Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර අද (07) සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය හෙට (08) වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට වෙත ළඟා වීමට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුව නිවේනය කරයි. ඒ හේතුවෙන් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳව අදාළ සාකච්ඡාව සිදුවී ඇති බවය. එම හමුව කොළඹදී සිදුවී තිබේ.
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය සම්බන්ධ මහා පරිමාණ මුදල් වංචාවට ආධාර අනුබල දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය රුපියල් 50,000 මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය. මෙම නඩුවට අදාළව සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොන්දේසියක් නියම කළේය. විදෙස් ගමන් තහනමට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා…
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ලොව දියුණු රටවල් සමග ඉදිරියට යාමට හැකි පසුබිම සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට නියත වශයෙන්ම ආර්ථික සමෘද්ධිය කරා ගමන් කරවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකු මව්බිම හැර යා යුතු නොවන බව ද සඳහන් කළේය. තමන්ගේ ලෝකය තම රට තුළ නිර්මාණය කර ගැනීම තාරණ්‍යයේ වගකීම වන අතර සැබෑ දක්ෂතාව එය බවත් 2025 වන විට සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට දායකවීමට තරුණ තරුණියන්ට අවස්ථාව ඇති බවත් ජනාධිපතිවරයා පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 2023 අයවැය පිළිබඳ තරුණ තරුණයින් සමග පසුගිය 03 වනදා පැවති මාර්ගගත සංවාදයේදී අදහස් දක්වමිනි. සංවාදයට එක් වූ තරුණ…
අන්තර් විශ්වවිද්‍යාලයීය හික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප නියමකර තිබේ. සැකකරුවන්ව අද (06) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුණි. කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ තවදුරටත් රඳවාගෙන විමර්ශන සිදුකෙරෙනු ඇති බව වාර්තා විය.
විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විදුලිය ගාස්තු සංශෝධනය නතර කළ හැක්කේ අනිවාර්යෙන්ම පැය හයක අටක විදුලි කප්පාදුවකට යෑමෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා විදුලිය බිල ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට සංශෝධනය කළ යුතු බවද සඳහන් කළේය. විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිය බල මණ්ඩලය ඉල්ලූ සංශෝධනවලට මහජන උපයෝගීතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු පැවසුවේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. කංචන විජේසේකර මහතා මෙසේද සඳහන්…
ඩීසල් මිල පහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තු පහත නොදමන බවත් රුපියල් 10 කින් ඩීසල් ලීටරයක් අඩු කිරීම බස් ගාස්තු පහත දැමීමට ප්‍රතිශතයක් ලෙස ප්‍රමාණවත් නොවන බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. මීට පෙර අවස්ථාවේදී රුපියල් 10 කින් ඩීසල් ලීටරයක මිල ඉහළ දැමූ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ නොදැමූ බව කී එම නිලධාරියා බස් ගාස්තු සංශෝධනය කිරීමට මිලේ වෙනස සියයට 4 ක් වඩා වැඩිවිය යුතු බව ද සඳහන් කළේය.
කොකාවිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා පුහුණු කඳවුරක පුහුණුවීම් අතරතුර සිදුවූ අනතුරකින් හමුදා සෙබළෙකු මියගොස් තිබේ. පුහුණුවීම් අභ්‍යාසයක නිරතව සිටියදී යුද ටැංකියක ගැටීමෙන් ඔහු අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේ. අනතුරින් බරපතළ තුවා ලැබූ හමුදා සෙබළා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 19 හැවිරිදි තඹුත්තේගම සිරිමාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබළෙකි. අනතුර සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අමෙරිකාවේ ‘Cheers’ නම් ප්‍රහසන රූපවාහිනී කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකා රෝගයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවට පවුලේ ඥාතීන් තහවුරු කර ඇති බවය. අමෙරිකාවේ කැන්සාස්හි විචිටාහි උපත ලැබූ ඇය මියයන විට 71 වන වියේ පසු වූණා. චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඇය චියර්ස් නම් ප්‍රහසන කතා මාලාවේ දැක්වූ රංගනය වෙනුවෙන් එමී සම්මානයටද පාත්‍ර වී තිබේ.
බාහිර ණය අර්බුදය නිසා පීඩාවිඳින ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය විසින් ආරාධනා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ට මෙම සතියේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බව සඳහන් ය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණදී ඇති අර්බුද සහ ණය අර්බුදයට සහන ලබාදිය හැකි ආකාරය සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ට ආරාධනා කළ බව චීන විදේශ අමාත්‍යංශය පැවසීය.
