Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදුකළ බව එම කොමිසම සඳහන් කළේය. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි අනුරාධපුර ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (23) දිනයේ දී කොමිසමේ සභාපතිවරිය වෙත භාරදීමට නියමිතව තිබේ. බුදු දහම ආරක්ෂා කිරීමේ වගකීම ව්‍යවස්ථානුකුලව රජයට පැවරී ඇති අතර එම කරුණ පදනම් කර ගනිමින් මානව හිමිකම් කොමිසම වෙත රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන්…
වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 40 හැවිරිදි නයිජීයානු ජාතිකයෙකි. මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතූරක් මත ඊයේ (22) පස්වරුවේ මිරිහාන ගංගොඩවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම පුද්ගලයා නිවසක සිටියදී හමු වූ බව පොලීසිය පවසයි. ඔහු සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත. එම පුද්ගලයා යම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. සැකකරු අද (23) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ. දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ. අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත් වේ. මේ අතර අපේක්ෂයින් වලංගු හැඳුනුම්පතක් සහ විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඉක්මනින් තම විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි. උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
තියුණු ආයුධයකින් පහරදී මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ දී 83 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. සිද්ධියට සැකපිට මරණකරුගේ පුත්‍රයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. බහින්බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයාට සැකකරු තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇත. එහිදී එම පුද්ගලයා මියගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයේ මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පළාත් පාලන ආයතන රැසකට ප්‍රධාන දේශපාලන පක්ෂ භාරදුන් නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 15ක පමණ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ලංකා කම්කරු කොංග්‍රසය හාලිඇළ ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබුණු අතර එහි අපේක්ෂකයින් ඒ බව දැනගැනීමෙන් අනතුරුව හඬා වැටුණි. හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී තිබු අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකර ලෙස කළ ඉල්ලීමට විදුලිබල මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව පැවසීය. ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දීය. කෙසේවෙතත් විභාගය නොපැවැත්වෙන කාලය අතරතුර තුළ දී යම්කිසි කෙටි විදුලි විසන්ධිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පවසයි. රාත්‍රී කාලයේ ද අධ්‍යනය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස කළ ඉල්ලීමට මේ වනවිට යම් එකඟතාවයකට පැමිණ ඇතැයි ද විභාග කොමසාරිස්වරයා පැවසීය. නමුත් නැවත නැවතත් දරුවන් ගැන අවධානය යොමුකරමින් විදුලි කප්පාදුව සීමා කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලෙස ඒ මහතා…
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ව එම ධුරයෙන් ඉවත් කර තිබේ. අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වයඹ ආණ්ඩුකාරවරයා විසින් ඔහුව ධුරයෙන් නෙරපා ඇති බව වාර්තා වෙයි. කුරුණෑගල නගර සභාවේ අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීම ඊට හේතුව ලෙස දැක්වෙයි. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ අදාළ දැනුම්දීම අද දිනය තුළ චීනය විසින් ලිඛිතව සිදුකරනු ඇති බවය. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සිය ස්ථාවරය පසුගිය 16 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී තිබුණි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සිය එකඟතාව සිදුකරනු ඇති බව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ප්‍රකාශ කළේය. රොයිටර්ස් පුවත් සේවය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රියන්ත රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ…
නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා නියම වුණා.කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ . ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕන. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා. සහෝදරයා වුණාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර පහ නංගිලා බෙදාගෙන…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි. හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිත කර නැහැ. හිටපු සෑම ජනාධිපතිවරයෙකුගේම ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අනුඛණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අනුඛණ්ඩයටද අවශ්‍යතාවට සරිලන පරිදි වාහන වෙන්කර ඇති බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර පැවසුවේ. හිටපු ජනාධිපති…
