේෂ වැඩසටහනකට ඊයේ (03) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී තරුණ තරුණියන් විමසු ප්‍රශ්න සඳහා ජනාධිපතිවරයා පිලිතුරු දුන් අතර පහත දැක්වෙන්නේ අදාළ සංවාදයේ කොටසකි, ජනාධිපති – “මම බලන්නේ එළඹෙන අවුරුදු 25 තුළදී මීට වඩා හොඳ ආර්ථිකයක් ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් හදාගත යුතුයි. මේ අයවැයෙන් තමා එක පටන් ගන්නේ. මම අගෝස්තු මාසේ ගෙනාව…

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරියක් සියදිවි හානිකරගෙන තිබේ. කඩුගන්නාව පොලීසිය පැවසුවේ එම වෛද්‍යවරිය ඌරාපොල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදි ගෙළවැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වෛද්‍යවරියකි. සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කඩුගන්නාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (04) සවස 3.45 සිට රාත්‍රී 11.00 වන තෙක් එම නිවේනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

2022 නොවැම්බර් මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 107.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය සඳහා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුළු ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,129.4ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Read More