Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙම වසරේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබාගැනීමට නොහැකි වුවහොත් මෙරට ආර්ථික තත්ත්වය යළි බැරෑරුම් ස්ථානයකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. විදේශ කටයුතු අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, අල් ජසීරා ජාත්‍යන්තර නාළිකාවත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ප්‍රශ්නය – අප වටහාගෙන ඇති පරිදි චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය යළි ගෙවීමේ කාලය වසර දෙකකින් පමා කිරීමට තීරණය කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ණය මුදල නිදහස් කිරීම සඳහා එය ප්‍රමාණවත් නැහැ නේද ? ඔබට ඇතැම් විට චීනයෙන් ලබාගෙන ඇති අනෙකුත් ණය සම්බන්ධයෙන්ද…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තේය. ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති…
තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බව යුද හමුදාව පවසයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා මේ බව පැවසීය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවය. මෙම පිරිස යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ ඉංජිනේරු බලකායේ නිලධාරීන්ගෙන් සමන්විතය. මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් දිවයිනෙන් පිටව යාමට නියමිත මෙම කණ්ඩායමට බ්‍රිගේඩියර්වරයෙකුද අනුයුක්ත බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි. තුර්කි තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකරන ඕනෑම අවස්ථාවක දිවයිනෙන් පිටව යාමට එම කණ්ඩායම සූදානම් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසීය. ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැක. 00903124271032 00905344569498 තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයින් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබේ. තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් පිළිබඳ මේ වන විට සොයාබැලීම් සිදුකරන අතර ආපදාවට ලක්වූ ප්‍රදේශයේ සිටි එක් අයෙකු පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව තානාපතිවරිය සඳහන් කළාය. එම ප්‍රදේශයේ සිටි…
ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදී ලියාපදිංචිකරන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පැවසුවේය. එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රදේශ කිහිපයකින් ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම ඉදිරිපත් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගහමරා ගනිමින්, බෙලිකපා ගනිමින් සිදුකරන වත්මන් දේශාපලන ක්‍රමය පිටුදැකීම සඳහා තම පක්ෂය පූර්වාදර්ශයක් සපයමින් ක්‍රියාත්මක කරන බව ද වන්නිලඇත්තන් පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු ආදිවාසි නායකයා, “මම නම් කවදාවත් දේශපාලනයට එන්නවත් ඡන්දය ඉල්ලන්වත් බලාපොරොත්තුවෙන්නේ නැහැ. එහෙත් අපේ රැහේ උගත් තරුණ තරුණියෝ, අද කැළේටම කොටුවෙලා ඉන්න කැමති නැහැ. ඔවුන් සරසවි අධ්‍යාපනයට පවා යොමුවෙලා තියෙනවා. උපාධිධාරින් පවා සිටිනවා. ඒ අයගේ ඉදිරිගමන් මඟට නායකයා විදියට අවහිර කන්න මම කැමති…
දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවය. හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ජනාධිපතිවරයා විසින් පත්කර තිබුණි. එම කමිටු නිර්දේශ මත ව්‍යාපෘති කාර්යාල 32ක් අත්හිටුවීමට තීරණය කර තිබේ. එමෙන්ම ව්‍යාපෘති කාර්යාල 46ක් අවම සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යෑමටත් අදාළ කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන්…
මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්‍යන් මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් මඩකළපුව කල්ලඩි පාලම අසලදී පැවති විරෝධතාවට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය. බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගිය දිනේ සිට මේ දක්වා දෙමළ ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණා. අපගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කතා පැවැත්වීම් සිදු කර කර සිටීම නවතා ඒවා දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමේ කාලය එළැඹ තිබෙනවා. සිංහල පමණක් නීතිය ගෙන ආ අවස්ථාවේ…
මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැනුම් දුන්නේය. අල්ලස් කොමිසම හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රයට අදාළ නඩුව සම්බන්ධයෙන් “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලේඛනයක් වශයෙන් නම් කර තිබූ ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 සැප්තැම්බර් 11…
භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම සිදුකළ නොහැකි බවට විද්‍යාඥයින් පවසනවා. නුමුත් එය තවදුරටත් වලංගු ද ? යන ප්‍රශ්නාර්ථය මේ වන විට මතුවී තිබෙනවා. ඒ, අද අලුයම තුර්කියේ සිදුවූ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භුමිකම්පාවත් සමගයි. නෙදර්ලන්ත ජාතික පර්යේෂකයෙකු වන Frank Hoogerbeets මිට දින කිහිපයකට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 03 වෙනිදා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ අනාවැකියක් පළකර තිබුණා. ” ඉක්මනින් හෝ පසුව මෙම කලාපයේ (දකුණු-මධ්‍යම තුර්කිය, ජෝර්දානය, සිරියාව, ලෙබනනය) ~M 7.5 ක භූමිකම්පාවක් සිදුවනු ඇත,” ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා. නෙදර්ලන්ත ජාතික පර්යේෂක Frank Hoogerbeets විසින් පළකර තිබු අනාවැකිය මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි…
දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු සතුව තිබී මැණික් ගලක් සොයාගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ අදාළ රැදවියා එම මැණික් ගල සිය ඉනෙහි සඟවා ගෙන සිට තිබෙනවා. ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති රැදවියෙක්. එම රැදවියා මීට දින කිහිපයකට පෙර අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. අදාළ මැණික් ගල මේ වනවිට එම රැදවියා ඉදිරියේ මුද්‍රා කර තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී එහි නියමිත තක්සේරුව ලබාගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත දැනුම් දෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. මේ අතර…
