Author: LANKA24X7

චීනය, මියන්මාරය සහ තායිලන්තය යා කරන ආර්ථික කොරිඩෝව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එම කලාපය මිනිස් ජාවාරම, ආයුධ වෙළෙඳාම මෙන්ම සූදු ක්‍රීඩාව සඳහා තෝතැන්නක් වී ඇති බවද එම වාර්තා පෙන්වා සඳහන් කරයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අන්තර්ජාලය පදනම් කරගත් විවිධ අපරාධ සහ වංචනික ක්‍රියාවන්ද මෙම කලාපය තුළ වර්ධනය වී ඇති බවය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවති තරගය 2ට 1ක් ලෙස ජයගැනීමට ක්‍රොඒෂියාව සමත්විය. එහිදී තරගයේ පළමු ගෝලය 7වන මිනිත්තුවේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් රැස්කිරීමට Joško Gvardiol සමත්විය.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ නියෝග මත එම විමර්ශන එලෙස CIDයට භාරදුන් බවය.

Read More

මෙම වසර මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් අනූදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,441ක් සහ ඊට අදාළ සැකකරුවන් 45,801ක් අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙම වසර තුළදී ගංජා කිලෝග්‍රෑම් 11,881ක් සහ ඊට අදාළ සැකකරුවන් 34,062ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109ක් සහ ඊට අදාළ සැකකරුවන් 10,532ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිලකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට ‌ඊයේ (17) පෙරවරුවේ එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “රටක් ලෙස අපි ලෝක බලවතුන් සමග එක පිලකට වෙන්වී නෑ. ලොව බලවතුන් සමග අපි ගිවිසුම්ගත වෙලා නෑ. මොකද අපි…

Read More

සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසයි. ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමග ඊයේ (16) පැවති හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා, “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මම ශ්‍රී ලංකාවට පැමිණියේ ආර්ථික අර්බුදය සඳහා හරිත තිරසාර විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමටයි. සුළං හා සූර්ය විදුලිබල ක්ෂේත්‍රවල නව ආයෝජනයන් ගෙන ඒමටත් මම බලාපොරොත්තු වෙනවා.” “අද පැවති සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මට දැනුම් දුන්නා.. පැවති සර්ව පාක්ෂික සමුළුව…

Read More

දුම්රිය මාර්ගයේ දී ඡායාරූප ගැනීමට ගිය තිදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබේ. මාතර සිට දෙහිවල සත්තුවත්ත නැරඹීමට පැමිණි පිරිසක් අතුරින් තිදෙනෙක් මෙම අනතුරට ලක්වී තිබුණේ දෙහිවල දුම්රිය මාර්ගයේදීය. අනතුරින් බරපතළ තුවාල ලබා ඔවුන්ව රෝහල්ගත කෙරුණි.

Read More

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බවය.

Read More

පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ බව කියන මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කලුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ, තමන් සතුව තිබූ රුපියල් එක්ලක්ෂ පහස්දහසක මුදලක් කොල්ලකෑ බවට පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවයි. කලුතර කටුකුරුන්ද හංදියේ මතුගම බස් නැවතුම්පළ අසලදී යතුරු පැදියකන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් යැයි පවසා තමන් පරීක්ෂා කර, එම මුදල කොල්ලකා පලා ගිය බවටයි අදාළ පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ. සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කලුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Read More

කොල්ලුපිටිය ප්‍රදේශයේදි මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථයේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ. සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) යළි කැඳවූ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදාහැරි බව පොලීසිය පැවසුවේය. සැකකරුට සෑම මසකම අවසන් ඉරිදා දින උදෑසන 09.00ත් දහවල් 12.00ත් අතර කාලය තුළ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කර ඇත. මීට අමතරව නඩුව අවසන් වන තෙක් විදෙස් ගමන් තහනමක් පැනවීමට සහ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළ බව පොලීසිය සඳහන් කළේය. එමෙන්ම පොලිස්…

Read More