Author: LANKA24X7

අද (10) උදෑසන වායු ගුණ තත්ත්වය සැලකීමේදී ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ තුළ සාමානන්‍ය වායු ගුණ තත්ත්වයක් පවතින බව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ එය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව (US AQI) 100 ට ආසන්න අගයක් පවතන බවය. විශේෂයෙන් කොළඹ හා මහනුවර නගරවල හා උතුරු, වයඹ, බස්නාහිර හා උතුරු මැද පාළාත්වල, නාගරික ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය විටින්විට තරමක් ඉහළ යාහැකි අතර අනෙකුත් ප්‍රදේශයන් හි මධ්‍යම හෝ යහපත් තත්ත්වයක් පවතින බවද පෙන්වා දෙයි. මේ අනුව අද දිනය තුළ වායු දුෂණ තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතින අතර සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොපෙන්වන බවද…

Read More

චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පැවසුවාය. ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා දී ඇති ණය සඳහා කළ යුතු දේ සම්බන්ධයෙන්ද ඔවුන් සමග සාකච්ඡා කළ බවය.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද (10) අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් අද දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇත. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි…

Read More

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩුකර තිබේ. ඒ අනුව, කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215ක් (රුපියල් 10ක මිල අඩුකිරීමක්), බී ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 199ක් (රුපියල් 16ක මිල අඩුකිරීමක්) සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක නව මිල රුපියල් 495ක් (රුපියල් 35ක මිල අඩුකිරීමක්) ලෙස මිල අඩුකර තිබේ. දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ඊයේ (09) සිට ජනතාවට මෙම සහනය ලබාගත හැකිය.

Read More

ශ්‍රී ලාංකිකයින් ට නැවතත් විද්‍යුත් වීසා (e-visa) බලපත්‍ර නිකුත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අයත් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත. සංචාර, ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්‍රණ, සමුළු ඇතුළු තවත් කටයුතු සඳහා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත මෙම පහසුකම් විවෘතව පවතී.

Read More

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව ගෙනආ දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි. ඒ අනුව මෙම පනත්වලට අදාළ නියෝග ලබන ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වෙයි. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හා විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 41 කි. මේ අතර දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණි. ඊට පක්ෂව ඡන්ද 79 ක් හා විපක්ෂව ඡන්ද 36 ක් හිමි විය.…

Read More

ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතට යෝජිත නව සංශෝධන මගින් ශාසන විරෝධීව හැසිරෙන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට හිමිවන බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් පවසයි. ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබුණි. බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත් සඳහා ඉදිරි පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. එමගින් කිසියම් නිකායක හෝ පාර්ශ්වයක සංඝ සභාව විසින් ගනුලැබූ තීරණයකට…

Read More

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට තිබෙන නඩුවකට අදාළව සංශෝධිත චෝදනා පත්‍රයක් අල්ලස් කොමිසම විසින් අද (09) කොළඹ අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2012 වසරේ මැයි 01 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලසීමාව තුළ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් 230,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර ඇත. ඒ අනුව අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව…

Read More

ගාලු මුවදොර පැවැති “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ. ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර පැවැති “ගෝඨා ගෝ ගම” අරගල භූමියට කඩාවැදී පහරදීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනයවූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජුනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක්…

Read More

චීන අගමැති Li Keqiang ඊයේ (08) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා හමුවී සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී තිබේ. එම හමුව චීනයේදී සිදුව තිබුණි. චීනය ගෝලීය ආර්ථීක ක්‍රියාවලියේ ප්‍රමුඛ ක්‍රියාකරුවෙක්, එය රකින්නෙකු සහ එහි දායකයෙකු වී ඇති බව සඳහන් කළ චීන අගමැතිවරයා, චීනය වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හොඳ සහයෝගීත්වයක් සහ සබඳතාවක් පවත්වා ගෙන යන බව පැවසීය. ඔහු පැවසුවේ සර්ව ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා චීනය සියලු පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කරන බවය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය අර්බුදය විසඳීම සඳහා එක්ව කටයුතු කරන බවද ඔහු පැවසීය. එසේම G20 කණ්ඩායමේ “ණය සේවාකරණ අත්හිටුවීමේ ක්‍රියාවලිය”…

Read More