Author: LANKA24X7

75 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව දිවයිනේ ප්‍රදේශවල විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබූ අතර, ජාතික කොඩිය ප්‍රදර්ශණය කරමින් තරුණයින් පිරිසක් විසින් යතුපැදි හා ත්‍රිරෝධ රථ සවාරියක් පවත්වමින් නිදහස් දින වර්ණවත් කල ආකාරය වාර්තාවේ.

Read More

මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

නීතිවිරෝධි අයුරින් සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර උතුර පොලීසිය විසින් පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (04) අලුයම එම වැටලීම සිදුකර තිබුණි. ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ එම වැටලීමේදී ගංජා, කුෂ් ආදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ එම සාදය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බවය. සැකකරුවන් පිරිසක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමව්පියන් ගෙන්වා පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙකු පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරු 6.45 ට 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය ඇමතීමට නියමිතය. ඔහුගේ කතාව සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා සහ 10 වැනිදා සිකුරාදා දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (3) තීරණය කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (3) පස්වරුවේ රැස්විය. මේ අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී යථාපරිදි යොමුකර තිබූ යෝජනා 51 ක් අනුමැතිය සදහා 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙම කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත. අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව…

Read More

එතිහාසික මිහින්තලේ පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව සිදුකළ ද්‍රෝහී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. එමගින් රටේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් පවා සනාථ කර අැති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සුරක්ෂා කිරීමේ වගකීම පවා උල්ලංඝනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (3) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය. එතිහාසික මිහින්තලේ පුදබිමේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීම පිළිබඳ කනගාටුව පළ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන්…

Read More

සාමුහික වැඩපිළිවෙළක් ඔස්සේ පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට එක්වන ලෙස දුෂ්කරතාවලට මුහුණදී සිටින සියලු රටවලින් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අප්‍රිකා රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීය. බොට්ස්වානා, ඇල්ජීරියා, ඊජිප්තුව, ඉතියෝපියාව, කොට් දි අයිවරි, කෙන්යාව, ගැම්බියාව, ලිබියාව, ලෙසෝතෝ රාජ්‍ය, ඝානා, මාලි, මොසැම්බික්, මලාවි, මොරොක්කෝ, නයිජීරියා, රුවන්ඩා, සෙනගල් ජනරජය, දකුණු අප්‍රියාව, සීෂෙල්ස්, සුඩානය, සැම්බියාව, ටැන්සානියාව, ටියුනීසියාව යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට චීනය සහ නැගෙනහිර ආසියාවේ බලය වර්ධනය වෙමින් පවතින අතර මෙම සියවසේ…

Read More

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව හමුදාව බාරයේ තිබු පලාලි අධි ආරක්ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14 ක භූමි ප්‍රමාණයක ඉඩම් ඊයේ (3) එහි නීත්‍යා‍ණුකූල හිමිකරුවන් වෙත බෙදාදුන් බව යුද හමුදාව පවසයි. පලාලි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 12.14 ක්, පලාලි අධිආරක්ෂිත කලාපයේ තෙලිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 0.72, කන්කසන්තුරේ මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 50.59ක් සහ මයිලඩි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 16.55 ක ප්‍රමාණයකට අදාල නීත්‍යානුකූල ලිපිලේඛන අද යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංකේතාත්මතව ප්‍රදානය කළ බව හමුදාව පවසයි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ…

Read More

ඉන්දියාවේ මෙවර අයවැය පිළිබඳව සතුටු වන බව ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය පවසා තිබේ. ඒ අදාළ අයවැය මගින් ඇෆ්ගනිස්තානයට වෙන්කර ඇති ආධාර පිළිබඳව අවධානය යොමු කරමිනි. ඒ තුළින් දෙරට අතර සබඳතා සහ විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට සහය වනු ඇති බවද ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනයේ ස්ථාවරය වී තිබේ. තලෙබාන් සංවිධානය මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් මෙවර අයවැය හරහා ඇෆ්ගනිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 25 ක සහන පැකේජයක් යෝජනා කර ඇති පසුබිමක් තුළය. තලෙබාන් පාලනය අවස්ථා කීපයකදීම ඇෆ්ගනිස්තානයේ ආයෝජන සඳහා ඉන්දියාවට ආරාධනා කර තිබුණි.

Read More

රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම වසර දෙකක් සඳහා අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිංග් විසින් ඒ බව පවසා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව චීනය විසින් 2022 සහ 2023 වසරවලදී ගෙවිය යුතු ණය වෙනුවෙන් දිගුවක් ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇත. ඒ යටතේ අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව විසින් බැංකු ණය සඳහා ගෙවිය යුතු මූලික හා පොලී ගෙවීම අවශ්‍ය නොවන බව වාර්තා වෙයි. මේ අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර හිමියන්ගේ එකමුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඊයේ (03) ලිපියක් යොමුකර තිබේ. එය, ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකළ ශ්‍රී ලංකාව පිළිබඳ සහතිකයට සමාන ලිපියකි. එමගින්…

Read More