Author: LANKA24X7

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

Read More

නොවැම්බර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 35.6ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔක්තෝබර් මාසයේ විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 33.6ක් වූ බව ඔහු පැවසීය. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වත්මන් ගාස්තු ක්‍රමවේදයට අනුව එම ආදායම් වාර්තාකර ඇති බවය. කෙසේවෙතත් ජනවාරි මාසයේ දී විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය නැප්තා හා ඩීසල් සඳහා රුපියල් බිලියන 35ක මුදලක් සහ ගල්අඟුරු සඳහා ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 38.45ක මුදලක් අවශ්‍ය වන බව අමාත්‍යවරයා පවසයි. මේ අතර විදුලිබල ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව (28) පැවති සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය, විදුලි අධිකාරීවරුන්ගේ සංගමය, සේවක පවුර, තාක්ෂණික සංගම් ඇතුළු විදුලිබල මණ්ඩලයේ විවිධ වෘත්තීය…

Read More

ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම නිසා ෆයිසර් එන්නත් ලක්‍ෂ 60 ක් පමණ කල්ඉකුත් වූ බවත් එම එන්නත් ප්‍රමාණය වෙනත් රටකට දීමේ උත්සහය ද අසාර්ථක වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. වයස අවුරුදු 20 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5 කට ලබාදීමට එම ෆයිසර් එන්නත් ඇනවුම් කර ලබාගත් බව කී අමාත්‍යවරයා ජනතාව කිසියම් හේතුවක් මත සිවුවැනි මාත්‍රාව ලබාගැනීමට මැලිවීම නිසා එම තත්වය ඇති වූ බව ද සඳහන් කළේය.

Read More

ආසියා සංවර්ධන බැංකුව මෙරට සියලුම ගොවීන් වෙනුවෙන් පිරිනමන ලද රුපියල් බිලියන අටක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද( 29) නිල වශයෙන් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර මහ කන්නයේදී වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් බවත් මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 7,60,000 ඉක්මවා තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි. එම කුඹුරු ප්‍රමාණය අයත් ගොවි පවුල් සංඛ්‍යාව මිලියන 1.2ක් වන අතර පසුගිය මහ කන්නයේදී සිදුවූ අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක මුදලක් මෙරටට ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා…

Read More

රුසියාවේ “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය අද (29) ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළේය. ඒ අනුව සංචාරකයින් 398ක් රැගත් එම ගුවන් සේවයට අයත් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ට අද පැමිණි බව වාර්තාවේ. සංචාරක අමාත්‍යංශය පැවසුවේ, “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය සතියකට දෙවරක් මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ඇරඹූ බවය.

Read More

රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ආර්ථික වශයෙන් රට පත්ව ඇති අර්බුදය හමුවේ තවදුරටත් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තිකයන් දැඩි පීඩාවට පත් වන බවය. මීට විරෝධය පළකිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය. ඒ අනුව එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය.

Read More

රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය. රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බව කී එම නිලධාරියා ඒවා අයකරගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය ද රාජ්‍ය ආයතනයක් වීම නිසා එම රාජ්‍ය ආයතන විදුලි බිල නොවුවද විදුලිබ විසන්ධි කිරීමේ හැකියාව ඉතාමත් අඩු බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Read More

නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකි. සැමුවෙල් පදිංචි නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල මියගොස් සිටින අයුරු දැකගත හැකි වී ඇත.ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා ඇත . රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ. අසල්වැසියන් නිවස පරික්ෂා කරන…

Read More

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (28) දිනයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. IS සංවිධානයේ සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 වන දින ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මෝටර් රථයක් පුපුරුවාහැරීමේ සිද්ධියට සෘජු සබඳතාවක් පවතින බව අනාවරණය වී තිබේ. අදාළ ප්‍රහාරය මෙරට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සමග සබඳතා පැවැත් වූ IS ත්‍රස්ස සමාජිකයෙකු විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි. ඒ අනුව විමර්ශනය කළ ජාතික විමර්ශන ඒජන්සිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ…

Read More