Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මත් පෙති 173 ක් සමග අත් අඩංගුවට ගත් කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකාව හෙට 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල පරගම්මන නාමල් උයනේ පදිංචිව සිටින මොරගහකන්ද රාළලාගේ කුසුමාවති නැමැති 58 හැවිරිදි සිව් දරු මවකි. රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති කණිෂ්ඨ සෞඛ්‍ය සහයිකාව කාලයක සිට මත් පෙති කෑගල්ල රෝහලේ සිට අලෙවි කරන බවට අවස්ථා ගණනාවක දී බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බව පොලිසිය පැවසීය. පොලිස් නිලධාරියෙකු උපාය දූතයකු ලෙස පෙනී සිට වාට්ටුවේ රාජකාරී කටයුතු සිදු කරන අවස්ථාවේ දී වාට්ටුවට ගොස් රුපියල් 2000…
මියගිය වෛද්‍යවරයෙකුට අයත් නිවසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වන “වනාතේ ඕල්කට්” නැමැත්තාගේ පුංචි අම්මා ද සිටින බව පොලීසිය පවසයි. සැකකරුවන් පිරිස සෙල්ලම් පිස්තෝලයක් රැගෙනගොස් එම නිවස තමන්ට අලෙවිකර ඇති බව පවසා නිවැසියන් ඉන් පළවාහැරීමට උත්සාහ කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අදාළ වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිමවීමෙන් අනතුරුව ඔහුගේ පුත්‍රයා යළි විදෙස්ගතවීමෙන් අනතුරුව මෙම පිරිස එම නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. අනතුරුව නිවසේ සිටි පුද්ගලයින්ට ඉන් ඉවත්වන ලෙස තර්ජනය කරමින්…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සියලු බලධාරීන්ට නියෝග කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පසුගිය (10) දිනයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් පහර දීමක් සිදුකර තිබුණි. පෙරේදා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇත. පසුව අදාළ සිසුන් පිරිස පැමිණ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහර දී ඇත. කෙසේවෙතත් පහරදීමට සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන්…
අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල මියගිය සත්වයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ අද පස්වරු 12 වනවිට උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතව මියගිය සත්වයින් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළගොස් ඇති බවය. උතුරු පළාතේ මියගොස් ඇති සත්වයින් අතර එළ ගවයින් සහ මී ගවයින් 691ක් සහ එළුවන් 296ක් සිටින බව සඳහන් වෙයි. මේ අතර උතුරු පළාත තුළ තවදුරටත් රෝගී වී සිටින සත්වන් ප්‍රමාණය 329ක් බවත් ඒ අතර ගවයින් 182ක් හා එළුවන් 147ක් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි. මේ අතර මේ දක්වා නැගෙනහිර පළාතේ මරණයට පත්ව ඇති එළගවයින් සංඛ්‍යාව 511ක් වන අතර එම පළාත…
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මගින් පමණක් සිදුකෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම ද 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදුකළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදුනොකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන්වන වාරය ආරම්භ වූ 2022.12.05 දින සිට නවාතා ඇත. 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන්…
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළේය. අනෙක් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්. ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරු විසිනි. මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යවරයා නම් කර තිබේ.
තුන්වේලම හොඳට කාලා බීලා තෘප්තිමත් ජනතාවක් සිටිය රටක් බංකොලොත් කියලා ලෝකයටම ප්‍රකාශ කර තිබෙන්නේ වත්මන් ආණ්ඩුව යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කුරුණෑගලදී පැවැසුවාය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (පොදුජන පෙරමුණ ) ජයරත්න හේරත් මහතාගේ කුරුණෑගල වඳුරාගල පිහිටි නිවසේ මෙම ජනහමුවකට එක් වෙමින් හිටපු ජනපතිනිය එසේ කීවාය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේද සඳහන් කළාය. දැන් ලංකාව ණය නොගෙවන රටක් බව ආණ්ඩුවම පිළිගෙන තියෙනවා. මොන විලිලැජ්ජාවක්ද ඒක. සීයට 33% ක් පවුල් වේලක් කන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. අවුරුදු පහට අඩු ළමයි විශාල පිරිසක් අධි මන්ද පෝෂණයෙන් පෙලෙන රටක් බවට වත්මන් ආණ්ඩුව රට පත් කරලා ඉවරයි. මේ රට බංකොලොත්…
පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (12) නැවත ආරම්භ කෙරිණ. ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් අද (12) උදැසන පැමිණියේය. පැවති කොරෝනා වසංගත තත්ත්වය හා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණ. රුපියල් මිලියන 2,250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කළේය. නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සඳුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සුදානම් කොට ඇති බව ගුවන්තොටුපොළ භාර නිලධාරීහු පැවසූහ.
ඊයේ (11) දිනට සාපේක්ෂව දිස්ත්‍රික්ක රැසක වායු ගෝලයේ දූෂණ මට්ටම අද (12) ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවල දැක්වුණි. කෙසේ වෙතත් එම සංවිධානය පවසන්නේ අද දිනය තුළ වායු දූෂණ තත්ත්වය මධ්‍යම මට්ටමක් තුළ පවතී යැයි අපේක්ෂා කරන බැවින් එම තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොවන බවය. කෙසේ වෙතත් වායු ගුණය කෙරෙහි සංවේදී පුද්ගලයින් හට යම් අපහසුතා ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඇතුළු ඒ අවට තිබු අයහපත් වායු ධාරාවල බලපෑම පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවට ද දරුණු ලෙස බලපෑවේය. වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණ…
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග සන්ධාන ගතව තරග කළහොත් පමණක් ජයගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. හොරිවිල ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔබතුමාල එක්ක එකට එකතුවෙලා ඡන්දයට ඉදිරිපත් වෙනවාද ? “සාකච්ඡා එක එක මට්ටමෙන් යනවා. අපි සන්ධානයක් හැටියට ගොඩක් පක්ෂ සමග එකතුවෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එකතුවෙන්න පුළුවන්. තව පක්ෂ එකතුවෙන්න පුළුවන්. සන්ධානයක් හැටියට ඔක්කෝම එකතුවෙලා ගියොත් තමයි අපි ජයග්‍රාහණය තහවුරු වෙන්නේ. ඒ අවශ්‍ය කටයුතු අපි කරගෙනයනවා.”
