Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා 2014 සිට 2020 දක්වා වූ කාලපරිච්ඡේදයේදී රුපියල් කෝටි 230කට වැඩි අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. මාසික උපයෝගීතා ගාස්තු අය කරගෙන තිබුණේ ඉන්ධන පිරවුම්හල් 11කින් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ. සංස්ථාව සතු පිරවුම්හල් (CODO) සහ භාණ්ඩාගාරය සතු කාණ්ඩයේ පිරවුම් හල්වලින් (TODO) 2014 ජනවාරි 1 වැනිදා සිට මාසික උපයෝගීතා ගාස්තු අය කිරීමට තීරණය ගනු ලැබුවේ එවකට අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. පසුගිය විගණන වාර්තා කිහිපයකින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණද ඉන්ධන පිරවුම් හල්වලින් මෙම ගාස්තු අය කර…
ජනවාරි පළමුවැනිදා සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ උග්‍ර හිඟයක් පවතින අවස්ථාවක වයස අවුරුදු 60 සම්පූර්ණවන නිලධාරිනියන් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතවන බවය. “වෙනත් වර්ෂවලට වැඩිය 2022.12.31 වනදායින් පසුව විශ්‍රාම යන පිරිස වැඩිවෙලා තියෙනවා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ. මේක අපි දකින්නේ මේ වර්ෂයේ අවුරුදු 60 සම්පූර්ණ වෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අමතරව දැනට සේවයේ යෙදිලා හිටිය අවුරුදු 61, 62, 63, 64 කියන වයස සම්පූර්ණ කරපු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනුත් මේ දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යන්න නියමිතයි. මෙතැන දී…
තමාගේ 100වැනි ටෙස්ට් තරගය ට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් ශතකයක් රැස්කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම ට එරෙහිව මෙල්බර්න් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු නොදැවී ශතකය ක් ලබාගෙන සිටියි. තම 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමට සමත් වූ 10 වැනියා ඔහු වෙයි.
හිටපු විදුලිබල ඇමතිවරයෙක් රුපියල් ලක්‍ෂ 56 ක සහ තමත් හිටපු අමාත්‍යවරයෙක් රුපියල් ලක්‍ෂ 23ක් ලෙස මේ වන විට මරණයට පත්ව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි ගණනක විදුලි ගාස්තු ගෙවීම් පැහැර හැර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා අද (20) පැවසීය. මියගිය සහ හිටපු අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 82 ක් විදුලි ගාස්තු රුපියල් කෝටි ගණනක් ගෙවා නොතිබුණ ද එම නිවෙස්වල විදුලිය විසන්ධි නොකරන විදුලිබල මණ්ඩල බලධාරීන් ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවගේ සුළු විදුලි ගාස්තුවක් නොගෙවූ විට විදුලිය විසන්ධි කරන බව කී ජයලාල් මහතා සියලු දෙනාට එකම නීතිය ක්‍රියාත්මක කිරීමට ජනතාව ඉදිරියට පැමිණිය…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සංධානතව තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. නව සංධානය යටතේ නාම යෝජනා මණ්ඩල පත් කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ. පළාත් පාලන ඡන්දය කල් දැමීමේ සූදානමක් පවතින්නේදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් පැමිණිල්ල අල්ලස් කොමිසමට අද (20) භාරදී ඇත. ඔෂල හේරත් මහතා කියා සිටින්නේ, ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය. එබැවින් ඇයට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන හා විගමන පනතට පටහැනි ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි. එම නිසා මේ තුළින් බලය අයුතු ලෙස පරිහරණය කිරීම සිදුවී ඇතැයි පෙන්වා දෙන පැමිණිලිකාර ඔෂල හේරත් මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. “2311/8 කියන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තුනී ලෑලි නැත්නම් MDF බෝඩ් වර්ග ගෙන්වීම සඳහා, ඒ වගේම ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය CCTV කැමරා, විශේෂයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි අපි මීට පෙර නිදහස් නොකර ක්‍රීඩා උපකරණ රැසක්. අපේ දරුවෝ නිතරම භාවිතයට ගන්න ටෙනිස් බෝල,…
කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබේ. කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව අනුමත වීසා කාණ්ඩ පහතින් දැක්වේ. * වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා “ආයෝජක වීසා” කාණ්ඩය * සේවා නියුක්තිකයින් වෙනුවෙන් “සේවා නියුක්ත වීසා” කාණ්ඩය *කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය
රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 2020 වසරේ සිට මේ දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. රජය මගින් ක්‍රියාත්මක කළ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හේතුවෙන් සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි. “2020 වෙනකොට මේ රටේ පවුල් 1,810,000 ක පමණ ප්‍රමාණයක් මේ විදියට සමෘද්ධි ලාභීන් හැටියට සලකලා සහනාධාර ගෙව්වා. 2020 සිට 2022 අවසානයට එනකොට තමයි මෙම සමෘද්ධි ලාභීන්ගේ යම්කිසි අඩුවීමක් දක්නට ලැබෙන්නනේ. ප්‍රධානතම හේතුව තමයි රජය විදියට ක්‍රියාත්මක කරපු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය. විශේෂයෙන්ම සමෘද්ධි ලාභී අඩු ආදායම් සහිත පවුල් ලක්ෂ 2ක් ඉල්ලකරගෙන ඒ පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න…
LPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයකින් පහසු ජයක් ලැබීමට දඹුල්ල ඕරා කණ්ඩායම සමත්වුණා. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 04 කින් පරාජය කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී රැස් කළේ ලකුණු 129 ක් පමණයි. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 42 කදී නොදැවී ලකුණු 63 ක් රැස් කළා. ඒ, හතරේ පහර 03 ක් සහ හයේ පහර 05 ක්ද සමගයි. පන්දු යැවීමේදී මැතිව් ෆෝඩ් ලකුණු 11 කට කඩුළු 04 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 02 කදී කඩුළු 06 කට ලකුණු 134 ක් ලබා ගනිමින්…
