Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රරහාරය පිළිබඳව පැවති නඩුවකින් ලබාදුන් තීන්දුව මගින් ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළිදරව්වී නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව දී තිබෙන්නේ මූලික අයිතිවාසිකම් නඩුවකට අදාළව බවයි ඔහු කියන්නේ. “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කණ්ඩායම් දෙකක් ඉන්නවා. ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් අගමැතිවරයාත් බුද්ධි අංශයේ ප්‍රධානීන්, පොලිස්පති ඇතුළු කණ්ඩායම් ප්‍රහාරය වළක්වා නොගැනීම සඳහා වගකිවයුතු බව අපි දිගින් දිගට ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ නැහැ. මේ නිසා වින්දිතයන්ගේ පාර්ශ්වයෙන් 11දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා.…
පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (15) පිළියන්දල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පැහැරගැනීම සිදුකළ සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකු වන විවාහක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි. සැකකරු විසින් පැහැරගත් තරුණිය සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර, පසුව එය මාස 6කට පමණ පෙර නවතා දමා ඇති බව විමර්ශනවලදී හෙළිව ඇත. ඒ සම්බන්ධයෙන් සැකකරු පැහැරගත් තරුණියට අවස්ථා ගණනාවක දී තර්ජනය කර ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ. කෙසේවෙතත් පැහැරගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විමර්ශන සිදුකරයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ.
දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නව බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකරන බවය. “සේවකයෝ 3,000ක් අලුතින් බඳවා ගන්නවා. දුම්රිය රියදුරන් විශ්‍රාම ගිහින් තියෙන්නේ 9දෙනයි, දීර්ඝ කාලයක් සේවකයෝ බඳවාගෙන නැහැ. සේවකයෝ බඳවාගෙන වැටුප් ගෙවන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින කාර්ය සාධක බළකායේ ඉන්න සේවකයන්ගෙන් 3,000ක් දුම්රියට බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ කරනවා. 410යි මුළු මනින්ම සේවකයෝ විශ්‍රාම ගිහින් තියෙන්නේ. 3,000ක් පමණ බඳවා ගන්නවා. රියදුන් සඳහාත් ඉදිරියට බඳවාගැනිම් කෙරෙනවා.”
රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන තීන්දුව පෙබරවරි මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා” රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකථනය කර නොමැති බැවින් ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර තිබුණි. එම මූලික විරෝධතාවට අදාළ ලිඛිත දේශන අද දෙපාර්ශ්වයේ නීතිඥවරුන්…
පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. ඊයේ (15) රාත්‍රි කාලයේ ගිරිඋල්ල පොලිස් වසමේ උදියාවල ප්‍රදේශයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 41 හා 39 වයසවල පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඉන් එක් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයෙක් බව පොලීසිය පවසයි. මෘත ශරීර දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (16) සිදුකිරීමට නියමිතව ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර වැල්ලම්පිටිය පොලිස් වසමේ ලංසියාවතත් ප්‍රදේශයේදී කාන්තාවක් නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. එසේ මියගොස් ඇත්තේ, 61 හැවිරිදි ලංසියාවත්ත,…
මෙරට මන්ද පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් දැනට වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මහතා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලීමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එම වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේ, අදාළ පෙත්සම කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව පසුගිය මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය. ඒ අනුව පෙත්සමේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමටද කාරක සභාව තීරණය කර තිබේ. එම වාර්තාව ලැබීමෙන් පසු පෙත්සමේ ඉදිරි කටයුතු සිදුකරන බව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේය.…
තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ඊයේ (15) රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 10ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. ඊයේ රාත්‍රි 8.30ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස 10ක පදිංචි පවුල් 12කට අයත් සාමාජිකයන් 47දෙනෙකු අවතැන් වී ඇති බවත් තලවකැලේ පොලීසිය පවසයි. ගින්න හටගන්නා අවස්ථාවේ එම වතු නිවාසවල පදිංචිකරුවන් විශාල පිරිසක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයකට සහභාගි වීමට ගොස් සිටි නිසා ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත. පැතිර යමින් තිබු ගින්න එම වතුයායේම වතු කම්කරුවන් හා තලවකැලේ පොලීසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්වුණි. ගින්නෙන් වතු…
නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද (16) පැවැත්වේ. උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙලිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටවනු ලැබීය. ඒ අනුව එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතය. කෙසේවෙතත් මේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වීමේ සුදානමක් පවතින බවට වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වී…
හොරණ කොළඹ මාර්ගයේ ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි ලී මෝල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර උතුර හොරේතුඩුව ගැමුණු මාවත පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. ලි මෝල් හිමිකරු ඔහුට අයත් මෝටර් රථයෙන් හොරණ පොකුණුවිට දෙස සිට ගෝනපොල දෙසට පැමිණීමේදී අද අළුයම එකත් දෙකත් අතර කාලයේදී කුබුක පන්සල හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියෙන් පැමිණ ඇති පුද්ගලයා මෝටර් රථය පැදවූ ලි මෝල් හිමිකරුට අතින් සංඥාවක් කර මෝටර් රථය නවතා එහි පිටුපස වයරයක් පැටලී ඇදී එන බවට පවසා ඔහු මෝටර් රථයෙන්…
