Author: LANKA24X7

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ. අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කිරීම අගය කරන බව පැවසූ කන්නි විග්නරාජා මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩව ලබාදෙන බවට ද සහතික වී තිබේ. තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත ආර්ථිකය, සමාජ සහජීවනය සහ සමාජ ආරක්ෂණය පිණිස වූ සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක…

Read More

උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබේ. එලෙස සේවයෙන් පහ කර ඇත්තේ එරට දෙවැනි ප්‍රධානතම හමුදා ප්‍රධානියා වන පක් ජොන් චොන්ය. පක් ජොන් චොන් සැලකෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ට පසු එරට බලවත්ම හමුදා ප්‍රධානියා ලෙසය. ඔහු එරට පාලක කම්කරු පක්ෂයේ හමුදා කොමිසමේ උප සභාපති ලෙසින් ද කටයුතු කර ඇත. හමුදා ප්‍රධානී චොන්ගෙන් හිස්වූ හමුදා කොමිසමේ ධුරය සඳහා තවත් උසස් නිලධාරියෙකු වන රී යොන්ග් ජිල් පත් කර තිබේ. පසුගියදා පැවති හමුවක් අතරතුර උතුරු කොරියානු හමුදාව අත්පත් කරගෙන ඇති අවි බලය සම්බන්ධයෙන් ප්‍රශංසා කිරීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය. පක් ජොන් චොන්…

Read More

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමා තිබේ. ඒ අනුව විශේෂ අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 206 කින් ඉහළ නංවා ඇති අතර ඉන් අය කෙරෙන නව බද්ද රුපියල් 1,256කි. එමෙන්ම පොල්, තල් හා පදනම් කළ අරක්කු බෝතලයක් සඳහා ද පනවා තිබු බද්ද රුපියල් 224 කින් ඉහළ දමා තිබේ. දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 266 කින් ඉහළ දමා ඇති අතර මධ්‍යසාර ප්‍රතිශතය 4.8% ක් වන බියර් බෝතලයක බදු මුදල රුපියල් 21 කින් ද ඉහළ නැංවුණි. එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය 8.8% ක් වන බියර් බෝතලයකට…

Read More

ඉන්ධන සඳහා පවතින බදු අනුපාත ද ඉහළ නැංවීමට යෝජනා වී තිබේ. ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට පවතින අමෙරිකානු ඩොලර් මිලියන 2,758ක ණය මුදල මුල්‍යනය කිරීම සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් 0.3%ක ආදායමක් උපයා ගැනීම සඳහා ඊට අදාළ මුදල් පනත පාර්ලිමේන්තුව සම්මත කරන තුරුය. ඒ අනුව සියලුම ඉන්ධන සඳහා පැවති බදු ඉහළ නංවා ඇති අතර සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්දක් එක් කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක් සඳහා පැවති නිෂ්පාදන බද්ද රුපියල් 27 සිට රුපියල් 52 ක් දක්වා ඉහළ නංවා ඇත. එමෙන්ම වෙනත් වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා ද පැවති රුපියල් 27ක බද්ද රුපියල් 52 දක්වා…

Read More

පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබේ. අදාළ ආයතනවල සභාපතිවරුන්ගෙන් එම වාර්තාව කැඳවා ඇත.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය (04) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව සඳහන් කරයි.

Read More

බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කළේ, “දැන් අපිට ආරංචි වුණා ජා-ඇළ පැත්තේ 16ක වගේ මේ ටෙන්ඩර් එක දීලා බිත්තර ගේන්න. රුපියල් 50ට දුන්නම අපිට රුපියල් 2යි ලාබ. හැබැයි එතුමා බිත්තර ගෙනාවොත් අපේ බිත්තර එයාට වඩා අඩුවෙන් දෙනවා. අපිට පුළුවන්. එතුමා 25ට දුන්නොත් අපි 20ට බිත්තර දෙනවා.” වෙළෙඳසැල් රැසක රුපියල් 65 කට බිත්තර අලෙවි කරමින් සිටි වෙළෙඳුන් බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩලය පසුගිය (02) අනුමැතිය දීමෙන් පසු ඊයේ (03) නැවතත් රුපියල් 55 කට බිත්තර අලෙවි කරනු…

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයා තීරණය කර තිබුණේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කළේය. ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 160ක් පමණි. තරගය පැවැත්වුණේ මුම්බායි වංකඩේ ක්‍රිඩාංගණයේදීය. තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක්…

Read More

නව බදු පනතට එරෙහි පෙත්සම ලබන 11 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය කම්ටු සාමාජික චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අදාළ පෙත්සමට අත්සන් තැබීම මේ වන විටත් සිදුකෙරෙන බවය.

Read More

කහටගස්දිගිලිය, ඊතලවැටුනවැව ප්‍රදේශයේ වෙල්යායකදී කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. කුඹුරට ජලය හැරවීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇයගේ ඥාති පුත්‍රයා සමග ඇති කරගන්නා ලද බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතන සිදුව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (03) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇත. එලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ඊතලවැටුනවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. පහරකෑමට ලක්වූ කාන්තාව එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More