Author: LANKA24X7

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබේ. එම ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබුණි. ඒ, ඊයේ (14) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදීය. ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවය.

Read More

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි. මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු ටෙක්ෂාන් ජයසිංහ මහතා දේශපාලන බලපෑමක් මත මඩකලපුව ප්‍රදේශයට මාරු කිරීමට විරෝධය පළ කරමින් මනම්පිටිය පාලම අසල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාවට මනම්පිටිය වැලි සමාගමට අයත් වැලි ටිපර් රථ රියදුරන්, වැලි ගොඩදමන්නන් සහ එහි සේවකයින් පිරිසක් එක් සිටී. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, වත්මන් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා නියෝජනය කරන මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔහුට හිතවත්…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්යේ පළාත් පාලන අයතන සඳහා නාමයෝජනා අත්සන් කිරීමේදී ඊයේ (14) උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. ඒ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා අතරය. අදාළ මතගැටුම හට ගත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට නාමයෝජනා ලබා නොදිම හේතුවෙනි. කේ.ජී පියතිස්ස, “ඔයාගෙන් ඕන නැහැ මට…” ඉඳුනිල් ශාන්ත, “ඔයා ඉල්ලනවා නම් මං ඉල්ලන්නෙත් නැහැ…” කේ.ජී පියතිස්ස, “ඉල්ලලා බලමුකොලමුකෝ… තමුසෙට වැඩිය වියදම් කරලා තියෙනවා පක්ෂෙ ගොඩගන්න…” ඉඳුනිල් ශාන්ත, “තමුසෙ මාධ්‍යයට පේන්න… මොනවද කරලා තියෙන්නෙ…” කේ.ජී පියතිස්ස, “තෝ වගේ හිටියොත් පොහොට්ටුවත් නැති වෙනවා.” මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අදත් සිදුකෙරුණි.

Read More

දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

අනුරාධපුර රෝහලේ ගබඩා කර තිබූ අප ද්‍රව්‍ය තොගයක් වැලදැමීමට ගිය පිරිසිදු කරන ආයතනයක සේවක සේවාකාවන් 28 දෙනකු හදිසියේ රෝගී වි රෝහල්ගත කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. මෙම සේවිකාවන් ඉවත දමන අප ද්‍රව්‍ය වළක් කපා එය වළදැමීමට සූදානම් වෙද්දී මෙසේ ක්ලාන්තගතියක් ඇති වී ඇතැයි ද වාර්තාවේ. සියලු දෙනා මේවන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Read More

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ශ්‍රී රංගා මහතා තේරී පත් වුණි. ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් පැවැත්වුණි. හිටපු සභාපති ජස්වර් උමාර්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත්වී තිබීම නිසා නිල වර්ණ කමිටුව මගින් උමාර් මහතාව ඉවත් කළ අතර ඔහුගේ පාර්ශවයෙන් තරග වැදුණේ ජගත් රෝහණ මහතාය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පාපන්දු ලීග 56ක් ඡන්දය භාවිත කිරීමට නියමිතව තිබුණි. එහිදි මනාප 27ක් ලබාගත් ශ්‍රී රංගා මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්වුණි. ජගත් රෝහණ මහතා ලබාගත්තේ මනාප 24ක් පමණය. මෙම නිලවරණයෙන් පත්වූ නිලධාරි මණ්ඩලය මාස පහක කාල සීමාවක්…

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විදුලිබල මණ්ඩලය ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇති බවය. 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන අතර විභාගය පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය. දිවයින පුරා මධ්‍යස්ථාන 2,200 කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු…

Read More

බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේදී තියුණු ආයුධයකින් පහරදි කාන්තාවක් ඝාතනය කර තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ (13) රාත්‍රියේ සැමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසුවේය. ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි කාන්තාවකි. ඝාතනය සිදුකළ පුද්ගලයා ද එම මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ සිට බිමට පැන ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය කාන්තාවගේ මෘත ශරිරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය අද (14) සිදුකිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

2023 වර්ෂයට අදාළව පාසැල් සිසුන්ට නිල ඇදුම් ලබාදීම මාර්තු මස 20 වනදා ට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට පාසැල් සිසුන්ට වාර්ෂිකව අවශ්‍ය පාසැල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70 සපුරාලීමට චීන රජය එකඟතාව පළකර ඇති බවය. ඊට අදාළ පළමු රෙදි තොගය චීන රජය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීම ඊයේ (13)සිදුකෙරුණි.

Read More

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් වෙනුවෙන් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් මෙලෙස ආරම්භ කර ඇති බව එම කාර්යංශය සඳහන් කළේය. ජපානය, කොරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල හැර වෙනත් රටවල සිටින විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 5,000 ක පාසල් උපකරණ මෙහිදී ලබාදීමට නියමිතය. මීට අමතරව විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 ක කාලයක් නොඉක්මවූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට ද පාසල් උපකරණ ලබාගැනීමේ වැඩසටහන සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී. මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණ වසර 5 නොඉක්මවූ විගමණික ශ්‍රමිකයින් සඳහා රුපියල්…

Read More