Author: LANKA24X7

දින තුනකට ඉහතදී අතුරුදහන් වූ කාන්තාවකගේ මළ සිරුරක් බණ්ඩාරගම මැදගම අලුත්ගම වැවේ පාවෙමින් තිබී දී අද (15) පෙරවරුවේ හමුවූ බව බණ්ඩාරගම පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල හංදිය මෛත්‍රී මාවත පදිංචිව සිටි අමිතා බාලසූරිය නැමැති 60 හැවිරිදි එක්දරු මවකි. රෝගාබාධයකින් පෙළෙන බවත් දින තුනකට පමණ ඉහත දී නිවසින් අතුරුදන් වූ බවට ඊයේ (14) රාත්‍රී පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලීසිය පවසයි. ප්‍රදේශ වාසියෙකු පොලීසියට ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත. මළ සිරුර හමුවන අවස්ථාවේදී කාන්තාවගේ මුහුණු ප්‍රදේශය සතුන් විසින් කා දමා තිබූ බවත් පොලීසිය පවසයි. මළ සිරුර පානදුර මූලික රෝහලේ තැම්පත්කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. බණ්ඩාරගම පොලීසිය…

Read More

තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපතිවරයා අද පෙරවරුවේ යාපනය ශ්‍රී නාගවිහාරය වෙත ගොස් මහා සංඝරත්නය බැහැදැක තිබේ. එහිදී ජනාධිපතිවරයා ආගමික වතාවත්වල ද නිරතවී ආශිර්වාද ලබාගෙන ඇත. පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියෝ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසාමින් පිළිසඳරක නිරතව තිබේ. උන්වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනාවක් ද ජනාධිපතිවරයා වෙත සිදුකර ඇත. “බෞද්ධ හින්දු ආගමික සංසදය” වෙනුවෙන් එහි සභාපති ආචාර්ය එම්. මෝගන් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ගරු ශ්‍රී සෝමසුන්දරම්…

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර තිබේ. පසුගිය දා මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත් මහතාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සොයාගනු ලැබීය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. පසුගිය ජනවාරි 13 වනදා ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ඔහුගේ ද වැඩතහනම් කළේය. සිදුකළ විමර්ශනවලට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාවද පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබීය. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ගේ නිල රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා, නිවසේ රාජකාරි කළ…

Read More

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන “සීතාවක ඔඩිසි” විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කළේය. එම දුම්රිය අද උදෑසන 7ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අතර පස්වරුවේ නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතය. දුම්රිය පළමු ධාවනය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයින් පත්කිරීම අද (15) දිනය තුළ අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබේ. අදාළ පත්කිරීම් තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය. මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 20ක් පමණ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර ඇත. ඇතැම් පක්ෂ බොහෝ දිස්ත්‍රික්කවල සියලුම පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර…

Read More

හින්දු භක්තිකයින් සමරනු ලබන අස්වනු නෙලීමේ උත්සවය හෙවත් තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. ආගමික සහ සංස්කෘතික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන් ද ඉතා වැදගත් උත්සවයක් ලෙස ඔවුන් තෛපොංගල් උත්සවය සලකයි. ගොවිජනතාව වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලබාගත් අස්වනු සඳහා ස්වභාවධර්මයාට කෘතඥතාව පළකරමින් සූර්ය දෙවියන්ට සිය අස්වනු පූජා කිරීම මෙම උත්සවයේදී සිදුකරනු ලබයි. එමෙන්ම තෛපොංගල් උත්සවය සැමරීම සඳහා කඳුකරයේ ජනතාව මෙවර ඉතා උනන්දුවක් දක්වන බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය. මේ අතර තෛපොංගල් උත්සවය වෙනුවෙන් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයේදී ඊයේ සවස සිදු කෙරිණි. ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා සදහන් කර සිටියේ , ගම්පහ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීමත් සමග දිවයිනෙහි පොදුජන පෙරමුණ තරඟ කරන සියලුම පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් බවත් මෙම ආයතන සියල්ලෙහිම ජයග්‍රහණය නියත බවත්ය. මැතිවරණය නොපැවැත්වෙන බවට ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන තත්ත්වයත් , විදුලිබිල සහ බදු වැඩි කිරීම මෙන්ම…

Read More

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි පසුබිමක් නැවත රට තුළ නිර්මාණය නොවනු ඇතැ බවයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා (12) මේ බව පැවැසීය. උත්සවය රාජගිරිය, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. “අපට තියෙන ලොකුම ගැටලුව විනිමය හිඟයයි. මේකට විසඳුමක් විදියට දේශීය මද්‍යසාර අපනයනය ගැන අපි අවධානය යොමු කරමු කියල යෝජනා කළා. දැනට දේශීය මද්‍යසාර ලෝකයේ රටවල් 35කට විතර අපනයනය කරනවා. 2021 වසරේ දී දේශීය මද්‍යසාර…

Read More

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජපානය සමග පැවති සාකච්ඡා මේ වනවිට අවසන්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, චීන EXIM බැංකුව මේ සතිය තුළ සාකච්ඡා පැවැත්වූ බවය. මේ අතර, ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මේ මස 19 වනදා ලංකාවට පැමිණීමට නියමිත බව ද සඳහන් කර ඇත. ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරන බවත් පියවරෙන් පියවර එම කටයුතු ඉදිරියට සිදුකෙරෙන බවත් ඒ අනුව මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. වෘත්තීය සමිති නියෝජිතයන් සමග (13) පස්වරුවේ…

Read More

දින තුනහමාරකට පමණක් ප්‍රමාණවත් නැප්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී තිබේ. මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලයට නැප්තා ලබා නොදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණ ද ඊයේ පස්වරු 6.30ට පමණ නැප්තා මෙට්‍රික් ටොන් 2,300 ක් ලබාදීමට කටයුතු කර තිබුණි. එය ප්‍රමාණවත් වන්නේ දින තුනහමාරකට පමණක් බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවරුන් සඳහන් කළේය. ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ නැප්තා ස්ථිරවම ලබාගැනීමේ වැඩපිළි‍වෙළක් නොමැති වුවහොත් එළැඹෙන 17 වනදායින් පසු කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අක්‍රිය කිරීමට සිදුවන බවය. නැප්තා ලීටරයක පිරිවැය රුපියල් 82ක් වුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට නැප්තා අලෙවි කරන්නේ රුපියල් 164කට බවද වාර්තා වේ.…

Read More