Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. දකුණු පළාතේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීමත් සිදුනොකළ යුතුය. කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසළකා කටයුතු කළහොත් දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා…
මුදල් ලබාදෙන බව පවසමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී තිබූ පැමිණිලි කිහිපයකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (16) පස්වරුවේ අමර්වීදිය ලොන්ඩ්‍රියාවත්ත ප්‍රදේශයේදී මෙම ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු වශයෙන් කටයුතු කළ වයස අවුරුදු 32ක් වු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයින් දෙදෙනෙකුට ව්‍යාජ සහතික නිකුත් කරමින් වකුගඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක…
සමගි ජන බලවේගයට බලය පවතින ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පදවිශ්‍රීපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, මෙම ආචාරධර්ම කඩ කළහොත් මන්ත්‍රීධුරය අහෝසි වන ලෙස කටයුතු කරන බවය. “අපේ සභාවක් තුළ අපේ මන්ත්‍රීවරු සහ අනෙකුත් මන්ත්‍රීවරු වෙනුවෙන් ආචාර්යධර්ම පද්ධතියක් ගෙන එනවා. ඒ ආචාර්යධර්ම පද්ධතියට දිවුරුම් ප්‍රකාශයක් හරහා හැම අපේක්ෂකයෙක්ම අත්සන් තබනවා. ආචාර්යධර්ම පද්ධතිය කඩ කළොත් මන්ත්‍රීකමත් අහෝසි වෙන තත්ත්වයකට අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ප්‍රධානතම කාරණය තමා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් නෑ. ආය කොන්ත්‍රාත් කිරීමට ඉඩ නෑ. අපේ සභාවක් තුළ කිසිම මන්ත්‍රීවරයෙක් ට දෙන්නේ නෑ. ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක…
ගාලු පාරේ, වැලිගම, කප්පරතොට පාලම ආසන්නයේ දී මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි මවකගේ හා පුතෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මව මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කිරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මව මියගොස් ඇති බව පොලීසිය පවසයි. අදාළ බස් රථයට වැලිගම බස් නැවතුම්පොළෙන් ගොඩවූ පුද්ගලයින් සිව්දෙනෙකු බස් රථයේ කොන්දොස්තර සමග ඇති වු ගැටුමක් දුරදිග යාමෙන් පසු ඔවුන් බස් රථයේ රියදුරුට ද පහර දී ඇත. එම අවස්ථාවේ දී රියදුරු අසුනෙන් ඇදවැටීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු බස් රථය…
පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේදී අද (17) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, උදෑසන 6.30ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය. එහිදී තුවාල ලබා ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බන්ධනාගාර ගතව සිට මීට සතියකට පමණ පෙර පැමිණ ඇති බවය.
සියලු කොටස් එකතු කරගෙන දෙවෙනි අරගලය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ෆොන්සේකා මහතා මෙසේද සඳහන් කළේය. “ජනාධිපතිතුමාට සැලසුමක් නැහැ සුරංගනා කතා කිය කියා ඉන්නවා.ජනවරමකින් මේ ආණ්ඩුව පෙරලනවා. ජන අරගලය ඉදිරියට ගෙනියනවා. නැවතත් අරගලයක් ජනතා විප්ලවයක් ගොඩනඟනවා. දූෂිත පාලනය එළවනවා. අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා ඉවරයි. දූෂිත දේශපාලඥයන් තොර රටක් ගොඩනගනවා. දෙවැනි අරගලයට ශක්තිමත් අඩිතාලමක් හදනවා. සියලු කොටස් එකතු කරගෙන. නොවැටෙන අරගලයක් ගොඩනගනවා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු.”
යාපනයේ, පුවක්කරෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ඇගිල්ලක් කපා රන් මුදුවක් සොරා ගෙන ගොස් ඇති බව වාර්තා වනවා. මඩකලපුවේ පදිංචි පුද්ගලයෙකු යාපනයේ පිහිටි සිය ඥාතිවරයෙකු ගේ නිවසකට පැමිණ සිටියදී එම සිදුවීමට මුහුණ පා ඇති බව සඳහන්. එම පුද්ගලයා සිටි ඥාතිවරයාගේ නිවසට පැමිණි හොරු දෙදෙනෙකු ඔහුගේ අතේ ඇඟිල්ලේ තිබු එක් මුද්දක් ගලවා අනෙක් මුද්ද ගැලවීමට නොහැකි තැන ඇගිල්ල කපා රන් මුදුව පැහැර ගෙන ගොස් ඇති බව සඳහන්. හොරුන් විසින් පැහැර ගන්නා ලද මුදු දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වන බවට පොලීසියට පැමිණිලි කොට තිබේ. සිද්ධිය නිසා තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනු ලබනවා.
13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හරහා රට බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට ගොදුරුවන බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. අදාළ සම්පූර්ණ ලිපිය පහතින්, “උපුටා ගැනීම” ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. ගරු ජනාධිපතිතුමනි, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ ජනතාව රැවටීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදි න්‍යාය පත්‍රයකට ගොදුරු කිරීමේ අනතුර පිළිබඳව මෙම දීර්ඝ ලිපියේ මූලික අරමුණ ඔබ විසින් තෛපොංගල් දිනයේදී යාපනයට ගොස් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම මගින් ඉතා කෙටි කාලයකදී රට…
දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොන්කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබේ. පසුගිය මැයි මස 09 වනදා දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබුණි. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කළේය. පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.…
