Author: LANKA24X7

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මාසයේ 61%ක්ව පැවති උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2% දක්වා අඩුවී ඇති බවය. එසේම නොවැම්බර් මාසයේ 73.7%ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 64.4% දක්වා අඩුවී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2023 ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් සඳහන් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවය. මේ අතර 2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා පත්කෙරුණි. ඒ අනුව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් හෙට (31) දිනයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් ඇති වන පුරප්පාඩු සම්බන්ධයෙන් සොයාබලා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකිම එම කමිටුවට පැවරි තිබේ. එහිදී සීමිත නව බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍යව ඇත්නම් එම බඳවා ගැනීම් සඳහා වූ නිර්දේශ අදාළ කමිටුව විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්…

Read More

සුනඛයෙක් ව අපයෝජනයට ලක්කළ බවට මාධ්‍ය හමුවක් පවත්වමින් ආශු මාරසිංහ මහතාට චෝදනා එල්ල කළ සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ආදර්ශා කරදනට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඔහු විසින් එන්නරවාසී යොමුකර තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරදන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එල්ල කළ සියලු චෝදනා අසත්‍ය බව මහාචාර්ය ආශු මාරසිංහ සිය එන්තරවාසියෙන් පෙන්වාදී ඇත. පසුගිය 23 වන දින සමගි වනිතා බලවේගයේ හිරැණිකා ප්‍රේමචන්ද්‍රට සහ ආශු මාරසිංහ සමග වයිවාහක ජීවිතයක් ගතකළ බව පැවසූ ආදර්ශා කරදන මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල කළේය. මහාචාර්ය ආශු මාරසිංහ මහතා පිළිබඳ සකස් කර සංස්කරණය…

Read More

මෙරට තානාපති කාර්යාලය මගින් සිය රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මහනුවර පැමිණියහොත් මහනුවර ඇති ත්‍රීරෝද රථ වල ගමන් නොකරන්නැයි දන්වා යවා ඇති බව වාර්තා වේ. මහනුවර නාගරික කොමසාරිස්වරයා මේ පිළිබඳව සඳහන් කරමින් පවසන්නේ මහනුවර ත්‍රීරෝද රථ රියැදුරන්ගේ අනීතික කටයුතු හේතුවෙන් මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි. බොහෝ රටවල සංචාරකයන් තුළ මහනුවර නගරය පිළිබඳව පවතින්නේ අයහපත් ප්‍රතිචාරයක් බව නාගරික කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ. ඒ මහතා මේ බව කියා සිටියේ මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති වැඩසටහනක් අමතමිනි.

Read More

මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මේ වසරේ ඩොලර්වලින් නිවාස අලෙවි කොට ලබාගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05ක් වන අතර වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකිවු බව එම අධිකාරිය සඳහන් කළේය. මෙරට ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගත් අතර ඊට අදාළ පළමු නිවාස පසුගිය සැප්තැම්බර් මාසයේදී අලෙවි වුණි. ඒ අනුව මේ වනවිට නිවාස 11ක් ඩොලර්වලට අලෙවි වී ඇති බව නාගරික…

Read More

අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන්ට පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යංශය පැවසුවේය. තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර, පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 555,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 11ක් ලැබී ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී, විදේශ ගමන් බලපත්‍ර 11ක්, කුවිතාන්සි පොත්…

Read More

පලාත් පාලන මැතිවරණ ව්‍යාපාරය ලබන වසර මුල සිටම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ දී ඊයේ (29) පැවසීය. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සමගි ජන බලවේගයට අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවත් අද සිටම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. එක දිගට දින හතක් අඛණ්ඩව සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුම කණ්ඩායම සඳහා මෙවර අපේක්ෂකත්වය ලබා දෙන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණය අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කිරීමේ කටයුත්ත එකඟතාවයකින් තොරව කල් ගිය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකගතාවයෙනි. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුක්ත වන අතර එහි සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙනි. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (29) සාකච්ඡාවක් පැවති නමුත් එය එකඟතාවයකින් තොරව අවසන්වී තිබෙි. මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කළ යුතු වන්නේ ආණ්ඩු…

Read More

හෝටලයකට යන මාර්ගය ගැන කිව්වේ නැතැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයකුට පහර දුන් බව කියන තරුණයෝ දෙදෙනෙක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පහරකෑමට ලක්ව තුවාල ලැබූ සහකාර පොලිස් අධිකාරීවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවසීය. රාජකාරි කටයුතුවලින් බැහැරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ මිතුරෙකු හමු වී රාත්‍රී ආහාරය ගෙන බස් රථයකට ගොඩ වීමට ගාලුපාරට පැමිණීමට ද සේරම පාර ඔස්සේ පා ගමනින් පැමිණෙමින් සිටි අතරවාරයේ කාර් රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු හෝටලයක නමක් කියා එම හෝටලයට යන පාර විමසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. නාදුනන පුද්ගලයන් දෙදෙනකු වීම නිසා සහකාර පොලිස් අධිකාරීවරයා ඔවුනට පිළිතුරු දීමට…

Read More