Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පොදු ජන අරගලය සමගි ජන බලවේගයේ අතට ගනිමින් නුදුරු අනාගතයේදී රට ගොඩගන්නා විප්ලවය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ (11) පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අමතමිනි. “පොදුජන අරගලය නිසා සිරගත වූ විශාල ප්‍රමාණයක් තරණ තරුණියන් සිටිනවා. අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා විතරක් නෙමෙයි ජනතාවගේ දුක් කඳුළු අදෝනාව මත, පීඩනය මත නිර්මාණය වූ ඒ මහා ජන අරගලය අතට අරගෙන නොඳුරු අනාගතයේදී මේ රට ගොඩ ගන්න දැවන්ත විප්ලවය ක්‍රියාත්ම කරන්න අපි කටයුතු කරනවා. ප්ලුටෝ කියන දාර්ෂණිකයා මෙන්න මෙහෙම දෙයක් ලියලා තියෙනවා. ‘ඔබේ කැඩුණු සපත්තුව සාදා ගැනීමට ඔබ…
විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට පහරදීම අනාගතය පිළිබඳ අසුබ ලකුණක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්යක් අතරතුර පහරකෑමට ලක්වූ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. පහරදීමෙන් තුවාල ලැබු මහාචාර්යවරයා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. “විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට පහරදෙනවා කියන්නේ ඇත්තටම අනාගතය ගැන අසුබ ලකුණක් මොකද ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන්ගේ පිරිහීම.. මම අවුරුදු 43ක් විශ්වවිද්‍යාල සේවය කරලා මම මේ මාසයේ විශ්‍රාම යනවා. විශ්‍රාම යන මාසේ මේක සිද්ධවීම මට හරි කනගාටුයි. ඇඟට වැදුණු මේ වේදනාවට වඩා හිතට හරි වේදනයි. මොකද මේහෙම දෙයක් මෙච්චර කාලයකට මට වුණේ නැහැ. මේකට හේතුව…
රොටරි ජාත්‍යන්තර සංවිධානයේ සභාපති, ජෙනිෆර් ජෝන්ස් දිවයිනට පැමිණ තිබේ. සිව්දින සංචාරයක් සඳහා ඇය මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.
පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේය. බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ. ඔවුන් පවසන්නේ, බේස් එඩිටින්ග් තාක්ෂණය භාවිතයෙන් ඇගේ සිරුර තුළ ජීවමාන ඖෂධයක් නිර්මාණය කර ගත් බවය. එම තාක්ෂණය යොදාගෙන ජාන කේත විශාලනය කර නරඹා, ජාන වෙනස් කිරීමට ලක්කිරීම එම ප්‍රතිකාරය මගින් සිදුකර තිබුණි. එමගින් ඇගේ සිරුරේ තිබූ පිළිකාකාරක ටී සෛල මරා දැමීමට හැකි නව ටී සෛල වර්ගයක් ඇගේ සිරුරේ නිර්මාණය…
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, පුත්තලම, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
වත්මන් ගැටලුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමිනි. දිස්ත්‍රික් 306 C-2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයින් 6,500 ක් බඳවාගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණි. මෙහිදී අදහස් දැක්වූ ජනපති, “ඔබේ ප්‍රදර්ශනයේ සියලුම අංගයන් මා නැරඹුවා. ඒ අතුරින් ඉතා සිත්ගන්නා දෙයක් මට හමුවුණා. මෙය ආනන්ද විද්‍යාලයේ කුටියෙන් මට හමුවුණේ. ඔවුන් මට පැවසුවේ මෙය ලිවීමට මෙන්ම වගා කිරීම සඳහාත් යොදාගත හැකි බවයි. මම පළමුව සිතා බැලුවා මෙය ලිවීමට…
අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවත අරඹන බව අධ්‍යාපන බලධාරීන් දැනුම් දෙයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කළ විමසීමක් අනුව පැවති දේශගුණ තත්ත්වය මත පසුගිය සිකුරාදා (09) දින රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළේය.
මැන්ඩවූස්” සුළි කුණාටුවේ බලපෑම දිවයිනෙන් පහව යෑමත් සමග පවතින ශීත කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් අඩු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, “මැන්ඩවූස්” සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට ඉහළ අහස වලාකුළින් බරව පැවති නිසා අධික ශීත කාලගුණයක් පැවති බවය. “දිවයිනෙන් බැහැරට ගිය මැන්ඩවූස් සුළි කුණාටුව ඊයේ දිනයේ උදෑසන කාලයේ දී ඉන්දියාව හරහා ගමන් කළා එම නිසා ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට බලපෑම ක්‍රමයෙන් පහව යනවා. කෙසේ නමුත් බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වයඹ පළාතෙත් යාපනය සහ මන්නාරම වැනි දිස්ත්‍රක්කවල උදෑසන කාලයෙත් වැසි බලාපොරොත්තු වෙනවා. උතුරු, උතුරුමැද, නැගෙනහිර…
ශ්‍රී ලංකාවට බලපෑ වායු ගෝලයේ දූෂණ මට්ටම අද (11) පහළ ගොස් තිබේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය අද (11) පෙරවරුවේ නිකුත් කළ දත්තවලට අනුව මෙරට වායු තත්ත්වය දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදි පහළ ගොස් ඇති බව දක්නට ලැබේ. අද උදෑසන 8 වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය 123 ක් දක්වා පහළ යාමත් සමග එය යහපත් මට්ටමට වර්ධනය වී ඇත. ඊයේ එහි අගය දැක්වුණේ 191 ක් ලෙසය. එමෙන්ම පුත්තලම 117, යාපනය 109, මහනුවර 106, පොළොන්නරුව 103, කුරුණෑගල 100, කෑගල්ල 97 ලෙස එම අගය දැක්වේ. එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසුවේ 101 -…
සමගි ජනබලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද (11) පැවැත්වේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ අද පස්වරු 01ට පමණ බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය ආරම්භ වන බවය. 25,000 ක පමණ පිරිසක් ඊට සහභාගිවනු ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය. එළඹෙන පළාත් පාලන මැතිවරණයට ශක්තියක් වෙන පරිදි මෙම සම්මේලනය සංවිධානය කර තිබෙන බවද ඔහු පවසයි. එමෙන්ම සජබය සමග මිත්‍ර පක්ෂ රැසක නායකයිද මේ සඳහා සහභාගිවීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
