Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආනයන – අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142ක් සඳහා ජනවාරි 01 සිට රේගු සංකේතාංක (HS Codes) හඳුන්වා දී තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
2023 වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් මුළු රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 8කට සීමා වෙන්නේ නැහැ. තමන්ගේ වැඩකටයුතු සතියේ දවස් 5කට සීමා වෙන්නේන නැහැ. 2023 අවසන් වන විට මේ රටේ සාමන්‍ය තත්ත්වයක් ඇතිකරමු කියලා බලාපොරොත්තුවෙන් ඔබ සියලුදෙනාගේ සාහයෝගය ඇතිව මේරට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.”
දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අද (02) දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් (31) සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව එම තත්ත්වයට හේතු වී තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා, “ඊයේ දුම්රිය ගමන්වාර 44ක් අවලංගු වීමට නියමිත වුණා. මේ මොහොත වන විට ගමන්වාර 7ක් පමණ අවලංගුවීම් සිද්ධවෙලා තියෙනවා. ඒක දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තියෙනවා. හෙට දිනයේදී මේක 60ක් 70ක් වෙන්න පුළුවන් එහෙම වුණොත් දුවන දුම්රියන්ට ධාරිතාවය දරන්න බැරි වෙයි. මගීන් ගැටුම් ඇති කරයි දුම්රිය ස්ථානවලට ඇවිල්ලා. මාසේ මුල්ම දවසේ.. අවුරුද්දේ මුල්ම දවසේ මේ…
ඖෂධ හිඟය හේතුවෙන් රටේ මතුව ඇති ගැටලු මෙම වසරේ පළමු කාර්තුව වනවිට නිරාකරණය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වසර සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදලක් වෙන්කර ඇති අතර ඉන්දියානු ණය ආධාර මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් රටේ ඖෂධ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඖෂධ හිඟයෙන් දේශපාලන වාසි ලබාගැනීමට සිටින පිරිස් විසින් ඖෂධ ආනයනකරුවන් අධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. රජය ඖෂධ සමාගම්වලට රුපියල් බිලියන 15ක්ද, රාජ්‍ය බැංකු දෙකකට රුපියල්…
උද්ධමනය පහත දමා ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීම වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ක්‍රමාණුකූලව මේ වනවිට උද්ධමනය අඩුවෙමින් පවතින බවය. නව වසර වෙනුවෙන් දළදා සමිඳු වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා එම අදහස් පළකළේය. “අපි බලාපොරොත්තුවෙනවා පසුගිය වසරේ තිබුණු ආර්ථික අමාරුකම්වලින් මිදිලා යමිකිසි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා රටේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරන්න. විශේෂයෙන් මහ බැංකුවේ වගකීම වන්නේ උද්ධමනය පාලනය කිරීම අපි දැනටම දකිනවා උද්ධමනය සීඝ්‍රයෙන් අඩුවේගෙන යනවා. අපි මේ වසරේ බලාපොරොත්තු වෙනවා උද්ධමනය තවදුරටත් අඩුවෙලා…
පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතනවලට එරෙහිව නඩු පැවරිය යුතු බවය. “ප්‍රාදේශීය සභා මොකටද අපිට ? ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් හම්බවෙනවාද අපිට ? මුදල් හමුබවෙන්නේ නැහැ. ඒ හින්දා මුලු සමස්ත රටම ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බොක් කවුරු ආවත්, කොයි පක්ෂයෙන් ආවත් කටුගාන්න සූදානම් වෙන්න ජනතාවනි. තවත් අවුරුදු 5කට දෙනවා කියන්නේ මකොල්ලකාරයෝනේ මේ. සමස්ත රටේම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව…
බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් (02) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. බිත්තර මිල පාලනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මිල පාලනය සඳහා බිත්තර ආනයනය කරන ලෙස බේකරි හිමියන්ගෙන් මෙන්ම ජනතාවගෙන්ද රජයට දැඩි ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. අභියාචනාධිකරණය බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු බිත්තර මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව, අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60 සිට ඉහළට විවිධ මිල ගණන් යටතේය. සමස්ත ලංකා…
සංඝ කථිකාවත් තුළින් භික්ෂුන් වහන්සේ පාලනය කිරීමට රජය උත්සාහ ගන්නා බවට වැරදි මතයක් සමාජගත වී ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ, වාද්දූව විවේකාරාම විහාරස්ථානයේ පසුගිය 31 වනදා පැවති ආගමික උත්සවයකදීය. එහිදී අදහස් දැක්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන්, “මේ සංඝ කථිකාවත් පිළිබඳව සමාජයේ වැරදි මතයක් ගොඩනැගිලා තියෙනවා. භික්ෂූන් පාලනයට රජය තැත් කරන බවට මතයක් තියෙනවා. ඒක වැරදි මතයක් අපි දිගු කළක් සාකච්ඡා කළ කරුණක් මේක. මේ සමාජයේ වැඩ ඉන්න ඇතැම් දඩබ්බර භික්ෂූන් පාලනයට අපි පියවර ගැනීමක්.…
කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යකඩ කූරකින් පරහදීම හේතුවෙන් ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) අලුයම් කාලයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ පහරදීමකින් ඝාතනය සිදුව ඇත. පොලීසිය පැවසූවේ, වයස අවුරුදු 26ක් වන කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි කුමාර් සුරේෂ් නමැති තරුණයෙකු එලෙස මියගොස් ඇති බවය. තුවාල ලැබු තරුණයා ප්‍රදේශවාසීන් එක්ව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය. පහරදීම සිදුකළ පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර, මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිළිනොච්චිය මහ රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇත. පෞද්ගලික ආරවුලක් මත අදාළ…
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය. මේ අතර දිවයිනවටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනවටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසානදෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණවේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු…
