Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අද (01) පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සහ අමෙරිකා නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බව පවසා ඇති බව වාර්තා වෙයි. එසේම සමලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකීම ඉවත්කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘විශ්ව කාලාන්තර සමාලෝචන’ කණ්ඩායම පැවැත්වූ රැස්වීමකදී මෙරට මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන ඇති බව වාර්තා විය. එම කණ්ඩායම විසින් සමාලෝචනය කරනු ලබන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් 2008, 2012 හා 2017 යන වසරවල දී ද සිදුකර තිබුණි. රජය…
විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදී ඔහු එම ප්‍රතිඥාව ලබාදීම සිදුකළේය. හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.
ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ. අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන මේ අවිවාහක යුවළ මෙසේ නර්තනයේ නිරතව සිටියේ ඉරානයේ ටෙහෙරාන් හි නිදහස් කුලුන අබියස දීය. පසුගිය නොවැම්බර් මාසයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, දූෂණය සහ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනාවය. එමගින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවත්, රජයට එරෙහි කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් අධිකරණය තීන්දු කර තිබුණි. යම් හෙයකින් ඔවුන් මෙම දඬුවමට ලක් කළහොත් එවන් චෝදනා යටතේ වරදකරු වී උපරිම සිරදඬුවමකට ලක්වන පළමු පුද්ගලයින් බවට ඔවුන් පත්වේ. දඬුවමට අමතරව යුවළට වසර දෙකක…
විදුලි නිෂ්පාදනය සඳහා අද (01) සිට අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි. ඒ අනුව සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් තවදුරටත් අමතර ජලය මුදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා මහජන උපයෝගීතා කොමිසම එලෙස ඉල්ලීමක් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, “අප වෙත මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.. විදුලි නිෂ්පාදනය සඳහා ජලය වැඩිපුර ලබාදෙන්න කියලා. ඊයේ සහ අද සැලකියයුතු වර්ෂාවක් අපි මහවැලි ගංඟා ද්‍රෝනිවලට බලාපොරොත්තු වුණා. නමුත් එම වර්ෂාපතනය මේ වෙනකොට උතුරු…
රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදල් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණි පියතුමන් පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය. “විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොළොත්වී ඇති රටක, 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක, ළමා මන්දපෝෂණයෙන් පෙළෙන රටක, රැකියා අහිමිවෙමින් තිබෙන රටක, ව්‍යාපාර කඩාවැටෙමින් ඇති රටක, නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති රටක, මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන රටක, පැය 24ම විදුලිය සැපයීමට අසමත්වී ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද ?.. කියලා අපි ප්‍රශ්න කරනවා.…
ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු බවය. “බදු පිළිබඳව අපිටත් චෝදනා තිබෙනවා. බදු ප්‍රමාණය වැඩියි. හැබැයි එදා අරගල කළේ බදු අයින් කළේ ඇයි කියලා අහලා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කළ චෝදනාව. අද බදු දාලා තියෙනවා.” “කොහොම වුණත් මේ කාරණාවලදී ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.” “දැනගන්න ලැබුණා ඉදිරි කාලසීමාව තුළ යම් සංශෝධනයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. සමහර ක්ෂේත්‍රවල. පැහැදිලිව බදු ප්‍රමාණයේ යම් සංශෝධනයක් විය යුතුයි.”
පාර්ලිමේන්තු කල් දමා විකාර වැඩ කරන ආණ්ඩු තුන් ලෝකෙම නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව වෙන වෙන න්‍යාය පත්‍ර මත කටයුතු කරමින් රට ආගාධයට ගෙන යමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව දැන්වත් මේ විකාර වැඩ නතර කළ යුතු බවද සඳහන් කළේය. මැතිවරණය සඳහා අපි සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
නිදහසට කරුණු ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවූ ලිපියට පිලිතුරු ලිපියක් යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. සියලු දෙනාගේ අත්සනින් යුතුව එම ලිපියේ යැවූ බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය දැනටමත් තීරණය කර ඇත.
ජනතාවගේ බලාපොරොත්තු නැවත ඉහලට යන අවස්ථාවේදී පළාත් පාලන ආයතන සභිකයන් 8000කට වැටුප් ගෙවන තත්ත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම්, එයින් රට නැවතත් ආර්ථික අගාධයකට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානියක් විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. එපමණක් නොව ඉදිරියේදී වාහන වල ලීසිං හා බැංකු ණය ගෙවාගන්න බැරිව ඉන්න අයටත් අපහසු කාල පරිච්ඡේදයක් ඇතිවිය හැකි බව කී අබෙිවර්ධන මහතා ඒ කිසි දෙයක් ගැන අවධානය යොමු නොකොට, මැතිවරණයක් වෙනුවෙන් පමණක් විපක්ෂය පෙනී සිටිනවානම්, මහජනතාව ඒ ගැන හොඳ අවධානයෙන් සිටිය යුතු බව පැවසීය. මැතිවරණය වෙනුවෙන් පමණක් බිලියන 20ක් පමණ වියදම් කරන්න වෙන අතර එයින් තේරී පත්වෙන සභිකයන්…
වෛද්‍යවරුන් අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මත නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන මාර්තු මස 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. වයස අවුරුදු 60 දී තමන්ව විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදුන්නා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. පෙත්සම කැදවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළ…
