Author: LANKA24X7

ජනමත විචාරණයකට යාමෙන් තොරව පළාත් පාලන ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ අනිවාර්යයෙන්ම ලබාදී ඇති දින වකවානු අනුව මැතිවරණය පැවැත්විය යුතු බවය. “මාර්තු 30 වැනිදාට පෙර රට පුරා පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත වෙලා අවසාන වෙන්න ඕනේ. එසේ කිරීමට නම් මේ මැතිවරණය පවත්වන්නට ඕනේ පෙබරවාරි අන්තිම හෝ මාර්තු මාසේ මුල. ශ්‍රේෂ්ඨාධිකරණ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මැතිවරණය කල් දැමීමට නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ කියලා. ජනමත විචාරණයක් පවත්වන්නේ නැතිව පාර්ලිමේන්තු යෝජනාවක් හරහා මැතිවරණය කල්දැමීමට කිසිසේත් පුළුවන්කමක්…

Read More

ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගතයුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගත් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 2023 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

Read More

රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට 2018 වර්ෂයේ සිට 2021 දක්වා රුපියල් මිලියන 650 සේවක දීමනා වශයෙන් ගෙවා ඇති බව විගනන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. දිරි දීමනා ගෙවීම් විශේෂ දීමනා තුළුව නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයන් සඳහා දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය වී ඇත. බොහොමයක් රාජ්‍ය ආයතන රජයේ නියමයන් නොසලකා හරිමින් ඒ ඒ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරමින් විවිධ දීමනා සේවකයන්ට ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණදෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියේවා මහත්මිය පවසන්නීය. අමෙරිකානු CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි අඩුආදායම්ලාභී රටවල් රැසක් ණය අර්බුදයට මුහුණදීම ගෝලීය මූල්‍ය අර්බුදයට කොතරම් දුරට බලපෑමක් ඇති කරාවිද ? ක්‍රිස්ටලිනා ජෝජියේවා, “මේ වනතුරු මෙම රටවල් මුහුණදෙන ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමට පැමිණ නැහැ. ඉතින් ඒ රටවල් මොනවාද යන්න විමසා බැලුවොත් චැඩ්, ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව, ලෙබනනය, සුරිනාම් සහ ශ්‍රී ලංකාව මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ…

Read More

වත්මන් දේශපාලන නායකයින් අරගලයෙන් පෙන්වා දුන් අරමුණ නිසි ලෙස ඉටු නොකළහොත් රටේ නොසිතන පිරිසක් දේශපාලන වගකීම් ගැනීමට ඉදිරියට එනු ඇතැයි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ලබන කන්නයේ වී ටික විකුණ ගන්න බැරිවෙද්දි, මෙයාලා ගෙනාපු කෝටි 16,000ක හාල් ගැන කතා කරන්නේ නෑ. එදාට කතා කරයි ඩඩ්ලි සහ අනෙකුත් ව්‍යාපාරික ආයතනවල නම් ටික. මම අහන්න කැමතියි මේ රට පාලනය කරන ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එකට තියෙන වගකීම මොකද්ද ? මේ රට තුළ මෙවැනි දැවෙන ප්‍රශ්නයක් ගොවියන් අතරේ තියෙනවා නම් ඒක දැනෙන්නේ නැති දේශපාලනඥයෝ කවුද ? මෙහෙම අපි තව…

Read More

තරුණයෙකු මියගිය තම පෙම්වතියගේ නිවෙසට හොර රහසේ පැමිණ විවාහයේදී ගෙල පලඳවන රත්රන් තැල්ලක් බැඳීමේ සිද්ධියක් යාපනය මට්ටුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වසර දෙකක පමණ කාලයක් මේ දෙදෙනා පෙමින් වෙළී සිට ඇති අතර ඊට තරුණියගේ මවුපියන් විරුද්ධ වීම නිසා විවාහයට බාධා එල්ල වී තිබෙනවා. නව වසරට පෙර මේ දෙදෙනා යාපනය නගරයේදී හමු වී අවන්හලකින් දිවා ආහාර ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මවුපියන්ට සැලවීමෙන් පසුව මවුපියන් ඇයට පහරදී තරවටු කොට තිබු අතර මෙම සම්බන්ධයට මවුපියන් බලවත්සේ විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් තරුණියක ගෙල වැලලාගෙන මියගිය බවයි වාර්තා වෙන්නේ. සිත් තැවුලට පත් තරුණයා නිවෙසට පැමිණි තරුණියගේ මළ සිරුරේ ගෙලට තැල්ලක් බැඳ නිවෙසින් පිටව ගොස්…

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා. ඒ කරච්චිහිදීයි. මෙම වසරේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වන්නේද එම තරඟයයි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා.

Read More

බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම්දී තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බ්‍රසීල නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි. ඉකුත්දා පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලූලා ද සිල්වා තුන්වන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. ඒ, හිටපු ජනාධිපති පේර් බොල්සොනාරෝ පරාජයට පත් කරමින්. ලූලා ද සිල්වා 2003 – 2010 කාලය තුලදී දෙවරක් බ්‍රසීල ජනාධිපතිධූරය දරා තිබෙනවා. දූෂණ සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ලූලා ද සිල්වාට බ්‍රසීල අධිකරණයක් මඟින්…

Read More

වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) පස්වරුවේ දැරිය‌ගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර මුහුණ දී ඇත. එසේ මියගොස් ඇත්තේ, එන්. එස්. හමිදා නැමති දැරියකි. දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා ළිඳට වැටී සිටිනු දැක ඇත. ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දැරිය ගොඩ ගනු ලැබුවද දැරිය ඒ වන විටත් මියගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

සමාජ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ සහනාධාර ඉල්ලුම් කර ඇති පවුල් පිළිබඳ සංගණනය කිරිමේදී තම සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍ර ලාල් මහතා සඳහන් කළේ, මෙම සංගණන කටයුතු මුලික වශයෙන් සිදුකිරීමේ කාර්යය පැවරෙන්නේ සමෘද්ධි නිලධාරීන්ට බවය. ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා සංගණන කටයුතුවලින් ඉවත් වීම නිසා එම කටයුතු තම සාමාජිකයින්වෙත පැටවීමට බලධාරීන් කටයුතු කරන බවට සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරයි. සංගණන කටයුතු කිරීම සඳහා කිසිදු පහසුකමක් තම සාමාජිකයන්ට නොදී බලධාරීන් විසින් බලපෑම් කරමින් සිටින බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ජාතික සංවිධායක…

Read More