Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටී සිටි සිසුවෙක් රෝහල්ගත කරන විට මියගොස් ඇති බව වාර්තා වෙයි. එම සිසුවා සිය කාමරය තුළ සිහිසුන්ව වැටී සිටියදී හෝමාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. මෙසේ මියගොස් ඇත්තේ දියගම තාක්ෂණ ඩිප්ලෝමා විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 25 ක් වයස කටුගම්පලගේ මලිත් යශෝධ නමැති සිසුවෙකි. කටුපොත, පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) පැවැත්වීමට නියමිත බව සඳහන් ය.
විදුලි ගාස්තු යළිත් වැඩිකිරීමට රජය ක්‍රියා කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (2) පැවසීය. එමෙන්මෙම විදුලිබිල නැංවීමට එරෙහිව පැවැත්වෙන විරෝධතා ආදියට ද ජනතාව සමඟ එක්වන කී ජයසේකර මහතා සඳහන් කළේය. පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් එම පක්ෂ මූලස්ථානයේ දී පැවති කෙටි උත්සවයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
විදුලිබල මණ්ඩලයේ පරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල යළි වැඩි කිරීමට රජය ගෙන ඇති තීන්දුව ජනතාවට සිදු කරන බරපතළ අසාධාරණයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී පැවසීය. දේශපාලන අධිකාරිය ගනු ලැබූ තීරණ මත සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජනතාවට වගකිව යුතු නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. බදු පිට බදු ගසමින් ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක තවදුරටත් විදුලි ගාස්තු වැඩ කිරීම ජනතාවට දරාගත නොහැකි වනු ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. තව දුරටත් ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සැලසුම් සහගත වැඩ කරන ආකාරයක් පෙනෙන්නට නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී කීවේය.
කටුවන රුක්මල්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙදෙනකු මිය ගිය බව කටුවන පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගොස් ඇත්තේ දික්වැල්ල පොලීසියට අනුයක්තුව සේවය කරනු ලැබූ 27 වැනි වියේ පසු වූ විජයමුණිගේ ක්‍රිෂාන් ජයලත් හා ඔහු ගේ පියා වන 61 වැනි වියේ පසු වූ විජයමුනිගේ ධර්මසේන යන අයයි. මිය ගිය පිය පුතු දෙදෙනා වීරකැටිය අබකොළවැව ප්‍රදේශයේ පදිංචි කරුවන්ය. අබකොළවැවේ සිට ඌරුබොක්ක ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දි තිබේ. පොලීසිය පවසන්නේ ඔවුන් දෙදෙනා පැමිණි යතුරු පැදියේ තිරිංග වල දෝෂයක් ඇති වීමෙන් මාර්ගයේ අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරෙන බවයි. අනතුරෙන් තුවාල ලැබූවන් කටුවන හා…
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් අලෙවි කෙරෙන ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණා. ඒ අනුව රුපියල් 420 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 සිට රුපියල් 355 දක්වා අඩු වනවා. කෙසේවෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගනුලැබූ මෙම තීරණයට සාපේක්ෂව ඔටෝ ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15 කින් අඩුකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද තීරණය කළා.…
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සතියකින් කල් දැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීම හේතුවෙන් සිය වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා මාලාව කල් දැමූ බවයි. විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා වැඩසටහනට සියලු පාර්ශව එක් කර ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් වැඩිදුරටත් සඳහන් කළා.
රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පවත්වා තිබේ. එහිදී නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය. “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, පරිපාලන නිලධාරීන්ගේ සංගමය, එකාබද්ධ විධාක නිලධාරීන්ගේ එකමුතුව වැනි රටේ වෘත්තිකයින්ගේ වෘත්තිය සංගම්වල ඉතා වැදගත් සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වුණා. මේ සාකච්ඡාව කේන්ද්‍රගත වුණේ මේ වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත අසාධාරණ බදු…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වීමට නියමිතය. වංකඩේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිව ඇති අතර රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා, බූනේෂවර් කුමාර්, රවිචන්ද්‍රන් අෂ්වින් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විවිධ හේතුන් මත කණ්ඩායමට ඇතුළත්ව නොමැත. තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් ද පැවැත්වීමට නියමිතව තිබේ.
පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහිදී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අද සඳහන් කළේ, බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවය. කෙසේ වෙතත් දිගින් දිගටම බිත්තර මිල ඉහළයාම වැළැක්වීමට බිත්තර ආනයනය සඳහා ඊ (02) කැබිනට් මණ්ඩල හමුවේ දී එකඟතාවය පළකර තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවතින බිත්තර ගැටලුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකළ බවය. බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තරයක මිලෙහි කැපීපෙනෙන ඉහළයාමක් දක්නට ලැබුණි. ඒ අනුව අද වන විට බිත්තරයක්…
ඊ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබේ. එසේම භූමිතෙල් මිලද රුපියල් 10කින් පහත දැමීමට තීරණය කර ඇත. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355කි. ඒ අනුව ලංකා IOC සමාගමද ඩීසල් රුපියල් 15කින් සහ භූමිතෙල් රුපියල් 10කින් මිල පහළදැමීමට තීරණය කර තිබේ.
