Author: LANKA24X7

අතීතයට බලපාන පරිදි සහ අන්තර්කාලීනව විදුලි ගාස්තු ඉහළ දැමිය නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව ජනවාරි 1 වැනිදා සිට විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදයක් නීතියේ නොමැති බව කී රත්නායක මහතා ඛනිජ තෙල් සංස්ථාවෙන් සත්‍ය පිරිවැයට විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයාදීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බව ද සඳහන් කළේය.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළදී ඇති මූල ගැටිති වටපණු රෝගය හෙවත් නෙමටෝඩා රෝගය වැළදීමට හේතුව කාබනික ගොවිතැන සඳහා යොදාගත් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතයදැයි පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ අමාත්‍ය මහින්ද අමරවීර වෙත ඒ බව ප්‍රකාශ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනම් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර විවිධ ආයතන මඟින් ගොවිජනතාව වෙත බෙදා හරිනු ලැබුවා. නිසි ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර එම ආයතනය විසින් සකස් කළේද යන්න පිළිබඳ සැකයක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ. දැනට පරික්ෂා කර ඇති කොම්පෝස්ට් සාම්පලවල නෙමටෝඩා බහුල වශයෙන්…

Read More

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඊයේ (13) ඇප මුදල් තැන්පත් කර තිබේ. ඊයේ (13) පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ජාතික ජන බලවේගය නුවරඑළිය, මහනුවර, පොළොන්නරුව, අම්පාර, වව්නියාව, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ දිනය තුළ සිදුකර ඇත. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ද කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ ද ඊයේ දිනයේ ගම්පහ…

Read More

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීමට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකාබලන ලෙස ඉල්ලමිනි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේද අවධානය යොමුවී ඇති බවය. සෞදියේ ජෙඩා නුවර පැවති එම සංවිධානයේ විශේෂ හමුවකදී ඇෆ්ගනිස්තානයේ මානුෂීය තත්ත්වය සහ සංවර්ධනයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම සහ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම ඉස්ලාමීය නීතියේ අරමුණු හා අල්ලා දෙවියන්ගේ ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය, නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය…

Read More

2023 වර්ෂයේ පාසල් නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබේ. මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදිපිළි තොගය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී ඊයේ (13) සිදු කෙරුණි. සිසුන්ට සෘජුවම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත ය. 2023 පාසල් අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වනවිට දිවයින පුරා රජයේ හා…

Read More

ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2307/12 දරන ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි අනුමැතිය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබුණි. ක්‍රීඩා අයිතම, දුම්රිය අමතර කොටස්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අයිතම ඇතුළු භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය පළකර තිබේ. ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබාදුන් කාරක සභාව පවසා සිටියේ සංචාරක, රූපලාවණ්‍ය වැනි කර්මාන්ත සඳහා අවශ්‍ය නිෂ්පාදන, අදාළ ආයතනවල නිර්දේශ යටතේ ගෙන්වීමට අවසර ලබාදීමට වඩා යෝග්‍ය වන්නේ යම් ඉහළ බද්දක් හෝ අයකරමින් ආනයනයට ඉඩලබා දීම බවය. එසේ නොවනවිට කළු කඩ ව්‍යාපාර බිහිවීම වැළැක්විය නොහැකි බවද කාරක සභාවේදී සාකච්ඡාවට ලක්විය. තවද අංක 2308/51 ගැසට් පත්‍රයේ…

Read More

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ. ඒ, නීල් බණ්ඩාර හපුහින්න මහතා ඊයේ (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. ඒ, කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස කැඳවා තිබුණි. එහිදී ඔහු පවසා ඇත්තේ නිලධාරීන්ට යැවූ අදාළ ලිපියෙන් යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවය. මේ අතර සාකච්ඡාවක් සඳහා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ද අද මැතිවරණ කොමිසම වෙත පැමිණ තිබුණි.

Read More

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනවාරි 19 වනදා එලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.‍ මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් (14) මෙරටට පැමිණෙන බව මීට පෙර වාර්තා විය.

Read More

පසුගිය ජුලි 9 වනදා පැවති ජන අරගලය අතරතුර අරගලකරුවන් බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (13) කැඳවීය. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රකාශ ලබාගෙන නැතැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස එහිදී පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට යළි නියෝග කරනු ලැබීය. මෙහිදී මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, ‘විමර්ශන සිදු කිරීමට අධිකරණ නියෝග…

Read More

රට තුළට ඇතුළුවන සංචාරකයින් හරහා රට තුළ කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු බවය. එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

Read More