Author: LANKA24X7

රජය විසින් හඳුවන්වා දුන් නව බදු පනතට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දිනයේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහැක මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති මෙම බදු පනත මගින් බොහෝ වෘත්තිකයින් රට හැර යාමට කටයුතු කරමින් සිටින බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “රජය පසුගිය දා සම්මත කරපු බදු සංශෝධන පනතට විරුද්ධව අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිදයාලවල සහභාගීත්වයෙන් එක්දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඊට සමගාමීව ලංකාවේ විශ්වවිද්‍යාල ආශ්‍රීතව ශිෂ්‍යන්ගේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම කොළඹ ආසන්නයේ විශ්වවිදයාල…

Read More

ඉන්දීය රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිණියක් වන නෝරා ෆතේහි විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබේ. ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ. සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ නඩුවේදී ජැකලින් විසින් එම අපහාස කිරීම සිදුකර ඇති බව නෝරා සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත. සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මස 15 වන දින නෝරා ෆතේහිගෙන් ද පැය…

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීම සඳහා නීතිපති උපදෙස් මත කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. ඊයේ (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී එම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්ව විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් මෙරට සමුද්‍රීය පරිසරයට විශාල හානියක් සිදුවූ අතර එය මෙතෙක් ලොව සිදුවූ විනාශකාරීම නෞකා අනතුර ලෙස සැලකේ. කෙසේවෙතත් අදාළ අනතුරින් සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් මෙතෙක් සිදුකර නොමැති බව සඳහන්ය. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුව ඇති අතර කඩිනමින් අදළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති…

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා එරට රජය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් පවතින අතර දිනපතා විදුලි විසන්ධි වීමක් ද සිදුවන බව බ්‍රිතාන්‍ය රජය දැනුම් දී තිබේ. එබැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේනම් සුදුසු සංචාරක රක්ෂණයක් ලබාගෙන ඉන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන්නේදැයි පරීක්ෂා කිරීම වැදගත් බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙයි. ආර්ථික අර්බුදයට එරෙහිව පවත්වන විරෝධතා විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බැවින් එවැනි ස්ථානවලට…

Read More

වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇත. එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ…

Read More

ප්‍රවාහන අමාත්‍යවරයා අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කළ හොත් පසු දිනම කිසිඳු දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් රටම අගාධයට ඇඳදැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වෘත්තිය සමිති ව්‍යාපාරයට නිහඬව සිටිය නොහැකි බවත් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරයි. දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට උත්සහ කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් ඒ සෑම අවස්ථාවකදීම දුම්රිය අධිකාරී යෝජනා ඉදිරිපත් කළ ආණ්ඩු දුම්රිය වෘත්තිය සමිති සහ සේවකයන් එකතුව පරාජය කළ බවත් එම ලිපියේ සඳහන් වේ. දුම්රිය සේවකයන් සහ මගී ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ නොකළ බව කියන දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සෑම ආණ්ඩුවකම ඇමති ධූරය…

Read More

කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගිය (26) හැවිරිදි මෝටර් රථ රියදුරු මෙන්ම රථ හිමිකරු එදිනම ඩුබායි රාජ්‍ය බලා පලාගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ. මෙම අනතුර ඉකුත් (10) දින පෙරවරු 6.15 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් පසු මෝටර් රථය එම ස්ථයේදීම දමා පලාගොස් ඇති සැකකරු එදින පෙරවරු 9.55 ට පමණ කටුනායක ගුවන්තොටින් ඩුබායි රාජ්‍ය බලාගොස් ඇති බවට වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම සැකකරු (26) හැවිරිදි පුද්ගලයකු වන අතර ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ව්‍යාපාරවල නිරත වන බවත් දින කිහිපයක නිවාඩුවක් සදහා…

Read More

ආණ්ඩුව වෙනස් කර දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට බිම් මට්ටමේ ජනතාව දැඩි උනන්දුවකින් සිටින බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. එම පරිවර්තනය කිරීම සඳහා සමගි ජනබලවේගය සූදානම් යන පණිවිඩය සමගි ජන සන්ධානයේ තුන්වැනි මහ සමුලුව මගින් රටට ලබාදුන් බව අත්තනායක මහතා සඳහන් කළේය. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. සමගි ජන බලවේගයේ මහ සමුළුවට අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා මහා ජනතාවක් සහභාගි වූ බවත් එම සියලු දෙනාට පක්ෂය වෙනුවෙන් තමන් සුතූතිය පළ කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය. පවතින ආර්තික දුෂ්කරතා මධ්‍යයේ සමුළුවකට සහභාගි වීමට කොළඹට…

Read More

ඉතාලියේ සංචාරයක නිරත ජාතික ජන බලවෙගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉතාලියේ ලාංකිකයෝ මහත් හරසරින් පිළිගනු ලැබූහ. රෝම,නාපෝලි,කතානියා, ෆිරෙන්සි හා මිලානෝ හි ජනහමු කිපයක් සදහා අනුර කුමාර මහතා දෙදින සංචාරක නිරත විය. ඔහු පිලිගැනිමට හා ජන හමු සදහා විශාල පිරිසක් සහභාගි වූහ. ශ්‍රි ලාංකික දේශපාලකයකු සහභාගිවු ජනහමුවක් සදහා ඉතාලියේ මෙවන් පිරිසක් පැමිණි හා විශාල තරුණ තරුණියන්ගේ සහභාගිත්වයක් දැක්නට ලැබුණු ප්‍රථම අවස්ථාද මෙය බව ඊට සහභාගී වුවෝ පවසති. මිලානෝ නගරයේ ජනහමුව ඇමතු දිසානායක මහතා මෙසේ පැවැසීය: අපේ රටේ ආණ්ඩුව පෙරළිවලදී ඒ රැල්ල ඒ ප්‍රවණතාව හැදුවේ විදේශගත ශ්‍රී ලාංකීයන් බව අප කවරුත් දන්වා. අද මෙහි රැඳී සිටින සියලු දෙනාගෙන් එහෙම නව පෙරළිට…

Read More

රජයේ සුබසාධන ප්‍රතිලාභ සඳහා පුද්ගලයන් ලක්‍ෂ 37 කට අධික සංඛ්‍යාවකින් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පසුගිය අගෝස්තු මස රජයේ ආධාර ලැබීමට සුදුසු පුද්ගලයන් සහ පවුල් හදුනාගැනීම සඳහා තොරතුරු ලබාගත් බවත් ඒ අනුව දැනට රජයේ ආධාර ලබන පුද්ගලයන් ද ඇතුළත්ව මෙම ලක්‍ෂ 37 ක සංඛ්‍යාව අයදුම්කර ඇති බවත් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. මෙම තොරතුරු රැස්කිරීමේ දෙවැනි අදියර යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් මෙම මස ආධාර අයදුම්කරු ළගට ගොස් දුරකථන යෙදවුමක් හරහා තොරතුරු රැස්කිරීමට නියමිත බවත් එම තොරතුරු ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට නියමිත බවත් එම මණ්ඩලය වැඩි…

Read More