Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකාව නැමැති නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන අතර “නෞකාව” ගමනාන්තය කරා රැගෙන යාමට හොඳ කපිතාන්වරයකු ද ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. සියල්ලෝ පසු බසිද්දී, ගිලෙමින් පැවැති නෞකාව ගොඩ ගනු ලැබූවේ ජනපති ධූරයේ බැරෑරුම් වගකීම නොපැකිලව කර මතට ගත් රනිල් වික්‍රමසිංහ මහතා බව කී රුවන් විජයවර්ධන මහතා දහසක් අභියෝග හමුවේ ජනපති ක්‍රියාවට නැංවූ වැඩපිළිවෙල නිසා යළිත් නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන්නේ යැයි පැවසීය. නව වසරේ ප්‍රකාශයක් කරමින් විජයවර්ධන මහතා කීවෙි එළඹුන නව වසරට පියවර තබන්නේ ගෙවුණු වසරේ අත්දැකීම් සමුදායක් කරපින්නාගෙන බවයි.
2023 නව වසර ආරම්භයත් සමග සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට මේ දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එහිදී ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ද රෝහල් ගතකර තිබේ. ඊට අමතරව ගැටුම් සහ රිය අනතුරු ඇතුළු විවිධ අනතුරු වලින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කළේය.
මෙරට ප්‍රකට පාතාල ක්‍රියාකාරිකයෙක් ලෙස සැලකෙන කන්ජිපානි ඉම්රාන් රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාව ට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. “ද හින්දු” පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ඉම්රාන් මෙරට අධිකරණයක් මගින් පසුගියදා ඇපමත නිදහස් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරීම සම්බන්ධයෙන් අද (01) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. සූම් තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව කථානායකවරයා සඳහන් කළේය. එම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරිම සඳහා පසුගිය 29 වැනිදා පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් විය. 21වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වන අතර ඊට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු පත් කිරීමට නියමිතය. ඒ සඳහා අයදුම්පත් 120කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර අදාළ අයදුම්පත් වලින්…
ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගතකළ වසරක් නිමා කරමින් 2023 නව වසරට මෙරට ජනතාව පිවිසි බවය. රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ මෙරට සියලුදෙනා මත පැටවී ඇති විශාල බර සහ බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් ඇති බව ජනාධිපතිවරයා පවසයි. දැනටමත් මෙම අයහපත් කාලය පසුකර ඇති බවට තමන් විශ්වාස කරන බවත් 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව…
බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවත් එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. රටේ බිත්තර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති යැයි කී ජයවර්ධන මහතා ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30 ත් 32 ත් අතර මිලකට අලෙවි කළ හැකි බවද සඳහන් කළේය. බිත්තරයක මිල මේ වෙන විට රුපියල් 70 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙම කලු කඩ මිල පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් පියවර ගත යුතු බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.
මේ පාලනය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නැවක් අල්ලා ගැනීමෙන් පසු ඇතිවන තත්වයට සමාන යැයි සමාන යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. කල්ලියක් විසින් ආණ්ඩුවක් අල්ල ගනු ලැබ ඇති බවත් එවැනි කල්ලියකට රටක් ගොඩ දැමීමට හැකි යැයි සිතීම විහිළුවක් බවත් ඔහු සඳහන් කළේය. නාමයෝජනා කැඳවීමෙන් පසු මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බවද අනුර දිසානායක මහතා පැවසීය
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය 2020 වසරේදී නිවෙස්වල සිට වැඩ කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි නිවාඩු මුදල් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. එම මුදල පෙර වසරට සාපේක්ෂව සියයට 37 ක වැඩිවීමක් බව පෙන්වා පෙන්වා දෙන විගණන නිලධාරීහු එලෙස නිවාඩු මුදල් ගෙවීම විවාදාත්මක මෙන්ම සාධාරණීකරණය කළ නොහැක්කක් බවද සඳහන් කරති. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටේ නිශ්චිත ප්‍රදේශ කලින් කලට අගුලු දැමීම හේතුවෙන් අධිකාරියේ කාර්ය මණ්ඩලයට නිවෙසේ රැඳී සිටීමටත් නිවෙස්වල සිට වැඩ කිරීමටත් අවසරදී තිබූ අතර මෙපමණ නිවාඩු මුදල් ප්‍රමාණයක් අනුමත කර ඇත්තේ එම කාලසීමාවේදී බව විගණන අංශ පෙන්වා දෙයි. මේ අතර සිවිල් ගුවන් සේවා…
නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති. එසේම බැංකු ණය ලබා ගැනීමට නොහැකිවීම සහ ණය පොලිය වැඩි වීම යන හේතු නිසාද ඉදිකිරීම් කටයුතු බොහොමයක් නතරවී ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ලොකුම ව්‍යාපාරිකයන් සීමිත පිරිසක් පමණක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන නමුත් බොහෝ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා තම ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් සමහර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සපයන ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ විකිණීමට දමා ඇතැයි…
ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇත. මෙසේ අතුරුදන්ව ඇත්තේ දැවමය සිතුවම් තිස් එකක් සහ වෙනත් චිත්‍ර සහ සිතුවම් අටක්ය. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය දින කිහිපයේදී කළ කරුණු සොයා බැලීමකදීය. මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ චිත්‍ර 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර එහි නිලධාරීන් පිරිසක් එම මන්දිරයට ගොස් සංරක්ෂණයට අදාළ මූලික කටයුතුවල මේ දිනවල නිරතව සිටින බව දැනගන්නට ඇත. සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා( රසායන සංරක්ෂණ) ගීතානී කුරුප්පුආරච්චි මහත්මියගෙන් කළ විමසුමකදී…
