Author: LANKA24X7

ඉතිහාසයේ දැවැන්තම රන් මගඩියක් රේගුවෙන් හෙළිකරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පවසන්නේ එසේ සොයාගත් රන් භාණ්ඩ වන වටිනාකම රුපියල් මිලියන 400ක් බවය. ඉන්දියාවේ “Direcහtorate of Revenue Intelligence” ආයතනය මගින් ලබාදි තිබු බුද්ධි තොරතුරක් විශ්ලේෂණය කිරීම මත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු රේගු පරිශ්‍රය තුළදී පරීක්ෂාවට ලක්කරන ලදී. මෙ මගීන් හතර දෙනාගෙන් තුන් දෙනෙතු ඩුබායි සිට චෙන්නායි හරහා අද (09) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. ඔවුන්ව පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ බෑගයන් තුළ සඟවා තිබූ රන් ආභරණ හා ද්‍රව ලෙස සකස් කරන ලද රන් කුඩු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට…

Read More

කිරිපිටි ආනයන සමාගමක් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 1240ක් දක්වා ඉහළයනු ඇති. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පැවසුවේ දේශීය සමාගම් පැවසුවේ කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

Read More

මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇතිවෙතැයි අනාවැකි පළවීම හේතුවෙන් මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288කි. ඊට වැය කර ඇති මුදල රු.මි. 73,627කි. කෙසේ වෙතත් පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව ඊයේ දිනයේ රාත්‍රී 11.30 වනවිට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා රාත්‍රියේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර උතුරු පළාතේ නිරන්තරයෙන් වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එහිදී ඇතැම් ස්ථානවලට…

Read More

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමග (09)වන දින අළුයම මෝදර ප්‍රදේශයේදි සිදුකළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 400ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි, ඉදිරි පරීක්ෂණ කටයුතු කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදු කරනු ලබයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසයි. වර්තමානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂක තරුණ තරුණියන්, සමාජ නායකයින්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාව දීමට බලාපොරොත්තු වන බවත් වර්තමාන දේශපාලන තත්වයට අනුරූපීව නවීණ දේශපාලන සංස්කෘතියට ගැලපෙන පරිදි අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන බවත් පොදුජන පෙරමුණ පවසයි. දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති අයෙක් සිටී නම් නීත්‍යානුකූල පදනමක් මත ඔහුගේ අපේක්‍ෂකත්ව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද තීරණය කර ඇති බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.

Read More

මෙවර අයවැය ජය ගැනීමට ආණ්ඩුව සමත් වුවත් ඉන් ජනතාවට කිසිදු සෙතක් හිමි නොවූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. ආර්ථික අර්බුදය ජය ගැනීමට විසදුම් නොමැති අය වැය මගින් රට තවදුරටත් අර්බුදයකට පත් වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය. ණය, බදු සහ විකුණුම් සහිත අයවැය පරාජය කිරීමට සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් කැප වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීර්ණය හරහා ගමන් කරමින් සිටි තරුණියකට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා ගෙල බැඳි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කන අවස්ථාවේදී , තරුණිය අත තිබූ ජංගම දුරකථනයෙන් ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක ආධාරයෙන් කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි “හරා” නැමැත්තකු හා ඔහුගේ සහායකයකු බව පොලිසිය කියයි . මොවුන් දෙදෙනා ස්කූටි වර්ගයේ යතුරු පැදියක යමින් මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කා ඉන් උපයා ගන්නා මුදලින් හෙරොයින් පානයට පුරුදු වූ දෙදෙනකු බව පැවසේ . ඒ අනුව ස්කූටි…

Read More

වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොලොත් භාවයට ගෙනගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ (08) අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමිනි. දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත් පර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මෙහිදී මන්ත්‍රීවරු කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කරමින්…

Read More

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා ව දූෂණ චෝදනා මත රාජකාරීවලින් නිදහස් කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාව අනිවාර්ය නිවාඩු යවා ඇති බවද වාර්තා වෙයි.

Read More