Author: LANKA24X7

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇති බවය. අනතුරුව ඇති වූ ආරවුල දුරදිග යාමෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් අතුල සේනාරත්න මහතා රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවස ද වටලා පහර දී අලාභහානි සිදුකර ඇති බව පොලීසීය සඳහන් කළේය. පසුව පේරාදෙණිය පොලීසිය එම ස්ථානයට පැමිණ ගැටුම සමතයට පත්කර පිරිස විසුරුවා හැර තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ අතුල…

Read More

සමරිසි (LGBTQ) ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ පොලීසිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එම ප්‍රජාව පොලීසිය සමග කටයුතු කිරීමේදී පත්වන අපහසුතාවයන් වළක්වා ගැනීම සම්බන්ධව මෙම සාකච්ඡාව පවත්වා ඇත. එහිදී, ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කර තිබේ.

Read More

දකුණු කොරියානු වැසියන්ගේ වයස සම්බන්ධ නව නීතියක් එළඹෙන වසරේ සිට බලාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ. එම නීතියට අනුව ඔවුන්ගේ පවතින වයස වසර දෙකකින් පමණ අඩුවන බව වාර්තා වෙයි. දකුණු කොරියානු වැසියන් ආකාර තුනක් යටතේ සිය වයස ගණනය කිරීම සිදුකරයි. ඒ, ජාත්‍යන්තර වයස, කොරියානු වයස සහ දින දර්ශක වයස ලෙසය. මෙම ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් ව්‍යාකූලතා ඇති වන බව සඳහන් ය. ඒ අනුව එළඹෙන ජූනි මාසයේ සිට බලාත්මක වනපරිදි සෑම අවස්ථාවකදීම අනෙක් රටවල මෙන් ජාත්‍යාන්තර වයස පමණක් භාවිත කිරීමට එරට රජය තීරණය කර තිබේ. කොරියාවේදී වයස ගණනය කරන්නේ ඉපදුණු දිනය ද අවුරුද්දක් ලෙස සලකමිනි. ඒ අනුව…

Read More

දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ගව මාංශ සහ එළු මාංශ ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසියේම සතුන්ගේ මියයෑම හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරීම සඳහා එම පියවර ගෙන ඇත.

Read More

මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඒ හේතුවෙන් අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගන්නා අයුරු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැහැදිලි කළේය. “ළමයින්ට අධික සීතල තත්ත්වය ඇති විට රෝග කිහිපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතලත් එක්ක ළමා හතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් මේ දවස්වල එළියට ගන්නවා නම් හොඳට ඇඳුමක් අන්දලා හිස්වැසුමක් දලා මේස් දෙකක් දලා එළියට ගන්න. නැතිනම් සීතල ඇතිවීමත් සමගම පහසුවෙන් උණ රෝග බෝ වෙන්න පුළුවන්.” “දූවිලි තත්ත්වය තිබෙන ප්‍රදේශයක නම් මුඛ ආවරණ තවදුරටත් පාවිච්චි කරන්න. අඩු බර…

Read More

පසුගිය රජය සමයේ නවතා දැමුණු කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත පළකර ඇත. පසුගියදා මෙරට ජපාන තානාපති කාර්යාලයේ දී රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විය. එම හමුවෙන් අනතුරුව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය. ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අත්සන් කළ පසුව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානය සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවය.

Read More

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දන්වා තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

එංගලන්තය ගෝල 2 – 1ක් ලෙස පරාජය කරමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය. තරගයේ පළමු භාගය නිමාවන විට ගෝල 1 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි ප්‍රංශ ක්‍රීඩකයෝ තරගය 2 – 1ක් ලෙස ජයගත්හ.

Read More

බේකරි නිෂ්පාදනවලට නිශ්චිත පාලන මිලක් නොමැති වීමෙන් බේකරි කර්මාන්තයේ ගැටලු රැසක් මතුව ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා සඳහන් කළේ බේකරි නිෂ්පාදනවල මිල විවිධ මට්ටම්වල පැවැතීම හේතුවෙන් ගැටලු රැසක් මතුවන බවය. මේ වන විට වෙළෙඳපොළ තුළ පාන්පිටි මිල පහත ගොස් තිබෙන නමුත් බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමට බේකරි නිෂ්පාදකයින්ගේ අවධානය යොමුව නොමැති වීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී බේකරි නිෂ්පාදකයින් පැවසුවේ අඩු මිලට වෙළෙඳපොළේ පවතින පාන්පිටි ප්‍රමිතියෙන් තොර ඒවා බවය.

Read More

ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්ත ද, 8 හැවිරිදි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් අසමත් වී තිබේ. දින හතරකට පෙර පටු ළිඳට ඇද වැටුණු ‘සාහු’ මිය ගොස් ඇති බවට ඉන්දිය මාධ්‍ය මේ වනවිට තහවුරු කර ඇත. කුඩා තන්මේ සාහු මෙසේ ළිඳට ඇද වැටී තිබුණේ සිය 12 හැවිරිදි සොහොයුරිය සමග ක්‍රීඩාවේ නිරතවී සිටියදීය. එය සැලවූ වහාම පිරිස ළිඳ වෙත ගොස් තිබූ අතර ඒ වනවිට දරුවා සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පැය 40කට…

Read More