Author: LANKA24X7

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව නව ලිට්‍රෝ ගෑස් සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ. 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රු. 201 කින් අඩුකර ඇත. ඒ අනුව නව මිල මිල රු. 4,409ක් වේ. ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 80 කින් අඩු කර ඇති අතර නව මිල රු. 1,770 ක් වේ. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු.38කින් අඩු කර ඇති අතර නව මිල රු. 822ක් වේ.

Read More

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට හැකි බව පවසා මුදල් රුපියල් 3,694,000ක් ගිණුම්ගත කරවාගෙන මුදල් චංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා ඊයේ (04) දහවල් කාලයේදී කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරියන් අවුරුදු 36 හා 38 යන වයස්වල පසුවන වැලිවැටිතුරය ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි. සැකකාරියන් අද (05) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය හා කන්කසන්තුරය විශේෂ අපරාධ…

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම නියෝගය නිකුත් කර තිබේ. අදාළ තානාපති කාර්යාල වාර්තාව ලැබීමෙන් පසුව එම නඩුවට අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට පහසු වන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා එතෙක් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන…

Read More

මේ වසරේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසරේදී සියයට 8 කින් පමණ සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවයි. 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්තිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවතිනු ඇති බවට මහ බැංකුව අපේක්ෂා කරනවා. මහ බැංකුව පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙස් ක්‍රියාවලිය සඳහා ණය හිමියන්ගේ මූල්‍යකරණ සහතික ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදුකළ සාකච්ඡා සම්බන්ධයෙන් දැනට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතියත් සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ලබාදෙන පහසුකම 2023…

Read More

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සදහන් කළේය. කෙසේවෙතත් යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට බස් රථ මගින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසන බව ද ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සදහන් කළේය.

Read More

ආබාධයක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉදිරි විස්සයි විස්ස තරග තවත් ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Sanju Samson මෙලෙස ආබාධයකට ලක්ව ඇත. ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේදී හතරේ සීමාව ආසනන්නයේදී ඔහු ආබාධයකට ලක්විය. ඒ අනුව Sanju Samson වෙනුවට ඉදිරි විස්සයි විස්ස තරග ද්විත්වය සඳහා ඉන්දීය කණ්ඩායම විසින් නවක ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙලෙස ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත්තේ IPL තරගාවලියේ පන්ජාබ් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Jitesh Sharma වයි. ආබාධයකට ලක්වූ Sanju Samson මුම්බායි හි රැඳී සිට…

Read More

මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන් රජයෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. සාධාරණ මිලකට ගොවීන්ගේ වී මිලදී ගෙන පාරිභෝගිකයන්ට ද සහන සැලසූ පසුව ඕනෑම මොහොතක මැතිවරණ පවත්වා ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය. මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර ලක්ෂ 8ක වී වගා කර තිබෙන අතර පසුගිය යල කන්නයේදී හෙක්ටයාර් පන්ලක්ෂ 12,000 ක වී වගා කර තිබෙන බව කී අමාත්‍යවරයා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන පරිදි එම වී මිලදී ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී තිබෙන බව සඳහන් කළේය. වී මිලදී ගැනීම…

Read More

සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (4) කොළඹදී පැවසීය. බොරු කයිවාරුව පැත්තකට දමා පුළුවන් නම් විපක්ෂයේ සිට සජිත් ප්‍රේමදාස සමඟ ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙස කයිවාරු ගසන වීවීඅයිපී සමාජවාදීන්ට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. තබුත්තේගම ජාතික පාසලට බස් රථයක් ලබා දුන් අවස්ථාවේ එම පාසලේ ආදි ශිෂ්‍යයකු වන පක්ෂ නායකයකුට රිදීම මෙම අපහාස සිදුකිරීමට හේතුවී ඇතැයිද 60 වන “සක්වල” වැඩසටහන යටතේ ලක්ෂ පනහක් වටිනා බස් රථයක් හෝමාගම මහ විද්‍යාලයට පරිත්‍යාග කරමින් ඔහු පැවසීය.

Read More

යුක්‍රේනයේ යුද්ධය හා චීනයෙන් එල්ල වන අභියෝග සම්බන්ධයෙන් යුරෝපය අවදියෙන් සිටිය යුතු බව ඉන්දියාව පවසයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා යුරෝපානු රටවල් දැනුවත් කරමින් ඒ බව සඳහන් කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍යක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත. එමෙන්ම තනි බලයක් විසින් ආධිපත්‍යය හසුරුවන්නේ නම් කිසිදු කලාපයක් ස්ථාවර නොවනු ඇති බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඉන්දියාව වැනි රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අමෙරිකාව ඉක්මනින් වටහා ගෙන ඇති බවය.

Read More

අද සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය අද දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇත.

Read More