Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගැනුණි. ඒ අනුව එම සිද්ධියට අදාළව මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබුණි.
හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසිනි. ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහ මහතාගේ රුපියල් මිලියන 100ක ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආදර්ශනී කරදන මහත්මිය ව ඊයේ (11)අත්අඩංගුවට ගනු ලැබීය.
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදීය. එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙම කාරක සභාව සඳහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වනවිට එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්වවල අදහස් ලබාගැනීම සිදුවී තිබේ. මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ සෘජු රැකියාවල නියුතුවන්නන් 650,000 ක් පමණ හා…
සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව ඒ සඳහා වගකීම පැවරෙන්නේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත්…
රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාරිය හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලූ නැමැති කාන්තාවකි. ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520ක් හා හොරයින් මත්ද්‍රව්‍ය ගෑම් 202ක්, විද්‍යුත් තරාදියක්, බැංකු පොත් තුනක් පොලිස් භාරයට ගෙන තිබේ. එම සැකකාරිය හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. සැකකාරිය පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ සඟවා තිබූ එම…
මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කිංග්ස්බර් හෝටලයේ ඊයේ (11) පස්වරුවේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමිනි. පළාත්, ජාතික, සාක් කලාපීය සහ විශේෂ ලෙස කොටස් හතරක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර, ජාතික මට්ටමේ සහ විශේෂ සම්මාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්…
ලංකා සතොස මගින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාන්ඩ වර්ග 4ක මිල පහළදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සම්බා රුපියල් 05කින්, සුදු කැකුළු (දේශීය) රුපියල් 16කින් , සුදු නාඩු (දේශීය) රුපියල් 07කින්, පාන් පිටි රුපියල් 05කින් මෙලෙස මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කට, සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 189කට, සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 198කට, පාන් පිටි කිලෝවක් රුපියල් 240කට ලබාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 664 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබේ. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එකවර උසස්වීම් ලැබූ පළමු අවස්ථාව මෙය බව සඳහන් විය. ඉහත නියෝග පරිදි විශේෂ කාර්ය බළකායේ උසස්වීම් ලද නිලධාරීන් ලෙස: පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03 උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41 පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 08 පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුරට 06 පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට 495
මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසා සිටියේ, මෙම උණ රෝගී තත්ත්වය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවත් ඇති කළ හැකි බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙම උණ රෝගයේ ලක්ෂණ ලෙස කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව හා කැරකැවිල්ල හඳුනාගෙන ඇතැයි ද විශේෂ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “දැනට මාස දෙක තුනක් තිස්සේ බොහෝදෙනක් උණ රෝගයෙන් පෙළෙනවා. ශ්වසන…
