Author: LANKA24X7

85 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සමග විවාහ දිවියට එළඹුණු 24 හැවිරිදි වියේ පසුවන තරුණියක පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙනි. තවමත් 24 හැවිරිදි වියේ පසුවන Miracle විවාහ වී ඇත්තේ Charles Pogue නමැති 85 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු සමගිනි. අදාළ තරුණිය සිය විවාහ ජීවිතය ගැන මහත් උද්දාමයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. එම තරුණියගේ සීයාටත් වඩා වැඩිමහල් පුද්ගලයෙකු සමඟ විවාහ වීම පිළිබඳව විවිධ අවස්තාවන්හිදී විවිධ දේ අසන්න ලැබුණද ඔවුන් ඒවා තැකීමක් නොකරන බව විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. මේ අතර ඔවුන් දෙදෙනා මේ වනවිට නළ දරු උපතක් සඳහා ද සූදානම් වන බව…

Read More

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක් ගොනුකිරීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් එම නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධිවිධාන ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මුලස්ථානය ඊයේ (02) නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය. මේ අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු අවස්ථා කිහිපයකදී සැලසුම් සහගතව තමාව ඝාතනය කිරීමට උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු උත්සාහ කළ බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි. ඊයේ (02) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ පිළිබඳ අනාවරණ කළේය.

Read More

විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුව මණ්ඩලය අවභාවිත කරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරයි. ඊයේ (02) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් ඒ බව කියා සිටියේය. මේ අතර පෙබරවාරි 17 වැනිදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සදහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය. එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේ විදුලි කප්පාදු සිදුකිරිම උසස් පෙළ විභාගයට පෙනී සිටින 331,000ක් පමණ දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවය. ඒ අනූව එම කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුකළහොත් එය නීතිවිරෝධී සහ අනවසර කටයුත්තක් ලෙස සළකන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය. මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම…

Read More

පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ ණය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ (02) අනාවරණ කළේය. මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව අදාළ රටවලින් ලබාගත් සමස්ත ණය ප්‍රතිව්‍යහුගතකරණය කිරීම සඳහා එම සහතිකය ලබාදීමට නියමිත බවය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනයක් ලබාගැනීම සඳහා චීනයේ, ඉන්දියාවේ මෙන්ම පැරිස් සමාජයේද ණය ප්‍රතිව්‍යුහකරණ සහතිකය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. ඉන්දියාව ඒ සඳහා අවශ්‍ය අපේක්ෂිත මට්ටමේ ණය සහතිකයක් ලබාදුන් අතර, චීන එක්සිම් බැංකුව ලබාදුන් වසර දෙකක සහන කාලයක් ඇතුළත් ණය සහතිකය ජාත්‍යන්තර…

Read More

69 ලක්ෂයේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනුකම්පාවෙන් බලාසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා පවසයි. ඊයේ (02) එම පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ඒ බව සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ සංවිධායකයින් සහභාගී විය.

Read More

හොරකම නතරකර හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් පිහිටුවිම සඳහා පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයට ඡන්දය දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, “විසඳුම මාලිමාව” මැයෙන් අම්පාර, ‍එරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

Read More

අනාගත සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාතලේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ නව මැතිවරණ ප්‍රචාරක ලේකම් ලෙස පත්කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද ප්‍රථම වරට මෙම ජන රැළියට එක් වුණි.

Read More

ජනතාව මත විශාල බදු බරක් පටවා ඇති රජය, මහා පරිමාණයෙන් බැංකු හරහා ණය ලබාගත් පුද්ගලයින්ගෙන් බොල් ණය ලෙස රුපියල් බිලියන 1,200ක් කපා හැරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02) අනාවරණයක් සිදු කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආදායම් සඟවාගෙන විශාල වශයෙන් ඉපැයීම් සිදුකරන ක්ෂේත්‍ර කිහිපයක්ම තිබෙන බවය. “මූල්‍ය වෙළෙඳපොලේ නියාමනයට, බැංකු සේවා සහ මූල්‍ය සේවාවලට හසු නොවන 44%ක ගනුදෙනුවක් මේ රට ඇතුළේ වෙනවා. උපකාරක සේවා සුළු ගුරුවරු පිරිසක් ඉන්නවා. බිලියන ගණනින් හම්බකරන. ඒවා කොහෙවත් වාර්තා වෙන්නේ නැහැ.” “මේ රටේ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සුළු පිරිසක් ඉන්නවා අති විශාල විදියට උපයනවා. හැබැයි ඒ විදියට ගෙවන්නේ නැහැ.…

Read More

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම පවසන්නේ පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙනු ඇති.

Read More

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන්කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දකුණු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. එසේම බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ…

Read More