Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අධිකරණයක් වෙත රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනෙකු අත් මාංචු පිටින් පැනගොස් තිබේ. පිළියන්දල පොලීසිය සඳහන් කළේ, කැස්බෑව අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙනවිත් සිටි “චුට්ටියා” සහ “චූටියා” නමැති කොල්ලකරුවන් දෙදෙනා එලෙස අත් මාංචු පිටින් පළාගොස් ඇති බවය. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7,000 ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාව පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී මෙලෙස පළාගොස් ඇත. කොල්ලකරුවන් රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය…
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය එලෙස සටහන් කර ඇත. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වනදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් ලැබුණි. මේ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14වන දින සිට බලාත්මක වෙයි.
මිලියන 60 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
රුපියල් මිලියන 60 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීයි. එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 181 කට අධික තොගයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී උර 04 ක අසුරන ලද මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධීන් සහ ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට අද (15) උපදෙස් දුන්නේය. සමාජයේ ගෞරවයට පාත්‍ර වන මහා සංඝරත්නය සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අපහසුතාවයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර ඊට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දී තිබේ. මෙම සිද්ධිය පිටුපස සිටින අය කවුරුන්ද, ඒවාට සම්බන්ධ අය කවුරුන්ද සහ අනුබල දෙන අය කවුරුන්ද යන්න පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. මෙම අදාල වාර්තාව ලැබුණු පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිශයින් වැදගත් තීරණ ගැනීමට නියමිතය. පේරාදෙනිය…
රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන් වේ. කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අඛණ්ඩව අලාභ ලබා ඇති අතර එම ගුවන් තොටුපොළ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 169 කට අධික බව ඒ වාර්තාවේ දැක්වේ. රත්මලාන ගුවන් තොටුපොළ පසුගිය වර්ෂයේ දී පමණක් ලැබූ අලාභය රුපියල් කෝටි 46 කට අධික බව පෙන්වා දෙන වාර්තාව ගුවන් යානා සංචලන සංඛ්‍යාව 2020 සහ 2021 වර්ෂවලදී වසරකට දහතුනක් බවද සඳහන් කළේය. එසේම මගී සංචලනයන් පිළිවෙළින් 60 සහ 28 ක් ලෙස පැවතුණු බවද විගණන වාර්තාවේ දැක්වේ.
මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ලේ දී පැවසීය. රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා කීය . රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට ලක්ව ඇති බව ආර්ථීක ස්ථායීකරණය සඳහා වූ ජාතික සභාවේදී අනාවරණය වී තිබේ. මෙම ක්ෂේත්‍රය දියුණුවට ලක් කිරීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් රටට ඉපැයිය හැකි බවද එහිදී අනාවරණය වුනි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටලු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. මේ සඳහා විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව තිබේ. වත්මන් ආර්ථික අර්බුදයත් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තිකයින් රට හැර යාම ප්‍රධානතම ගැටලුවක් බව මෙහිදී අවධාරණය කෙරුණි. එහිදී වැඩිදුරටත් අදහස්…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝගය කළේය. ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයිකාවට දෙසැම්බර් මස 21දා සිට…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂල පවසනවා. අදාළ ප්‍රහාරයෙන් ඔහුගේ අතට, උරහිසට හා පාදයකට තුවාල සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රතිඳු සේනාරත්න සඳහන් කළේ. එසේම මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද දැනුවත් කිරීමට කටයුතු කරන බවයි පියත් නිකේෂල මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.
ඝාතනය කළ බවට සැක කෙරෙන නාඳුනන පිරිමි මළ සිරුරක් ඉංගිරිය – රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමුව තිබේ. මළ සිරුර වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකුගේ බවට පොලීසිය සැක පළ කරයි. එම පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබී ඇති අතර කට ද ගැට ගසා තිබූ බව පොලීසිය පවසයි. උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කරයි. කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී එම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි…
