Author: LANKA24X7

ඉන්දියාවේ මෙවර අයවැය පිළිබඳව සතුටු වන බව ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය පවසා තිබේ. ඒ අදාළ අයවැය මගින් ඇෆ්ගනිස්තානයට වෙන්කර ඇති ආධාර පිළිබඳව අවධානය යොමු කරමිනි. ඒ තුළින් දෙරට අතර සබඳතා සහ විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට සහය වනු ඇති බවද ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනයේ ස්ථාවරය වී තිබේ. තලෙබාන් සංවිධානය මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් මෙවර අයවැය හරහා ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 25 ක සහන පැකේජයක් යෝජනා කර ඇති පසුබිමක් තුළය. තලෙබාන් පාලනය අවස්ථා කීපයකදීම ඇෆ්ගනිස්තානයේ ආයෝජන සඳහා ඉන්දියාවට ආරාධනා කර තිබුණි.

Read More

රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම වසර දෙකක් සඳහා අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිංග් විසින් ඒ බව පවසා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව චීනය විසින් 2022 සහ 2023 වසරවලදී ගෙවිය යුතු ණය වෙනුවෙන් දිගුවක් ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇත. ඒ යටතේ අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව විසින් බැංකු ණය සඳහා ගෙවිය යුතු මූලික හා පොලී ගෙවීම අවශ්‍ය නොවන බව වාර්තා වෙයි. මේ අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර හිමියන්ගේ එකමුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඊයේ (03) ලිපියක් යොමුකර තිබේ. එය, ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකළ ශ්‍රී ලංකාව පිළිබඳ සහතිකයට සමාන ලිපියකි. එමගින්…

Read More

මෙවර ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් රජය දරන වියදම් ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කටයුතු කරමිනි. ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා, “ඊයේ දිනයේ මෙන්ම මේ වියදම් වාර්තාව ලබා ගත්තා. නිදහස් උත්සවයට වැසිකිළි සඳහා ලක්ෂ 142කට ආසන්න මුදලක් වියදම් කරනවා. ඒ වගේම විද්‍යුත් සන්නායක, ජනතාවට දීලා තියෙන දුකට හෙණ වදිනවාට.. මෙන්ම මේ නිලධාරීන්ට සහ පාලකයින්ට හෙණ වදිනවාට ලක්ෂ ගාණක් වියදම් කරනවා.”

Read More

උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මි. 50ක ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බව සඳහන් ය.

Read More

75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් හෙට දිනයේ කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු අතර එවැන්නක් සඳහා ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

Read More

අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගත් පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මේවනවිටත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා. පරීක්ෂණ කණ්ඩායම් විසින් ඔහුගේ බව කියන මෝටර් රථයක් මීගමුවේ නිවසක ගරාජයක සඟවා තිබී සොයා ගෙන ඇති නමුත්, එය රැගෙන ආ බව කියන යුවළ මේ වන විට විදේශ ගතව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මෙම මරණය ඉකුත් 30 රාත්‍රියේ දී සිදු වන්නට ඇති බවත්, සැක කරන යුවළ 31 වෙනි දින විදේශගතව ඇති බවටත් පොලීසිය පවසනවා. අදාළ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් 4ක් අතුරුදන්ව ඇති බවටයි මේවනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ. ඒවා භාවිත කර ගුවන් ටිකට් පත් 5ක් වෙන්කරගෙන ඇති බවද සඳහන්.…

Read More

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා සම්බන්ධවෙමින් මෙරට ණය තිරසරභාවය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීනය කටයුතු කරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පවසයි. පසුගියදා මෙරට සංචාරයක නිරත වූ අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ්, චීනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමෙින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාව, චීන – ශ්‍රී ලංකා සහයෝගීතාවයට ඇඟීලි ගැසීම නවතා ශ්‍රී ලංකාවට උපකාර කළ යුතු බවය. මාධ්‍යවේදීයා – IMF ණය සහන ලබාගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් වසර දෙකක ණය සහන කාලය ප්‍රමාණවත් නොවන බව අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ්…

Read More

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබේ.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නාස්ති කෙරෙන අවස්ථාවලට සහාභාගී නොවීමට පක්ෂ රැස්වීමකදී තීරණය කළ බවය.

Read More