Author: LANKA24X7

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය. එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් සහ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි නඩු කටයුත්තක් සේ සලකා කඩිනමින් විභාග කිරීම…

Read More

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට ජනවාරි මස 17 වනදා දක්වා කල් ලබාදී තිබේ. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය. මෙම පැමිණිලි කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වසන්ත මුදලිගේ අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එම නියෝගය ලබා දුනි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. එලෙස රැගෙන විත් ඇත්තේ, නඩු විභාගයක් සඳහා ඉදිරිපත් කිරීමටය. එම නඩුව පසුව කැඳවීමට නියමිත අතර එහිදී වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතියද නීතිපතිවරයාට විසින් අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවට වාර්තා වේ. පෙරේදා රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස්වීමක් සිදුවී ගැටුමක් හටගෙන තිබුණි. අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරික්ෂණවලදී මහාචාර්යවරයාගේ නිවසේ CCTV දර්ශන උපයෝගී කර ගනිමින් එහි දේපළවලට හානි සිදුකරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නිශ්චිතව හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව සිද්ධියට අදාළව මේ වන විට හඳුනාගෙන විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන්ය. එමෙන්ම මෙම සිදුවීම…

Read More

මරදාන, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකර තිබේ. ඊයේ (11) රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා මාළිගාවත්ත පොලිස් ස්ථානය විසින් එම මෙහෙයුම ක්‍රියාත්මකළ බව පොලීසිය පවසයි. අදාළ මෙහෙයුමෙන් වරෙන්තුකරුවන් 10දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 860ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08දෙනෙකු, හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 155ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව ගංජා ග්‍රෑම් 04ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්, ගංජා මිශ්‍ර මාවා කිලෝ 02යි ග්‍රෑම් 72ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරදු 23ත් 54ත් අතර වයසේ පසුවන මාළිගාවත්ත, මරදාන, මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අද…

Read More

උතුර කොළඹ කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් ප්‍රජා උපදේශන සැපයීමේ කටයුතු වැඩසටහනක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු පැවසුවේ එම වැඩසටහනට අදාළව එම කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් 1,200ක පමණ පිරිසකට අදාළ සේවා සැපයීම ආරම්භ කළ බවය. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මහතා මෙම අදහස් පළ කළේය. “කොළඹ උතුර කොට්ඨාසයේ, 1200ක් තෝරාගත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ව. මෙහිදී ඔවුන් තමන්ගේ නිවෙස් තුළ ඉන්නකොටම අපි පුහුණු කරපු අය, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න මනෝ වෛද්‍ය උපදේසකවරුන්ගේ සහාය ලබාගෙන නිවසේ තුළ දීම ඇබ්බැහිවු පුද්ගලයා පවුලේ අය සමග සාකච්ඡා කරලා…

Read More

කොළඹ – කුරුණෑගල මාර්ගයේ මැටිකුඹුර ආසන්නයේදී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුව අනතුරකින් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද (12) අලුයම 04.30ට පමණ එම අනතුර සිදුව ඇත. කොළඹ දෙසට ධාවනය වූ බස් රථය අනෙක් බස් රථයට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත. අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථ දෙකක් එලෙස එකිනෙක ගැටී ඇත. අදාළ අනතුරින් තුවාල ලබා ඇත්තේ, පසුපසින් පැමිණි බස් රථයේ කොන්දොස්තරවරයා හා ඉදිරිපස බසයේ පිටුපස ආසනයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකුය. ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (12) දිනයේ සාමාන්‍ය පරිදි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය. කෙසේවෙතත් මේ වන විට එම අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බැවින් අද සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. මේ අතර සියලු ක්‍රිස්තියානි පාසල් ද අද දිනයේ සිට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර තිබේ. කෙසේවෙතත් සාමාන්‍ය පරිදි පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ…

Read More

උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්‍රෝ සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අද (12) සහ හෙට (13) දිවයිනට ළඟා වීමට නියමිත බවය. ඒ අනුව උත්සව සමයේ දී කිසිදු ගැටලුවකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. “නොවැම්බර් මාසේ මුල වෙනකොට දැක්කා මේ ඉල්ලුම අධිකව ඉහළ යනවා කියන එක. ඒ නිසා අපි ටොන් 34,000ක් 35,000ක් වගේ ආසන්න ප්‍රමාණයක් ඇනවුම් කරන්න යෙදුනා. ඒ ඇනවුම් දැන් ලැබෙමින් පවතිනවා. දෙසැම්බර් 01 වනදා ඉඳලා සාමාන්‍යයෙන් අපි 90,000 විතර, සිලින්ඩර් වර්ග 03 නිකුත් කරගෙන ආවා. ඊයේ වෙනකම්ම අපි…

Read More